Soorma (2018) සිංහල උපසිරැසි සමඟින්


Soorma (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Soorma (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 24 sec)
12-06-2018 at 07:12 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 5 - Views: 17815



Tags:


උපසිරැසි ගැන්වීම: ශාන් බණ්ඩාර




  1. Most Popular Subtitles of this Contributor


    He is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





හායි..! කොහොමද යළුවනේ. මේ මගේ පළවෙනි උපසිරැසිය. හරි එහෙනම් ඉතින් මම ඔයාලට අරගෙන ආවේ හින්දි ෆිල්ම් එකක්. මේක මිනිත්තු 131 පුරාවට ධාවනය වන IMDb අගය 7.5 වගේ අගයක් ගත්තු කිසිම කම්මැලි කමක් නැතුව බලන්න් පුළුවන් සුපිරි ෆිලුමක්. මේකේ ප්‍රධාන චරිතෙ විදියට "Diljit Dosanjh"රංඟනයෙන් දායක වෙනවා,ඒවගේම Taapsee Pannu ,Angad Bedi යන නළු නිලියන් ද මේ චිත්‍ර‍පටියේ රංඟනයෙන් දායක වෙනවා.මේ සළුරුවඅධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අධ්‍යක්ෂක Shaad Ali මහතා....ඒ වගේම 2018 ජුලි 13 වෙනිදා නිකුත්වුනු මේ ෆිල්ම් එක Sony Pictures හා Columbia Pictures යන සමාගම් මගින් බෙදා හරිනු ලැබුවා.

චිත්‍රපටය ගැන කියනවානම් මේක Drama/Sport කියන ගනයට අයිති වෙන ෆිල්ම් එකක්. ඉන්දීයාවේ සන්දීප් සිං කියන ලොව ප්‍රබලවත් හොකී ක්‍රිඩකයෙකු වටා තමා කතාව ගොඩ නැගිලා තියෙන්නේ. එහෙම කිවට මේක කිසි අඩුවක් නැතිව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. මේක ෆිල්ම් එක කෙටියෙන්ම කියනවනම් සන්දීප් කියන මේ හොකී තරුව කුඩා කාලයේදීම තම ක්‍රිඩාව අත හැර, තරුණවියේදී නැවතත් තම ආදරය වෙනුවෙන් හොකී පිටියට පැමිණ..අවසානයේදී හදවතින්ම තම රට වෙනුවෙන් සෙල්ලම් කිරීමක් ගැන තමා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවට එන්න සන්දීප්ට නොයෙකුත් කරදර වෙනවා. මෙයාට ඇවිදගන්න බැරිවෙන්න අනතුරකුත් වෙනවා. හරි මම මෙතනින් එහාට මුකුත් කියන්නෑ. මේකේ මොකද වෙන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක බාලම බලන්නකෝ... මේකෙ තව ලස්සන සින්දු තුනකුත් තියනවා.... ආ තව දෙයක් කියන්න ඕනේ මේක හොකී ක්‍රිඩාව ගැන තියෙන හින්දා මේකෙ බාවිතා වෙන වචන ටිකක් පුරුදු මදි වගේ දැනෙයි. මොකද අපේ රටේ හොකී ක්‍රිඩාව එච්චරටම ප්‍රසිද්ද නැති හින්දා. ඒත් ඉතින් දන්න අයත් ඇති.මමත් හොකී ක්‍රිඩාව ගැන මුකුත්ම දැනගෙන හිටියේ නෑ. හැබැයි දන්නැති අයට තේරුම් ගන්න පුළුවන් වෙන්න මම ඒ සමහරක් වචන යටින් තේරුම දාලා තියෙනවා. මේ හැම විස්ථර කිරීමක්ම මම විකිපිඩියා එකේ තියෙන ඒවා.ඉතින් මටත් ගොඩක් හොයාගන්න පුළුවන් වුනු ඒවගේ තේරුම් තමා දාලා තියෙන්නේ... ඒත්කි සිම අවුලක් නෑ..ෆිල්ම් එකේ රස වින්දනයටකිසිම බාධාවක් වෙන්නෑ. මොකද මම දාලා නැත්තේ වචන දෙක තුනක තේරුම විතරයි. හරි එහෙනම් තවත් ලස්සන ෆිල්ම එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමු ගන්නම්. එතකන් ඕගොල්ලෝ හැමෝටම ජය වේවා....!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ශාන් බණ්ඩාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment