Nannu Dochukunduvate (2018) සිංහල උපසිරැසි සමඟින්


Nannu Dochukunduvate (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Nannu Dochukunduvate (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 25 sec)
01-30-2019 at 09:08 PM
Uploaded by HEDZ

Rating: 3 after 1 votes

Tamil Movies
Favorites: 24 - Views: 38515



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2018 වසරේ නිකුත් උන තවත් අලුත්ම අලුත් තෙලෙඟු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් එන්නේ... මෙහි අධ්‍යක්ෂණය R.S. Naidu විසින් කර තිබෙනවා. මෙහි ප්‍ර‍ධාන රංඟනයෙන් දායක වෙන්නේ තෙලෙගු වගේම හින්දි සිනමාවෙත් චිත්‍ර‍පටි වලින් අපි හමුවට ආව සුදීර් බාබු (Sudheer Babu) විසින්... ඒ වගේම මේ නිලිය නම් අලුත් කෙනෙක් ඇය නමින් Nabha Natesh. කර්ණාටක ප්‍රාන්තයෙන් සිනමාවට පය තිබ්බ මේ නිළිය 2013 වසරේ මිස් ඉන්දියා තරඟාවලියේ බැංගලෝර් වලින් හොඳම 11 දෙනා අතරට සුදුසුකම් ලබනවා. ඒ නිසාම ඇයට 2015 දී කන්නඩ සිනමාවට පිවිසීමේ වරම් ලැබෙනවා...ඒ Vajrakaya චිත්‍ර‍පටියෙන්... ඇය රඟ පැ පළමු චිත්‍රපටයම බ්ලොක්බස්ටර් හිට් එකක් බවට පත් වුනා. පසුව මේ වෙනකම් ඇය චිත්‍ර‍පටි වල දකින්න ලැබෙන්නේ නැහැ...නැවත 2018 වසරේ තමයි ඇය මේ තෙලෙඟු චිත්‍ර‍පටියෙන් කරලියට එන්නේ... තෙලෙඟු සිනමාවේ නම් ඇයට දිඟු ගමනක් යන්න ලැබේවි කියලා නම් හිතන්න පුලුවන්.....

චිත්‍ර‍පටිය කතාව ගැන කිව්වොත් Romantic කියන වර්ගයේ අයත් වෙන චිත්‍ර‍පටියක්. කාන්තික් කියන්නේ ඇමරිකාවට ගිහින් පදිංචි වෙලා එහේ කම්පැනියක රස්සාවක් කරන්න කැමැති කොල්ලෙක්. ඔහු දැනට ඉන්දියාවෙත් සමාගමක CEO කෙනෙක් විදියට වැඩ කරනවා. කොහොම හරි කාර්තික්ගේ කල වයස හරි හින්දා තාත්තා හිතනවා ඔහුට කසාදයක් කරලා දෙන්න. කාර්තික් මොනා කලත් තාත්තාගේ කසාද බදින්න කියන කරදරයේ අඩුවක් නම් නැති වෙන්නේ නැහැ. මේ නිසා කාර්තික් තමන්ට පෙම්වතියකුත් නැති එකේ පෙම්වතියක් විදියට තාත්තා ඉස්සරහා රඟපාන්න මේග්නා (Nabha Natesh) නැමැති කෙටි චිත්‍ර‍පටි වල රඟපාන නිලියක්ව අරගන්නවා. මේග්නා කියන්නේ ජිවිතේ හැම තත්පරයම විනෝදනේ ඉන්න කෙල්ලෙක්... කාර්තික් කියන්නේ වැඩවලටම හිරවෙලා ඉන්න කෙනෙක්. ඉතින් මේ බොරුවට රඟපාන්න ගත්ත පෙම්වතිය කාර්තික්ගේ හිතේ ඇත්තටම තැනක් ගන්න හැටි තමයි චිත්‍ර‍පටිය පුරාවට තියෙන්නේ... හොදට හිනා වේවි වගේම රොමැන්ටික් චිත්‍ර‍පටි රසිකයන්ට ඉහලින්ම නිර්දේශ කරන්න පුලුවන් චිත්‍ර‍පටියක් ලෙස අනිවාර්යෙන්ම කියන්න පුලුවන්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment