Hello Guru Prema Kosame (2018) සිංහල උපසිරැසි සමඟින්


Hello Guru Prema Kosame (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Hello Guru Prema Kosame (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 28 sec)
11-26-2018 at 02:48 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 10 - Views: 36493



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





තවත් සුපිරි තෙලෙඟු නිර්මාණයක් තමයි අද මේ අරන් ආවේ. මේක නිකුත් උනේ 2018 වසරේ ඔක්තොම්බර් 18 වැනිදා. විනාඩි 145 පුරාවට දිවෙන මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට Ram Pothineni රංඟනයෙන් දායක වන අතර Premam මලයාලම් චිත්‍ර‍පටියෙන් කවුරුත් හඳුනාගත් Anupama Parameswaran මෙහි ප්‍ර‍ධාන නිලියගේ චරිතයට රංඟනයෙන් දායක වෙනවා. මිට අමතරව Pranitha Subhash හා Prakash Raj ද මේ චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වෙනවා... චිත්‍ර‍පටිය ගැන කිව්වොත් සංජු කියන්නේ කාකින්ඩා කියන ගමේ ජිවත්වෙන තරුණයෙක්.. තමන්ගේ වයසේ හැමෝම අය රැකියා සදහා හයිද්‍රාබාද් යන්න පිටත් උනත් සංජු නම් කැමැති ගෙදරට වෙලා ඉන්න. හැබැයි සංජු දැනගන්නවා තමන්ගේ දෙමව්පියනුත් කැමැතියි කියලා තමන් හයිද්‍රාබාද් ගිහින් රැකියාවක් කරනවාට. ඉතින් ඔහු රැකියාවක් කරන්න හයිද්‍රාබාද් වලට පිටත්වෙනවා. සංජුගේ තාත්තා තමන්ගේ හයිද්‍රාබාද් වල ඉන්න යාළුවෙක්ගේ නිවසක් ලැස්ති කරලා දෙනවා ගිහින් නවතින්න. ඉතින් සංජු හයිද්‍රාබාද් වලට යන්න දුම්රියට ගොඩ වෙනවා. මේ දුම්රිය ගමනේදි තමයි ඔහුට අනු කියන ගැණු ළමයාව හම්බවෙන්නේ. හැබැයි මේ දෙන්නා දුම්රියේදි පොඩි රණ්ඩුවක් වෙනවා එක සිදුවිමක් නිසා. කොහොම හරි දුම්රිය හයිද්‍රාබාද් වලට පැමිණෙනවා. සංජු යනවා තමන්ගේ තාත්තා කියපු යාළුවාගේ ගෙදර හොයාගෙන. එතකොට තමයි දැනගන්නේ අර තමුන් දුම්රියේදි අවුලක් දාගත්ත ගැණු ළමයාගේ තාත්තාගේ ගෙදරට තමයි මොහු පදිංචියට යන්නේ කියලා. එතැනින් එහාට කතාව ඔයාලට බලන්න බාර කරමින් මං සමුගන්නවා. තෙලෙඟු ලස්සන රොමැන්ටික් චිත්‍ර‍පටියක් බලන්න ප්‍රිය කරනවා නම් මේ චිත්‍ර‍පටිය ඒකට හොද විසඳුමක් වේවි...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment