Pari (2018) සිංහල උපසිරැසි සමඟින්


Pari (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Pari (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 47 sec)
05-04-2018 at 08:20 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Hindi Movies
Favorites: 18 - Views: 46030



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න අද අරන් ආවේ උණු උණුවේ ආපු අලුත්ම චිත්‍ර‍පටියක්. අද උදේ තමයි මේකේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් උනේ. අද දවසම ගෙදර ඉන්න ලැබුන නිසා මේක කොහොම හරි රෑ වෙද්දි සබ ඉවර කරලා අරන් ආවා. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Prosit Roy විසින්. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Anushka Sharma හා Parambrata Chatterjee රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියේ නිශ්පාදන පිරිවැය දරන්නෙත් Anushka Sharma ගේ Clean Slate Films චිත්‍ර‍පටි නිශ්පාදක ආයතනයයි. කෝටි 18ක් වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය තිරඟත වුනේ 2018 මාර්තු මාසයේදියි. චිත්‍ර‍පටිය කෝටි 40ක බොක්ස් ඔෆිස් ආදයමක් තබන්නටද සමත් වුනා.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් එහෙම මේ චිත්‍ර‍පටිය ගෙතෙන්නේ ඉෆ්රිත් නැමැති යක්ෂ ආත්මයක් වටායි. ඒ ආත්මය ගැන තොරතුරු චිත්‍ර‍පටිය බලද්දි ඔයාලට දැනගන්න පුලුවන්. දැන් කතාව ගැන කිව්වොත් අර්නබ් තමන්ගේ දෙමව්පියන් සමඟින් මංගල යෝජනාවක් බැලිමට ගැණු ළමයෙක්ගේ ගෙදරට යනවා. මේ පිරිස ඒ ගෙදරින් සමු අරන් පාරේ එද්දි අර්න්බ් හා ඔහුගේ දෙමව්පියන් ගමන් ගත්ත වාහනයට එක පාරටම වයසක කාන්තාවක් හැප්පෙනවා. මේ වෙලාවේ වාහනය එලවන්නේ අර්නබ් ගේ පියා. පියාව මේ අනතුර කරපු එකෙන් බේරගන්න ඔවුන් පොලිසියට කට උත්තර දෙනවා මේ කාන්තාව සියදිවි නසාගන්න වාහනයට පැන්නා කියලා. ගම්වැසියන්ගෙන් මේ කාන්තාව ගැන විස්තර එකතු කරද්දිත් ඇය තරමක් අසාමන්‍ය ගතිපැවතුම් තිබ්බ කාන්තාවක් නිසා අර්නබ් කියපු කතාව පොලිසියේ අය පිලිගන්නවා. මේ හැප්පුන කාන්තාවට දුවෙක් ඉන්නවා. ඇය තමයි රුක්සානා (අනුෂ්කා ශර්මා) කියන්නේ. ඇයත් ටිකක් අමුතු ගතිපැවතුම් ඇති තරුණියක්. අර්නබ්ට රුක්සානා ගැන පොඩි අනුකම්පාවකුත් එනවා.. කොහොම හරි රුක්සානාගේ මවගේ අවසන් කටයුතු කරන්න සේරම උදව් කරන්නේ අර්නබ් තමයි.. අර්නබ් රැකියා කටයුතු නිසා කල්කටාවේ තනියම ගෙදරක තමයි වාසය කරන්නේ. දිනක් රෑට අර්නබ්ට ගේ ඇතුලින් සද්දයක් එනවා. ඔහු හොයලා බලද්දි දකිනවා රුක්සානා නැමැති තරුණිය ඔහුව හොයාගෙන නිවසට පැමිණ තිබෙනා බවට... මෙතැනින් එහාට කතාව බලලා දැනගන්න එක ඔයාලට බාරයි. මං මේ කතාවේ උඩින් උඩින් වගේ කිව්වේ. ඉෆ්රිත් යක්ෂ ආත්මයට මේ රුක්සානා එක්ක තියන ගනුදෙනුව මොකක්ද වගේම රුක්සානා ඇයි අර්නබ්ගේ නිවසට රෑ තනියම එක පාරටම ආවේ වගේ දේවල් චිත්‍ර‍පටිය බලලා දැනගන්න පුලුවන් වේවි.

මේ චිත්‍ර‍පටිය ආව ගමන්ම දැක්ක downloadhub කොපියට කලේ. බොහෝ විට හින්දි ෆිල්ම්වල එන හැම කොපියටම සබ් මැච් වෙනවා. කෝකටත් අපි දිලා තියන කොපියම බාගන්නකෝ. එහෙනම් ගිහින් එන්නම් තවත් චිත්‍ර‍පටියක් අරන්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB HD Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB HD Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment