Iravukku Aayiram Kangal (2018) සිංහල උපසිරැසි සමඟින්


Iravukku Aayiram Kangal (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Iravukku Aayiram Kangal (2018) සිංහල උපසිරැසි සමඟින් (1 min 24 sec)
06-07-2018 at 09:12 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 45 - Views: 64666



Tags:


උපසිරැසි ගැන්වීම: නවීන් රන්දික පෙරේරා




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණයට ලක්වුණු සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය කළ Iravukku Aayiram Kangal ( රාත්‍රියට ඇස් දහසක් ඇත) නම් චිත්‍රපටයේ සිංහල උපසිරැසි අරගෙන තමයි අද මම ඔයාලා හමුවෙන්න ආවේ.මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Mu. Maran විසිනුයි. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන පලමු චිත්‍රපටය මෙය වනවා.විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය ඔහුගේ මංහල චිත්‍රපටයද කියා විශ්වාස කිරීමට පවා නොහැකි වීමයි, නලු නිලියන් වැඩිය හුරු පුරුදු අය නොවූවත් ඔවුන් පිරිසව විශිෂ්ඨ ලෙස හැසිරවීමට ඔහු සමත් වී තිබෙනවා.විනාඩි 121ක ධාවන කාලයකින් සමන්විත මෙය IMDB චිත්‍රපට දර්ශකයේ ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7.5/10කි.

කුතුහලයට හානියක් නොවෙන්න කතාව ගැන කිව්වොත් භරත් කියන්නේ කෝල් ටැක්සි රියදුරෙක්.ඔහුගේ පෙම්වතිය වන සුසීලා පුද්ගලික රෝහලක හෙදියක් විදිහට සේවය කරන්නියක්.සුසීලා ගේ ජීවිතයට අනතුරක් වෙන්න යන අවස්ථාවකදී ගනේෂ් නම් පුද්ගලයෙක් විසින් ඇයව බේරගන්නවා.වැඩි කල් නොයාම ගනේෂ් මායා හට තමන් හා හාද වන ලෙස පවසමින් ඇයට කරදර කරන්න පටන් ගන්නවා.එක් රාත්‍රියකදී සුසීලා තම පෙම්වතා වන භරත් සමඟින් මුහුදු වෙරලේ සිටින අවස්තාවක සියදිවි හානි කරගැනීමට උත්සහ දරන රූප්ලා නම් කාන්තාවක්ව භරත් විසින් බේරගන්නවා.සියදිවි හානි කරගැනීමට හේතු වූ තතු විමසා බැලූවිට භරත් හට දැනගන්න ලැබෙන්නේ යම් කෙනෙක් විසින් ඇයගේ නිරුවත් ඡායාරූප වගයක් ලබාගෙන ඇයව බ්ලැක්මේල් කරනා බවයි.ඒ බ්ලැක්මේල් කරන කෙනා වෙන කවුරුන් හෝ නොව සුසීලා හට කරදර කරන ගනේෂ් ම බවත් එහිදී සනාථ වෙනවා.ගැහැනු අයට කරන කෙනෙහෙලිකම් වලට හොඳ පාඩමක් ඉගැන්වීමට සිතා භරත් විසින් ගනේෂ් සිටිනා නිවෙස බලා රූපලාගෙන් විස්තර දැනගෙන පිටවෙනවා.ඔහු එහෙ යනවිටත් කවුදෝ ගැහැනු ළමයෙක්ව එහි මරා දමා ඇති බව ඔහුට දකින්න ලැබෙනවා.(ලිපිය නම් ටිකක් විතර අප්සැට් වුනා වගේ,ලිපිය ගැන වැඩිය හිතන්න එපා.)ඊට පස්සේ මොනා වෙන්න ඇතිද කියලා බලලම දැනගන්න.

මෙහෙම කියන්නම්කෝ:
කෝල් ටැක්සි රියදුරෙක්.
එක් මිනීමැරුමක්,
සැකකරුවන් කිහිපදෙනෙක්,
මිනිසුන් රවටනා කණ්ඩායමක්,
තම 50වෙනි නවකතාව රචනා කිරීමට බලා සිටින ලේඛිකාවක්...

චිත්‍රපටයේ මිනීමරුවා කවුද යන්න අනුමාන වත් කල නොහැකි,ඉහල ගණයේ කතාවකින් සමන්විත මෙම චිත්‍රපටය,මේ වසරේ අනිවාර්‍යයෙන්ම නැරඹිය යුතු සුපිරි ගණයේ දමිළ Thriller චිත්‍රපටයක් බව කිව යුතුමය.එහෙනම් මම ගියා.ඔබට සුභ දවසක්!



zoom.lk අපේ වෙබ් අඩවියේ Facebook රසික පිටුව කිපදෙනෙකුගේ පැමිණිලි මත ෆේස්බුක් අඩවියෙන් ඉවත් කර තිබෙනවා. නැවත ඒ පිටුව ලබා ගැනිමට හැකි වේවිද කියන එක තවමත් ස්ථිරව කියන්න බැහැ. ඒ නිසා පහත ලින්ක් එකෙන් ගිහින් ලයික් එකක් දාලා අපේ ෆෑන් පේජ් එකත් එක්ක නැවත එක් වෙන් කියන මතක් කිරීමත් කරනවා.
https://www.facebook.com/zoomwebsite/



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD PROPER පිටපත් සදහා ගැලපේ.

Due to copyright issues, we do not provide any Tamil torrent links.

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නවීන් රන්දික පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment