Saamy² (2018) සිංහල උපසිරැසි සමඟින්


Saamy² (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Saamy² (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 18 sec)
10-28-2018 at 09:56 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 12 - Views: 40891



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අද අරන් ආවේ කට්ටිය බොහෝම ආසාවෙන් බලන් හිටපු චිත්‍ර‍පටියක් ගැන... සාමී චිත්‍ර‍පටි මාලාවේ දෙවැන්න... මේකේ පළමු චිත්‍ර‍පටිය නිකුත් උනේ 2003 වසරේ .. දැන් කට්ටිය හිතනවා ඇති පලවෙනි එකට බලලා නැත්නම් මේක බලන්නේ කොහොමද කියලා... පළමු චිත්‍ර‍පටිය නිකුත් වෙලා අවුරුදු 15කට පස්සේ දෙවැනි ෆිල්ම් එක ආපු නිසාම පළවෙනි චිත්‍ර‍පටියේ සිදුවුන දේ ගැන තමයි මේ චිත්‍ර‍පටියේ මුල් විනාඩි කිහිපයේ යන්නේ.. ඉතින් පළමු එක බැලුවේ නැහැ කියලා ලොකු අවුලක් වෙන්නේ නැහැ... මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ දමිළ සිනමාවේ ඇක්ෂන් චිත්‍ර‍පටි වලටම ප්‍ර‍සිද්ධ Harikrishnan විසින්. සිංඟම් චිත්‍ර‍පටි මාලාවත් මේ අධ්‍යක්ෂකගේම තමයි... මිට අමතරව Poojai,Aaru,Venghai වගේ ප්‍ර‍සිද්ධ ක්‍රියාදම චිත්‍ර‍පටිත් මොහුගේම අධ්‍යක්ෂණයක් තමයි....

සාමි 2 චිත්‍ර‍පටියේ මෙවරත් රංඟනයෙන් දායක වෙන්නේ දමිළ සිනමාවේ කඩවසම්ම නළුවා වෙන Vikram විසින්. අවුරුදු 15කට පස්සේ දෙවැනි චිත්‍ර‍පටිය ආවත් පළමු චිත්‍ර‍පටියේ ආව කාලේම වගේ පෙනුමක් තාමත් ඔහු සතු වෙනවා. මිට අමතරව Bobby Simha,Keerthy Suresh, Aishwarya Rajesh මෙහි සෙසු චරිත රංඟනයෙන් දායක වෙනවා... චිත්‍ර‍පටිය ගැන කිව්වොත් පළමු චිත්‍ර‍පටියේ වෙන සිදුවිම් වලින් වසර 28කට පස්සේ වෙන සිදුවිමක් වටා තමයි මේ චිත්‍ර‍පටිය ගෙතෙන්නේ...කතාව කියන්න ගියොත් නම් චිත්‍ර‍පටියේ මුල් ටිකම මං spoiler කලා වෙනවා... මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන දුෂ්ටයා ඉන්නේ ශ්‍රිලංකාවේ කොළඔ නඟරයේ... චිත්‍ර‍පටියෙත් ලංකාව ගැන කිහිප තැනකම සදහන් වෙන අතර කිප තැනකම ලංකාවේ වගේ වෙන්න ඉන්දියාවේ පටිගත කරපු පෙන්වන දර්ශන කිහිපයකුත් යනවා. කොහොම හරි හොද ඇක්ෂන් චිත්‍ර‍පටියක් හොයනවා නම් අරන් බලන්න කියලා ආරාධනා කරනවා. කොහොමත් වික්‍ර‍ම්ට ආදරය කරන අය මේ චිත්‍ර‍පටිය දැක්ක ගමන්ම අරන් බලන බව දන්නවා... එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙනතුරු සමුගන්නවා. දමිළ චිත්‍ර‍පටි ටොරන්ට් නිකුත් කිරිමට අවසර නැති බැවින්... උපසිරැසි ලබාගැනිමට යටින් දක්වා ඇති බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් ලබා දි ඇති උපසිරැසියට ගැලපෙනම පිටපත ලබාගන්න



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment