Mara (2018) සිංහල උපසිරැසි සමඟින්


Mara (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mara (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 32 sec)
09-22-2018 at 11:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 21 - Views: 34564



Tags:


උපසිරැසි ගැන්වීම: චාමික දිල්හාර




  1. Most Popular Subtitles of this Contributor

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ ලඟදි ලංකාවේ චිත්‍ර‍පටියක් වෙන ඝරසරප ෆිල්ම් එක බැලුවා නම් ඒකත් එක්ක කලුකුමාරය ගැනත් කතාබහක් ඇති වෙලා තියෙනවා . ඒ ෆිල්ම් එකේ එක තැනකදි, කලුකුමාරය කියනවා, මුහුදු හතක් එහා යන්න බෑ, ඒ පලාත් වලට වෙනම බලගතු යක්කු ඉන්නවා කියල . ඒ කියන්නෙ වැඩ කිඩ දාන්න පුලුවන් තමන්ගෙ වැයික්කියේ විතරයි .එහෙනං මේ විදිහෙ කලුකුමාර ටයිප් යක්කු අනික් රටවල් වලත් ඉන්න ඕනෙනෙ. ඉතිං හොයල බැලුවම එහෙම ඉන්නව තමා...මොකද අද මේ අරන් ආපු චිත්‍ර‍පටියෙත් ඉන්නේ ඒ වගේ යකෙක් තමයි.....කොහොම හරි මේ අතරින් බටහිර රටවල් වල සහ යුරෝපයේ ජනප්‍රිය යකාට කියන්නෙ ඉන්ක්‍යුබස් කියල (incubus ). මූගෙ ක්‍රියා කලාපයත් කලුකුමාරයට තරමක් සමානයි. හැබැයි ගැහැණු බය කිරීම, වසඟ කර ගැනීමෙන් එහාට ගිහින් ගැබ් ගැන්වීම වගේ ඒවත් මේ යකාට පුලුවන්ලු. හැබැයි ඌ යකෙක් නිසා ඌට නියම මිනිස් ශරීරයක් නැති නිසා, ශුක්‍රාණුත් නෑනෙ . ඉතිං කොහොමද ගැබ් ගන්නෙ ? මෙතෙන්දි මූ මුලින්ම ගැහැණු වෙසක් අරගෙන පිරිමි කෙනෙක් එක්ක ඉඳලා එයාගෙන් ශුක්‍රාණු ලබාගෙන , ඉන්පස්සේ නැවත පිරිමි වේශයක් මවාගෙන තමා ගැහැණියක් ගැබ් ගන්නන්නෙ. එතකොට ඇත්තටම ඉපදෙන ළමයා මනුස්සයෙක් උනත් එයා අසාමාන්‍ය කෙනෙක් වෙනවලු යකෙක් මැදිහත් වෙලා නිසා. ඉන්ක්‍යුබස් යක්ෂයට සමාන උන් ලෝකෙ පුරා එක එක විදිහෙ ආකාර වලින් ඉන්නව කියලයි කියන්නෙ .

* ටැන්සානියාවේ මේ වගේ කලුකුමාර ටයිප් යකාට කියන්නෙ පොපො බාවා කියල (Popo Bawa) ඒකෙ අර්ථය වවුල් තටුව කියන එක. මූ එනකොට වවුල් තටුවක් වගේ හෙවණැල්ලක් වැටෙන නිසාලු ඒ නම. මූ සාමාන්‍යයෙන් දොර මුල්ලේ හැංගිලා ඉඳලා පිරිමි අයට තමා පහර දෙන්නෙ.

* චීලී රටේ කලුකුමාරයගෙ අඩුව පුරවන්නෙ, ට්‍රවුකෝ ( Trauco) කියල කැත යක්ස පෙනුමක් තියෙන වාමනයෙක්. මෙයා රෑට ඇවිදින් තරුණ ගැහැණු අයට අතවර කරනවලු, ඉතිං අනවශ්‍ය ගැබ් ගැනීම් වලට හේතුව විදිහට මූව දැක්වෙනව.

* ඉකවදෝරයේ මේ වැඩේම කරන යකාගෙ නම ටින්ටින්. (Tintin) හැබැයි ඌ ගැහැණියක් තමන්ගෙ වසඟෙට ගන්නෙ, නිදාගෙන ඉන්න කාමරේ එලියෙ ඉඳලා ගිටාර් එකක් වාදනය කරලලු! (ඉක්වදෝරය යටත් විජිතයක්ව පැවති කාලෙ ගෙවල් වලින් එලියටවත් නොබැස්ස ගැහැණු ගැබ් ගන්න එකේ වගකීම පැවරුනේ මේ ටින්ටින් කියන යකාට උනත් , ඇත්තටම ඒකට වගකියන්න ඕනෙ පවුලේම ලේ නෑයන් වන පිරිමි අය කියලයි මේ ගැන හොයල බලපු අය කියන්නෙ )

*හංගේරියාවේ මේ චරිතය රඟදක්වනු ලබන්නෙ, ලිඩර්ක් (liderc) කියන සාතන්ට පක්ෂපාති යකායි. ඌ ගිනි ගෙන ඇවිලෙන කුරුල්ලෙක් විදිහට රෑට පියඹා යන අතර පොලොව මතුපිටට ඇවිදින් , ඔබේ කලකට පෙර මියගිය ආදරණීයයෙකුගේ වේශයක් ගන්නවලු.

* බ්‍රසීලයේ ඇමේසන් ගංඟාවේ ජීවත් වෙන ඩොල්ෆින් මාලු දවල් කාලෙට මාලු වේශයෙන් හිටියට, රෑට කඩවසම් පිරිමින්ගේ වේශයක් ගෙන ගැහැණුන් වරදෙහි පටලවා ගන්න බවයි කියන්නෙ . මේ විදිහට වෙනස් වෙන උන්ට කියන්නෙ බෝටො (Boto) කියලයි. ඇමේසන් නදිය අසබඩ සිදුවෙන ගැහැණුන් අතුරුදන් වීම් වලට සහ අනවශ්‍ය /"අත්භූත" ගැබ් ගැනීම් වලට හේතුවත් මුන් කියල තමා විස්වාසය . මේ විදිහට රෑට කඩවසම් තරුණයෙක් විදිහට රූපාන්තරණය වුනත්, හුස්ම ගැනීමට ඩොල්ෆින්ලගෙ තියෙන සිදුර නැති නොවි අදාළ පුද්ගලයගෙ හිසේ එහෙම්ම ඉතුරු වෙන නිසා, මේ අය නිරන්තරයෙන් හිස් වැසුමක් පලඳිනවලු ඒක වැහෙන්න.

*දකුණු අප්‍රිකාව නියෝජනය කරන මේ වර්ගයේ එකාත් Boto ට ටිකක් සමානයි. ඌව හඳුන්වන්නෙ ටොකොලොෂ් කියල (Tokolosh) . ටොකොලොෂ් කියන්නෙ ජලය ඇසුරේ ඉන්න වාමනයෙක්. වතුර බිව්වම අදෘශ්‍යමාන වෙන්න පුලුවන් ලු මූට...

***එතකොට අපේ මේ චිත්‍ර‍පටියට අදාල වෙන කෙනාව අයිති වෙන්නේ. ස්වීඩනයේ ජනශ්‍රැතියටයි. ඒ අනුව හමුවෙන මේ ජාතියෙ යකාගෙ නම මාරෙ( හෝ මාර?) (mara/mare) කොල පාට පුංචි වාමනයෙක් වගේ පෙනුමක් තියෙන මූ රෑට ඇවිදින් නිදන් ඉන්න අයගේ පපුව මත වාඩිවෙනවලු. එතකොට බයානක හීන පේනවලු . පපුව මත බර යමක් තියෙන බව දැනුනත්, නිදන් ඉන්න කෙනාට නැගිටගන්නත් බැරුව නිකං ගල්ගැහිල යනවලු.

හැම රටකම වගේ ඉන්න එකේ, ඉන්දියාවෙත් ඉන්න එපෑ ඔහොම එකෙක්... ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ තියෙන කතාවකට අනුව, ඒ යකාගෙ නම පෝරි (Pori) මු හැබැයි වැඩිපුර ඇටෑක් කරන්නෙ පිරිමින්ටලු. නරක හීන පෙන්නලා දුර්වල කරල දාන එකලු වෙන්නෙ .ඉන්ක්‍යුබස් කියන පොදු යකාව තුර්කියේදි හඳුනා ගන්නේ කරබසාන් කියලයි (Karabasan) හැසිරීම අතින් මූ සමාන වෙන්නෙ ස්වීඩනයේ එකාට. ඒ කියන්නෙ මූ ආවම පපුවට ලොකු බරක් වගේ දැනන අතර නැගිටගන්නත් බැරි වෙනවලු ...ඉතිං අපිට කලුකුමාරය ඉන්නව වගේ ලෝකෙ පුරාවටම එක එක රටවල් වලට ආවේණික ඒ ජාතියෙ යක්කු ඉන්න බවයි පේන්නෙ...


(From Wikipedia.)
සිංහල පරිවර්තික උපුටා ගැනිම
දුටුනෙතෙ


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 850MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment