Thugs of Hindostan (2018) සිංහල උපසිරැසි සමඟින්


Thugs of Hindostan (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Thugs of Hindostan (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 51 sec)
01-06-2019 at 10:29 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 21 - Views: 24472



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]




මේ වසරේ අති දැවැන්ත වියදමක් දරා නිම කරපු චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් ආවේ. මේ චිත්‍ර‍පටිය තිරඟත වෙන්න ආරම්භ කලේ නොවැම්බර් මස අටවැනිදා... අම්ර් ඛාන් රංඟනයෙන් දායක වෙන චිත්‍ර‍පටි වල සමාන්‍යයෙන් හොද පිටපතක් එන්න කාලයක් යනවා. නමුත් මේක වෙලාසනින්ම අන්තර්ජාලයට එකතු වෙන්න හේතුවක් තමයි මේ චිත්‍ර‍පටිය හිතුව තරම් සාර්ථක නොවිම.. කෝටි 300කට අධික පිරිවැයක් දරලා කරපු මේ චිත්‍ර‍පටිය කෝටි 350 ක අධික මුදලක් තිරඟත කරලා හෙව්වාත් බොක්ස් ඔෆිස් වාර්තා තබන්න තරම් නම් සමත් උනේ නැහැ. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන ලැබුවේ Vijay Krishna Acharya විසින්. වසර කිහිපයකට පෙර තිරඟතවු Doom 3 චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂකවරයාත් ඔහුම තමයි.

මේහි අමිර්ඛාන් හැරෙන්නට Amitabh Bachchan,Fatima Sana Shaikh හා Katrina Kaif රංඟනයෙන් දායක වෙනවා. කලින් කිව්වා වගේම මේ චිත්‍ර‍පටියට කෝටි 300ක විශාල පිරිවැයක් දරන්න උනේ ඇයි කියන එක යන්න චිත්‍ර‍පටිය නරඔන කොට ඔබටම ඒක පෙන්න ගනිවි. ඇත්තටම චිත්‍ර‍පටියේ පසුතල හා විශේෂ ප්‍රයෝග සදහා ගොඩක් මහන්සිවෙලා තියන බව දකින්නට ලැබේවි. ඒ විතරක් නෙමෙයි මේ චිත්‍ර‍පටිය වෙනුවෙන් මෙහි රඟපාන නළු නිලියන් පවා කැපකිරිම් කරලා තියනවා. අමිතාබ් බච්චන් විසින් ඇදගෙන සිටන ඇදුම අධික බරකින් යුක්ත වෙන එකක්. ඔහුගේ ශාරිරික අබාධයක් තිබ්බාත් ඔහු එම ඇදුම ඇදගෙන දිගටම රූගත කිරිම් වලට සම්බන්ධ වෙලා තියනවා. ගොඩක් පිරිසක් මේක Pirates of the Caribbean අනුසාරයෙන් හෝ ඒ වගේ චිත්‍ර‍පටියක් කියලා හිතාගෙන හිටියාත් කතා දෙක නම් සහාමුලින්ම වෙනස් බව සදහන් කරන්න ඕනි. නමුත් මෙහි සමහර දර්ශන වලින් පයිරට්ස් ඔෆ් ද කැරබියන් දර්ශන ඔබට මතක් වෙන එක වගේම Aamir ගෙ Firangi චරිතය තුළින් Captain Jack Sparrow වම දකින්නට ලැබෙන එකත් වළක්වන්න බෑ... කෙසේ වෙතත් මේ වසරේ ඔබට අන්තර්ජාලයෙන් අත්දකින්න ලැබෙන පළවෙනි හින්දි නිර්මාණය විදියට මෙය ලොකු නරකකුත් නැහැ. බ්‍රිතාන්‍යයන් ගෙන් ඉන්දියාවට ඇති වි තිබෙන කරදර මැඩලන්නට අසාද් නැමැති රණශුරයාගේ උත්සහාය තමයි චිත්‍ර‍පටියෙන් ගෙනහැර දැක්වෙන්නේ. චිත්‍ර‍පටිය ගැන විස්තරයක් කරන්නේ නැහැ වැඩිදුර... අමිර් ඛාන් රසිකයෙක් වගේම ඇඩ්වෙන්චර් ඝණයට කැමැති චිත්‍ර‍පටි රසිකයෙක් නම් මේක ඔබට හොද ච්‍ත්‍ර‍පටියක් වේවි..







*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment