The Equalizer 2 (2018) සිංහල උපසිරැසි සමඟින්


The Equalizer 2 (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Equalizer 2 (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 10 sec)
11-19-2018 at 12:00 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 10 - Views: 30055



Tags:


උපසිරැසි ගැන්වීම: කලනි ලක්ශානි




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Equalizer 2 චිත්‍ර‍පටිය (Action,Crime,Thriller) ඝන වලට අයත් වන බලන්නම වටින නියම චිත්‍ර‍පටියක් කිව්වොත් හරි. මේ චිත්‍ර‍පටිය IMDB අගය 6.9 ලබා ගන්නටත් සමත් වෙලා තියෙනවා. මෙය තිරගත වෙලා තියෙන්නේ 2018 ජූලි 20. මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ Antoine Fuqua විසින්, ඒ වගේම ප්‍ර‍ධාන චරිතයට පන පොවන්නේ Denzel Washington විසින් ඊට අමතරව Pedro Pascal, Ashton Sanders යන අයත් රංගනයෙන් දායක වෙනවා.

Equalizer 2 තිරගත වෙන්න කලින් Equalizer කියන මෙහි 1 වන චිත්‍ර‍පටිය 2014 වසරේදී තිරගත වෙලා තියෙනවා. Equalizer 1 ඉහළ ප්‍රෙක්ෂක ලබා ගත් අතර Equalizer 1 නරඹා නොමැති වුවත් Equalizer 2 නැරඹීම ගැටලුවක් නෙවෙයි. මං හිතන්නේ ඔයාලට කතාව පහසුවෙන්ම තේරුම් ගන්න පුලුවන් වෙයි. මේ චිත්‍ර‍පටිය ගැන කිව්වොත් ප්‍ර‍ධාන චරිතය වෙන්නේ රොබට් මැකෝල් .ඔහු හිටපු FBI රහස් නියෝජිතයෙක්. මේ කතාවෙදි කුලී රථ රියදුරෙක් විදියට මැකෝල් පාඩුවේ ජීවත් වෙනවා. පොත් කියවන එක තමයි මෙයාගෙ හොදම විනෝදාංශෙ. එයා පොත් ගන්න යන කඩේ අයිතිකාරියගේ දුවව එයාගෙ සැමියා විසින්ම පැහැර ගෙන යනවා. ඔහු රුසියන් පාතාල කල්ලියක නායකයෙක්. මේ ළමයව මේ පාතාල කල්ලියෙන් බේර ගන්න මැදිහත් වෙන්නෙ මැකෝල්. Equalizer 2 පටන් ගන්නේ මෙතනින්. මේ සිදුවීම Equalizer 1 ට සම්බන්ධ සිදුවීමක් උනත් Equalizer 2 ගෙතෙන්නේ වෙනත් සිදුවීමක් වටායි. මැකෝල්ගෙ හොදම මිතුරියක් වන සූසන් කියන ආරක්ෂක බුද්ධි අංශ නිලධාරිනිය මැකෝල් මුන ගැසීමට නිතර යන එනවා. ඔය අතරෙදි සූසන් යම්කිසි ඝාතනයක් ගැන විමර්ශනය කරමින් ඉන්නේ. ඔය අතරෙදි සූසන්වත් කවුරුන් විසින් හෝ මරා දමනවා. සූසන්ගේ අභිරහස් මරණය මංකොල්ලකෑමක් නිසා සිදුවූවක් බව කියමින් යට ගහන්න හැදුවත් මැකෝල් මේ ගැන හොයනවා. ඇත්තටම සූසන්ව ඝාතනය කලේ කවුද? ඝාතනය කිරීමට හේතුව මොකක්ද? ඔන්න දැන් තමයි කතාවේ හොදම ටික පටන් ගන්නේ. ඉතින් ඕගොල්ලොම මේ චිත්‍ර‍පටිය නරඹලා හොද නරක කියන්න. උපසිරැසියෙ වැරදි අඩුපාඩු පෙන්නලා දෙන්න මගේ අම්මාත් මේ පාර මට උදව් කලා.. ඒ වගේම මේක මගේ දෙවෙනි සබ් එක,වැරදි අඩු පාඩු තියෙන්න පුලුවන්. ඒවාට සමාවෙන්න කියලා කියනවා ඉතිං. හොදයි එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් ඉදිරියේදි හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 1GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කලනි ලක්ශානි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment