Johnny English Strikes Again (2018) සිංහල උපසිරැසි සමඟින්


Johnny English Strikes Again (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Johnny English Strikes Again (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 39 sec)
01-14-2019 at 08:42 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 22 - Views: 23329



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න මගෙ හතරවෙනි සබ් එකත් අරගෙන ඔයාලව හම්බෙන්න ආවා. මේ පාර මම සබ් එක ගෙනාවෙ හැමෝගෙම වගේ අවධානය යොමු වුන චිත්‍රපටයක් වන Johnny English Strikes Again චිත්‍රපටයට. මේ චිත්‍රපටය බලන ඔයාට බඩ අල්ලං හිනාවෙන්න පුළුවන් කියල මං විශ්වාස කරනවා.ප්‍ර‍ධාන චරිතේ කරන්නේ Rowan Atkinson විසින්... මෙහෙම නම කිව්වාට ඉතින් කට්ටිය දන්නේ නැහැ මිස්ටර් බින් කිව්වොත් හැමෝම ඉතින් මෙයාව දන්නවා නොවැ. මිස්ටර් බින් කතා මාලාව නම් දැන් අවුරුදු ගානකට කලින් නවත්තනවා කියලා කිව්වාම රසිකයෝ බොහෝම කනගාටු උනා. ඒ කනගාටුව ටිකක් හරි නැති වෙන්න තමයි ඔහු රඟපාන මේ චිත්‍ර‍පටිය එලියට එන්නේ.... එහෙනම් වැඩි කතාවක් නැතුව චිත්‍ර‍පටිය ගැන බලමුකෝ..

මේ චිත්‍රපටයේ කතාව පටන්ගන්නෙ සයිබර් ප්‍රහාරයකින්. මේක එල්ලවෙන්නෙ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අංශයට. ඊට පස්සෙ මේක ගැන හොයන්න පත් කරන්නෙ පාසලක භූගෝලය උගන්නන පරණ රහස් ඔත්තු හිටපු සේවකයෙක් වන ජොනී ඉංන්ග්ලිෂ්ව. ජොනීයි එයාගෙ සහයකයා බොෆුයි මේක ගැන හොයාගන්න හැටියි ඊට පස්සෙ ඒක ඔප්පු කරන හැටියි තමයි මේ චිත්‍රපටය පුරාවටම දිවයන්නෙ. මේ ගමන අතරතුරදි මේ ගොල්ලොන්ට තව ගෑනු කෙනෙකුත් හම්බෙනවා. එයා හතුරෙක් වගේ මුලදි හිටියට එයා අන්තිමේදි මේ දෙන්නට එයත් උදව් කරනවා. අන්තිමේදි මේ වැඩේ කරපු කෙනාව සාක්ෂි එක්කම අල්ලගෙන තමයි අපෙ ජොනී වැඩේ ඉවර කරන්නෙ. ඉතිං අපි බලමු ජොනීයි එයාගෙ යාළුවයි මොනවද කරන්නේ කියලා...තවත් සබ් එකකින් හම්බෙනකන් ඔබට සුභ දවසක්!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment