Badhaai Ho (2018) සිංහල උපසිරැසි සමඟින්


Badhaai Ho (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Badhaai Ho (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 29 sec)
01-21-2019 at 09:25 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 23 - Views: 19267



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





කාලේකට පස්සේ ඔන්න තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් ආවේ. 2018 වසරේ වැඩිම ආකර්ශණයක් ලබපු චිත්‍ර‍පටිය මේක කිව්වොත් මං නිවැරිදියි...මේ චිත්‍ර‍පටිය නිර්මාණය වෙන්නේ 1994 තිරඟතවු Pavithram නැමැති මලයාලම් චිත්‍ර‍පටියේ කතාව අනුසාරයෙන් යම් යම් වෙනස් කම් සිදුවෙමින්... මේ කෝටි 29ක් වැය කර නිපදවු මේ චිත්‍ර‍පටිය මේ වෙද්දි ලබපු අදායම කෝටි 221ට අධිකයි. ප්‍ර‍ධාන චරිත ලෙස Ayushmann Khurrana හා Dangal චිත්‍රපටියෙන් අපි සැම හදුනාගත් ‍Sanya Malhotra රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් නකුල් (Ayushmann Khurrana) කියන්නේ අවුරුදු විසිපහක තරුනයෙක්. ඇයට ලස්සන පෙම්වතියකුත් ඉන්නවා රේනී (Sanya Malhotra) කියලා. නකුල්ගේ දෙමව්පියන් පවා මේ දෙන්නාගේ සම්බන්ධයට විරුද්ධත්වයක් නැහැ. රේනීගේ අම්මාත් මේ සම්බන්ධයට කැමැත්තෙන් තමයි ඉන්නේ. කොහොම හරි මේ විදියට කාලය ගත වෙලා යද්දි නකුල්ගේ තාත්තා දවසක් නකුල්ටයි එයාගේ මල්ලි ගුලර්ටයි කතා කරලා මේ දෙන්නාට හිතාගන්න බැරි පණිවිඩියක් කියනවා. ඒ තමන්ගේ අම්මාට තවත් දරුවෙක් ලැබෙන්න යනවා කියලා. මේ ගැන නකුල්ටයි..ගුලර්ටයි ලොකු ලැජ්ජාවක් තමයි හිතෙන්නේ. කසාද බදින්න ඉන්න වයසේ කොල්ලෙක් ඉද්දි අම්මාට ආපහු දරුවෙක් ලැබෙන්න හිටියාම සමාජය මොනා නොකියාවිද... ඒ විතරක් නෙමෙයි නකුල්ටත් ඉන්නවා මරු යාළුවෝ තුන්කට්ටුවක්... ඒ අයටත් මේ ආරංචිය ලැබෙනවා... ඔවුනුත් නකුල්ව අල්ලගන්න ඉන්නේ නොන්ඩියට වගේ සුභ පතන්න. කොහොම හරි මේ සිදුවිම ගැන ලොකුවටම හිත් අවුල් යන්නේ නකුල්ට... දැන් තමන්ගේ පෙම්වතියට මොනාද කියන්නේ? ඇය කොහොම පිලිගනිවිද මේක.... විශේෂයෙන්ම සමාජයෙන් කොහොම මෙවැනි සිදුවිමක් පිලිගනිවිද? ඒ හැමදේම ගැන චිත්‍ර‍පටිය ගැන බැලුවාම දැනගන්න පුලුවන් වේවි... කොමඩි පැත්තට බර කරලා හදලා තියෙනවා උනත් අන්තිමට සංවේදි අවසානයක් අයිති වෙන මේ චිත්‍ර‍පටිය හින්දි චිත්‍ර‍පටි රසිකයෙක් නම් ඔබ නැරබිය යුතුම එකක් වෙනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment