Sonu Ke Titu Ki Sweety (2018) සිංහල උපසිරැසි සමඟින්


Sonu Ke Titu Ki Sweety (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Sonu Ke Titu Ki Sweety (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 12 sec)
05-10-2018 at 08:11 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 4 - Views: 23227



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද නම් මේ අරන් ආවේ බලන්න වටිනම චිත්‍ර‍පටියක්... මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂනය කරන්නේ Luv Ranjan විසින්. ඔහුව හොදින්ම ඔබ හඳුනනවා Pyaar Ka Punchnama 1 හා 2 චිත්‍ර‍පටි බැලුවා නම්. ඒ චිත්‍ර‍පටි දෙක බලලා තියේ නම් අනිවාර්යෙන් මේ චිත්‍ර‍පටිය නරඔන්නත් ඔබ දෙපාරක් හිතන්නේ නැහැ.... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Kartik Aaryan,Nushrat Bharucha හා Sunny Nijar රංඟනයෙන් දායක වෙනවා.

ඔයාගේ හොදම යාළුවාට එක පාරටම ගැණු ළමයෙක් යාළු උනොත් ඔයාට මොනා වේවිද? මං හිතන්නේ කාට කාටත් ඒ අත්දැකිම නම් විදින්න ලැබිලා ඇති. එහෙම උනාම අන්තිමට ඔයාගේ යාළුවාට හැමදේටම වඩා ලොකු වෙන්නේ අර ගැණු ළමයාව. පස්සේ එකෙන් කෙලවෙලා යන්නේ ඔයාටම තමයි...ඉතින් මේ චිත්‍ර‍පටියත් ඒ වගේ සිදුවිමක් අලලා හැදුන එකක්.

ඉතින් චිත්‍ර‍පටිය ගැන කිව්වොත් ටීටූ හා සෝනූ කියන්නේ පොඩි කාලේ ඉදන්ම එකට ඉන්න හොදම යාළුවෝ දෙන්නෙක්. සෝනූ කියන්නේ ගැණු ළමයින්ව කවදාවත් විශ්වාස කරන්නේ නැති කෙනෙක්. ටීටු නිකමට හරි ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තොත් එකේ වැරැද්දක් හොයලා ඒ දෙන්නාව වෙන් කරනවා. මෙහෙම කරන්නේ යාළුවා ගැන ඊරිසියාවෙන් නෙමෙයි. තමන්ගේ යාළුවා ගැණු ළමයෙක් නිසා කරදරේ වැටෙනවා බලන් ඉන්න බැරි කමට. ඔහොම කාලය ගෙවිලා යද්දි තමයි ටීටූට තමන්ගේ ගෙදර අය විවාහ යෝජනාවක් අරන් එන්නේ. එහෙම විවාහ යෝජනාව එක්ක එන ගැණු ළමයාගේ නම තමයි ස්වීටි. ටීටුට ස්වීටව දැක්කාම ආදරයක් ඇති වෙනවා. නමුත් සෝනූට මේ ස්වීටි ගැනත් ලොකු සැකයක් හටගන්නවා. ඒ සැකේ තහවුරු වෙන්න සාක්ෂි කිහිපයකුත් සෝනූට ලැබෙනවා. නමුත් ටීටු ස්වීටිගේ ආදරයෙන් අන්ධ වෙලා මේ දේවල් තේරුම් ගන්නේ නැහැ. එත් හැබැයි හැම පාරම වගේ මේ පාර නම් සෝනූට ලේසියෙන් ටීටුගෙයි ස්වීටිගේ ආදරේ කඩලා දාන්න බැරි වෙනවා මොකද ස්වීටි කියන්නෙත් එසේ මෙසේ කෙල්ලෙක් නෙමෙයි. චිත්‍ර‍පටිය බලද්දි ඒ ගැන දැනගන්න ඔයාලට හම්බවේවි. ඉතින් තමන්ගේ යාළුවාව මේ පාරත් බේරගන්න සෝනූට හැකිවේවිද? නැත්නම් ස්වීටියි ටීටුයි විවාහ වේවිද? මේ දේවල් දැනගන්න වෙන්නේ ඔයාට චිත්‍ර‍පටිය නරඔලා තමයි..

මං මේ චිත්‍ර‍පටියේ සබ් කරන්න තෝරගත්තේ WEB HD පිටපතක්. සමාන්‍ය HD පිටපතකට වඩා මෙහි කොලිටිය ටිකක් වැඩියි. චිත්‍ර‍පටියේ ඇති සිංදු වලින් 3ක්ම සූපර් හිට් උන එවා. ඉතින් හොදම පිටපතකින් අරන් ආවේ එකයි. අපි දිලා තියන කොපියම පුලුවන් නම් ගන්න නැත්නම් අන්තර්ජාලයේ WEB HD කියලා තියන ඕනිම පිටපතක් අරගන්න. වෙනත් පිටපතක් ගත්තා නම් SRT ගොනුව ඇතුලේ HD එකටත් ගැලපෙන සබ් එක දාලා ඇති එකත් එක්ක බලන්න පුලුවන්. එහෙනම් තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවෙනකම් සූභ දවසක්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.3GB WEB HD Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.3GB WEB HD Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment