Antariksham 9000KMPH (2018) සිංහල උපසිරැසි සමඟින්


Antariksham 9000KMPH (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Antariksham 9000KMPH (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
01-23-2019 at 12:45 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 22 - Views: 27226



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





දෙසැම්බර මස 21 වැනිදා තිරඟත විම ආරම්භ කරපු අලුත්ම තෙලෙඟු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... අභ්‍යාවකාශ ආශ්‍රීත චිත්‍ර‍පටි ඉංග්‍රිසි චිත්‍ර‍පටි ලෝලින්ට නම් එතරම් අමුතු දේවල් නෙමෙයි... දැන් හැබැයි ඉන්දියානු චිත්‍ර‍පටි රසිකයන්ටත් එවැනි චිත්‍ර‍පටි එකපිට එක එන්න පටන් අරන් තියනවා. මතකනේ Tik Tik Tik (2018) දමිළ චිත්‍ර‍පටිය... එක ලොකු ආකරෂණයක් දිනාගන්න සමත් උනා ඉන්දියාව තුල. ඉතින් දමිළ චිත්‍ර‍පටියක් එසේ නිමවෙද්දි තෙලෙඟු චිත්‍ර‍පටි අධ්‍යක්ෂකවරුනුත් නිකම් හිටියේ නැහැ ඊටත් වඩා හොද කතා තේමවක් අරන් චිත්‍ර‍පටියක් නිපදුවා. ඒක තමයි Antariksham 9000 KMPH කියන්නේ. සමහර අය හිතනවා ඇති දමිළ චිත්‍ර‍පටියයි මේ චිත්‍ර‍පටියයි තියෙන්නේ එකම කතාව කියලා. ඒක නම් ගොඩක්ම වැරැදියි. කතා දෙක වෙනස්ම තේමාවක් අරන් නිපදවුවක් කියලා කියන්නම ඕනි. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Varun Tej, Aditi Rao Hydari, Rahman හා Lavanya Tripathi රංඟනයෙන් දායක වෙනවා.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් එහෙම ඉන්දියාවෙන් මිහිරා නැමැති චන්ද්‍ර‍කාවක් ගුවන් ගත කර තිබෙනවා. මේක ටික කාලේකට කලින් ගුවන් ගත කරන ලද්දක්. හැබැයි මේ චන්ද්‍ර‍කාවේ එක පාරටම දෝෂයක් හට ගන්නවා. මේ දෝෂය හටගෙන මේ චන්ද්‍ර‍ිකාව මාර්ගයෙන් පිටපැනලා යන්න පටන් ගන්නවා. මේක නිවැරැදි කරන්න පරක්කු උනොත් මේ චන්ද්‍රිකාව උඩුගුවනේ තියන වෙනත් රටවල චන්ද්‍රිකා කිහිපයකම ගැටිලා ලොකු අනතුරක් වෙන්න හැකියාවක් තියනවා කියලා නාසා එකෙන් හොයාගන්නවා. එහෙම උනොතින් ලෝකයේම සන්නිවේදන ජාලය ඇනහිටිමේ අවදානමකුත් පැන නගිනවා. ඉතින් ඉන්දියාවට මේකට ඉක්මනින්ම විසඳුමක් ගන්න වෙනවා. මේ සදහා ඔවුන් රුසියාවේ පුහුණූ උන තමන්ගේ අති දක්ෂ ගඟනගාමින් සිව්දෙනෙක්ව ගෙන්වා ගන්නවා. නමුත් පොඩි ගැටළුවක් එනවා. මේ චන්ද්‍රිකාවේ කේත වෙනස් කරන්න පුලුවන් කෙනෙක් මේ අය ගාව නැහැ. මොකද මේ චන්ද්‍ර‍ිකාව ටිකක් පරණ නිසා... එතකොට තමයි මේ අයට දේව්ව (Varun Tej) මතක් වෙන්නේ. නමුත් දේව් මේ අභයාවකාශ රස්සාව කාලයකට කලින් අතහැරලා ඉන්නේ. ඒකටත් ලොකු කතාවක් තියනවා. ඒක චිත්‍ර‍පටිය නරඔද්දි දැනගන්න පුලුවන් වේවි... ඉතින් දේව් එක්ක ඒ කාලේ වැඩ කරපු කෙනෙක් වෙන දියා (Aditi Rao Hydari) දේව්ව හොයාගෙන පිටත් වෙනවා මේ වැඩේට කොහොම හරි දේව්ව කැමැති කරගන්න. මොකද මේ හැමදේම කරන්න ඔවුන්ට ඉතුරු වෙලා තියන කාලය බොහෝම අඩු නිසා. දේව් කොහොම හරි දියාගේ යෝජනාව පිලිගන්නවා... නමුත් දේව් නැවත මේ වැඩේට එන්නේ හිත ඇතුලේ වෙනත්ම කාරණාවක් හිතේ තියාගෙන...ඒ කාරණාව දේව්ට හැබැකරගන්න පුලුවන් එකම විදිය අභ්‍යාවකාශයට යන්න මාර්ගයක් හදාගන්න එක. ඉතින් මිහිරා චන්ද්‍රිකාව හදන වැඩේට එකතු වෙලා දේව් ගුවන් ගත වෙනවා... දේව් අභ්‍යාවකාශයට යන්න තිබ්බ යටි අරමුණ මොකක්ද වගේම ඔවුන්ට මේ මිහිරා චන්ද්‍රිකාව හදන්න පුලුවන් වේවිද කියලා දැනගන්න පුලුවන් වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment