Next Nuvve (2017) සිංහල උපසිරැසි සමඟින්


Next Nuvve (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Next Nuvve (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
06-04-2018 at 08:22 PM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

Tamil Movies
Favorites: 25 - Views: 47437



Tags:


උපසිරැසි ගැන්වීම: visual



  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





තවත් තෙලෙඟු නිර්මාණයක් අරන් තමයි මේ විදියට ආවේ. චිත්‍ර‍පටියේ නම Next Nuvve මේකේ සිංහල තේරුම තමයි ''ඊලඟට ඔයා'' කියලා. මේ චිත්‍ර‍පටිය තිරඟත උනේ 2017 වසරේ නොවැම්බර් 3 වැනිදා. හොරර් කොමඩි ඝණයට වැටෙන මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Prabhakar විසිනි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Aadi,Vaibhavi,Brahmaji හා Rashmi Gautam රංඟනයෙන් දායක වෙනවා... කතාව ගැන කිව්වොත් එහෙම කිරන් කියන්නේ රුපවාහිනි කතා අධ්‍යක්ෂණය කරන කෙනෙක්... නමුත් මොහු හදන මෙගා කතාවලට හොද ප්‍ර‍තිචාර වලට වඩා එල්ල වෙන්නේ නරක ප්‍ර‍තිචාර තමයි. අඩුම ගානේ මොහුගේ කතාවල රඟපාන්න හොද නළුනිලියෝ තියා සමාන්‍ය අයවත් කැමැති නැහැ... ඒ නිසා මොහුගේ කතාවල ප්‍ර‍ධාන නිලියට රඟපාන්නේ කිරන් ගේම පෙම්වතිය. ඇය තමයි ස්මිතා. කොහොම හරි මේ ටිවි නාට්‍ය කෙරුවාව අන්තිමටම කෙලවෙලා වැටිලා ඉද්දි කිරන්ට ලියමනක් එනවා තමන්ගේ ගමේ පරණ නැදැයෙක්ගෙන්. එකේ තියෙන්නේ කිරන්ගේ නමට ඒ නැදැයා තමන්ගේ මුළු බූදලයම ලියලා මිය ගිහිල්ලා. අතේ සතේ නැතුව හිටිය කිරන් තමන්ගේ පෙම්වතිය එක්ක ගමට යනවා මේ දේපල බලන්න. හැබැයි එතැන තියෙන්නේ ගරාවැටුන ලොකු බංගලාවක්. මුලින් මේ ගෙදර ආසාව අතහැරලා දැම්මාත් පස්සේ කිරනුයි ස්මිතායි හිතනවා මේක හදලා නිවාඩු නිකේතනයක් දාන්න. කොහොම හරි ඒ වැඩේට සල්ලි හොයාගන්නෙත් අමුතු පැලැන් ටිකක් ගහලා.. . කොහොම හරි සල්ලිත් හොයාගෙන මේ නිවාඩු නිකේතනය නැවත හොද විදියට හදලා විවෘත කරලා සතුටින් ගත කරන්න වෙන්නේ ටික දවසයි. මේ නිවාඩු නිකේතනයට ඇවිල්ලා නවතින හැම කෙනෙක්ම පහුවැනිදා වෙද්දි මැරෙන්න ගන්නවා. ඒ මදිවට රෑ ජාමේ මේක කවුදෝ හොල්මන් කරනවා... මේ හොටෙලේ නවාතැන් ගන්න අය මැරෙන්නේ ඇයි...රෑට මේකේ හොල්මන් කරන්නේ කවුද වගේම දැන් මේ සේරම අස්සේ කිරන්ටයි ස්මිතාටයි වෙන කතාව තමයි මේ චිත්‍ර‍පටියෙන් දිඟහැරෙන්නේ... කොමඩි හොරර් චිත්‍ර‍පටි වලට ප්‍රිය කරනවා නම් මේ චිත්‍ර‍පටිය හොද විසදුමක් වේවි....


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
* දමිළ ටොරන්ට් ලබා දෙන අඩවි වල ඩොමෙන් නාම නිතර වෙනස් වන නිසා චිත්‍ර‍පටි ලින්ක් ඇතැම් විට ක්‍රියාත්මක නොවි තිබෙන්නට පුලුවන. එවිට උපසිරැසියේ ඇති නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න..
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD TV V2 පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
720P 1.4GB HD TVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB HD TVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HD TVRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment