Echarikkai Idhu Manithargal Nadamadum Idam (2018) සිංහල උපසිරැසි සමඟින්


Echarikkai Idhu Manithargal Nadamadum Idam (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Echarikkai Idhu Manithargal Nadamadum Idam (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 09 sec)
09-26-2018 at 09:09 AM
Uploaded by HEDZ

Rating: 3 after 2 votes

Tamil Movies
Favorites: 23 - Views: 28147



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න තවත් චිත්‍රපටයක් අරගෙන මම ආවා.චිත්‍රපටයේ නමත් ටිකක් අමුතු විදිහක එකක්.Echcharikkai – Idhu Manidhargal Nadamaadum Idam (අවවාදයයි! මිනිස්සුන්ගෙන් ප්‍රවේශම් වන්න.) මේ චිත්‍රපටය රචනා කරනවා වගේම අධ්‍යක්ෂණය කරන්නෙත් Sarjun KM කියන නවක අධ්‍යක්ෂකවරයායි. අපරාධ හා ත්‍රාසජනක කාණ්ඩ ඔස්සේ වර්ගීකරණය වූ මෙම චිත්‍රපටය ඔහුගේ මංගල චිත්‍රපටය වනවා සේම ඔහුගේ උත්සහය අගය කල යුතුමය.රංගනයෙන් ප්‍රවීන නලු Sathyaraj සමග Varalaxmi Sarathkumar,Kishore,Vivek Rajgopal එක් වී තිබෙනවා.

කතාව:
ගැටවර වියේ ඉන්න තරුණ කොල්ලෙක් අනික් කොල්ලො කුරුට්ටෝ එක්කලා තරගෙට සරුංගල් අරිනවා.මේ කොල්ලගෙ නම ඩේවිඩ්.ඔහොම ඉන්නකොට අවුරුදු අටක විතර පොඩි කොල්ලෙක් දුවන් ඇවිල්ලා මේ ඩේවිඩ් කියන කොල්ලට කතා කරනවා,බැලින්නම් හදිසියක් වගේ නිසා පනිවිඩේ ආපු ගමන් ඩේවිඩ් මේ පොඩි කොල්ලා එක්ක දුවගෙන යනවා.ගෙදර ගිහින් බලද්දී කවුදෝ ගෑනු කෙනෙක්ව එයාගෙ මහත්තයාම පිහියකින් ඇනලා මරලා දාලා.සම්බන්දතා අතින් ගත්තොත් ඒ මරලා දාලා තියෙන්නෙ ඩේවිඩ් ගේ අක්කව.එතකොට අර පොඩි කොල්ලට ඩේවිඩ් වෙන්නෙ මාමා.නිකරුණේ තමන්ගෙ අක්කව මරල දැම්ම කේන්තියට පිහිපාරක් ඇනලා අක්කගෙ මහත්තයවත් අක්කා ගිය දිහාවටම යවන්න ඔහු දෙවරක් සිතන්නෙ නෑ.මේ සිද්දියෙන් පස්සේ අර අට හැවිරිදි පොඩි කොල්ලා තෝමස් තනි වෙන අතර වසර 15කට ඩේවිඩි සිරගත වෙනවා.සිර දඩුවම් විද අවුරුදු 15කට පස්සේ වෙනස්ම පුද්ගලයෙක්ව බවට පත්වී (Ezel හෝ වෙස් වගෙ නෙවේ ඕං 😂) යලි තෝමස් සොයා එනකොට ඔහුට දැනගන්න ලැබෙන්නෙ කවුරුවත් නැතිව හුදෙකලා වූ පොඩි කොල්ලා දැන් නමගිය බයික් හොරෙක් වී ඇති බවයි.සුලු සුලු මගඩි වලින් ඈත් වෙලා දෙන්නටම ගොඩ යන්නෙ පුලුවන් විදිහේ සැලැස්මක් තෝමසුයි ඩේවිඩුයි දෙන්න හදනවා.ඒ සල්ලිකාර පවුලක කෙල්ලෙක් වන ශ්වේතව පැහැරගෙන කප්පම් ගන්න.මේ කෙල්ලව තෝරලා ගේන්නෙත් තෝමස් ම තමයි.මේ කෙල්ලගේ පැහැරගැනීමෙ සිද්දිය රහසිගත ලෙස විසදීම සදහා එම ගැහැනු ලමයගෙ තාත්තා විසින් බාර දෙන්නෙත් විශ්‍රාම ගිය පොලිස් නිලදාරියෙක් වන නටරාජ්(සත්‍යරාජ්) ටයි.මේ පැහැරගන්න වැඩේට තෝමස් විසින් ශ්වේතවම තෝරගන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද? පැහැරගැනිම සාර්ථක වෙයිද? සාම්ප්‍රදායික පැහැරගැනීම් කතා තේමාවේ වගේම නටරාජ් මේ හොරු ටික අල්ලගනිවිද? නොසිතන විදිහේ සිදුවීම් දාමයක් කැටි කරගත් ත්‍රාසජනක චිත්‍රපටයකට කැමති අයට බලන්න ආරාධනා කර සිටිනවා.

නමේම තියෙන විදිහට චිත්‍රපටයෙන් දෙන උපදෙස තමයි මුදල් මත තීරණය වෙන ලෝකයේ මිනිසුන්ව කිසිවෙටකත් විශ්වාස නොකරන්න කියන එකයි.තව විදිහකට කිව්වොත් "කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල" වගේ තමයි.

~ Karma is a bitch! ~


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment