Fantastic Beasts The Crimes of Grindelwald (2018) සිංහල උපසිරැසි සමඟින්


Fantastic Beasts The Crimes of Grindelwald (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Fantastic Beasts The Crimes of Grindelwald (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 27 sec)
01-13-2019 at 02:43 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 14 - Views: 39199



Tags:


උපසිරැසි ගැන්වීම: රවිඳු සසංක


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






Fantastic Beasts පළමු වරට වසර 2016 දී සිනමාවට නැඟුනේ Where to Find Them නමින්. ඉමහත් ජනප්‍රියතාවයකට පත් වන්නට ප්‍රධානතම හේතුව වූයේ සාහිත්‍යය සහ සිනමාත්මක දෙපාර්ශවයම එක ලෙස ආදරයෙන් වැළඳගත් "හැරී පෝටර්" යුගයටම අයත් වූවක් නිසායි. වඩාත් නිවැරදිව හැරී පෝටර් සිදුවීම් පෙළට පෙර යුගය හෙවත් ආචාර්ය Dumbledore ගේ වික්‍රමාන්විත යුගයයි මෙහි කාල වකවානුව වන්නේ. නමුත් ඒ සම්බන්ධයෙන් මුල් චිත්‍රපටයෙන් අපට ලැබුනේ ඉඟියක් පමණයි. හැරී පෝටර් රසිකයින් පුල පුලා බලන් සිටි එම සහසම්බන්ධතාවය මෙවරදී පූර්ණ වශයෙන්ම අත්විඳින්නට පුලුවන්.

ඒ වගේම මායා ලොව දුෂ්ඨ බලවේගය ලෙසින් "Grindelwald" ගේ සැබෑම ස්වරූපය හෙවත් Johnny Depp අනන්‍යතාවයත් පූර්ණ වශයෙන් දකින්නට ලැබෙන්නෙ මෙහිදීයි. චරිතය වෙනුවෙන් අවශ්‍ය කරන ප්‍රමාණයෙන් ඔහුගේ දායකත්වය නිසි පරිදි ලැබී තිබෙන අතර ආරම්භක ප්‍රවේශය හෙවත් prison break දර්ශනය තුළින් දැවැන්ත ආකර්ශනීයත්ව‍යක් ලබා ගන්නට සමත්. ස්වරූපමය වශයෙනුත් ඒ ආකර්ශනීයත්වය ප්‍රමාණවත් නමුත් චිත්‍රපටය පුරාවටම බලවත් මායාකාර දුෂ්ඨයා වශයෙන් මීටත් වඩා බොහෝ දේ ඉදිරිපත් වෙන්නට තිබුනා කියන හැඟීම පහළ වනු ඇති. කෙසේ වෙතත් ඉදිරියේදී තවත් දිගහැරුමක් පවතින නිසා මින් මඟහැරුනු ප්‍රමාණය ඉන් දකින්නට හැකි වේවි.

පළමු කොටස හා සංසන්දනය කිරීමේදී වඩාත්ම අවධානයට ලක් වෙන කාරණය වෙන්නේ රූපමය වශයෙන් මැවෙන මායාවෙහි අලංකාරත්වයයි. Visually stunning බව වඩාත් තීව්‍රව මෙවර දකින්නට පුලුවන්. සුපුරුදු Fantastic Beasts සත්ත්ව වර්ගයා වෙනුවට අලුතින්ම එක් කරන ලද දැවැන්තයින් ව සිනමා තිරය මත අණසක පතුරවන හැටි විචිත්‍රවත්ව ගොඩනගා තිබෙනවා. ඒ වගේම සුපුරුදු චරිත සිව් කට්ටුවට අලුතෙන්ම හඳුන්වාදෙන Hogwarts හි Dumbledore හමුව රසිකයින්ට නැවුම් බලාපොරොත්තු ගෙන දෙන්නට සමත්. දුෂ්ඨ පාර්ශ්වය වෙනුවෙන් Grindelwald ප්‍රමුඛ කණ්ඩායම පෙරටත් වඩා බලවත් නිසාම ඉදිරියේදී Fantastic Beasts බලකායට Dumbledore සහාය වැඩිපුර ලබාගත යුතුමයි ලෙසිනුයි දෙවන කොටසේ දිගහැරුම සමන්විත වන්නේ.

Eddie Redmayne විසින් නිරූපනය කරන සිනමාවට ප්‍රථම වරට හඳුන්වාදුන් "magizoologist" චරිත විස්තරයෙහි අපූර්වත්වයෙහි කිසිදු අඩුපාඩුවක් නොමැතිව මෙවරත් පෙර පරිදිම ප්‍රධාන භූමිකාව ලෙසින් හැඩ වෙනවා. Fantastic Beasts ල ගේ ලන්ඩන් නවාතැන මින් පෙර නිව්‍ යෝර්ක් හිදී දුටු වටපිටාවට වඩා සුවිශේෂී වෙනස්කම් වලින් අලංකාර කර ඇති ආකාරයත් අපූරුයි. පෙර මෙහෙයුම තුළදී මුණගැසුනු ඔහුගේ ආදරණීය සහායිකාව Tina ගේ ආගමනයෙනුත්, මුල් චිත්‍රපටයේදී කැපී පෙනෙන අවධානයකට ලක් වූ Queenie - Jacob යුගළයත් මෙවර තම සුපුරුදු දායකත්වය එලෙසින්ම ලබා දී තිබෙනවා.

පළමු චිත්‍රපටය තුළින් හඳුනාගත් පුරුදු මායාකාරී යුනිවර්සයේ ඉදිරි දිගහැරුම තුළ ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වූ වෘතාන්තමය විස්තරයන් අලුතින් එක් කරන ලද චරිතයන් සමඟින් විස්තර කෙරෙන නමුත් කතන්දරයෙහි අවශ්‍යම කොටස දකින්නට ලැබෙන්නේ ඉදිරි චිත්‍රපටයකිනුයි. පෙර කතන්දරයට වඩා ඉදිරියට ගිය වර්ධනයක් දෙවැන්නෙහි අඩංගු වූවත් බොහෝ දුරට සමස්තයක් වශයෙන් නරඹනන්නන් අතරේ මිශ්‍ර හැඟීමක් දනවනු ඇති. තෙවැන්නක් නොමැතිව මෙවර දෙවැන්න තරමක් අසම්පූර්ණ බවක් අනිවාර්යයෙන්ම දැනේවි....



ලිපිය උපුටා ගැනිම
සිනමාවේදින් නොවැම්බර් මස දෙවන කළාපය වෙනුවෙන්
Luckshman Aranwala විසින් පලකරන ලද්දකි.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු HC HD සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රවිඳු සසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment