Bhairava Geetha (2018) සිංහල උපසිරැසි සමඟින්


Bhairava Geetha (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Bhairava Geetha (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 21 sec)
02-10-2019 at 09:02 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 14 - Views: 32578



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





KGF චිත්‍ර‍පටිය රසවින්දට පස්සේ කට්ටිය කන්නඩ චිත්‍ර‍පටි වලටත් ඇළුම් කරන්න පටන් අරන් වගේ පේන නිසා තවත් කන්නඩ චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... මේකෙත් වැඩි අඩු නැතුව ක්‍රියාදාම නම් පිරිලා තියනවා.... මේක Siddharth Thatholu ගේ අධ්‍යක්ෂණයක්... නිශ්පාදන බරපැන Ram Gopal Verma ගෙනි... ප්‍ර‍ධාන චරිත ලෙස Dhananjay හා Irra Mor රංඟනයෙන් දායක වෙනවා... මේකේ ටිකක් කපන කොටන දර්ශන වගේම ශූංගාරත්මක දර්ශන වැඩි නිසාම වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් තමයි නිකුත් වෙන්නේ...

කතාව ගැන කිව්වොත් එහෙම ගීතා කියන්නේ මේ පලාතේ බලවත් කෙනෙක්ගේ දුවෙක්. ඇය තමන්ගේ අධ්‍යාපන කටයුතු නිම කරලා ගමට එනවා.. ගමට ආවා ගමන් ගීතාගේ තාත්තා කරන්නේ පලාතේ ලොකුම මැරයෙක් වෙන සන්කරප්පාගේ පුතා නන්ජාමාරි එක්ක කසාදය තීන්දු කරන එක... නමුත් ගීතා මේ කසාදය ගැන සතුටින් නෙමෙයි ඉන්නේ... ඒකට ලොකු හේතුවක් තියනවා... කොහොම හරි නන්ජමාරි එක්ක ගීතා පොඩි අවුලකුත් හදාගන්නවා... මේ නිසාම ගීතා කසාදේට කලින් තාත්තා ගාව වැඩකර කර හිටපු බහිරවා කියන තරුණයාගේ උදව්වෙන් ගමෙන් පැන ගන්නවා... මේක සන්කරප්පා වගේම නන්ජාමාරීට ආරංචි උනාම ඔවුන්ට පිස්සු හැදෙනවා! තමන්ට කරපු අවනම්බුවට ගීතාව කපලා කපලා මරලා දාන්න මොවුන් හිතාගන්නවා... කොහොම හරි ගීතා මේ පැනලා ගිය බහිරවා එක්ක පොඩි ආදර හුටපටයකුත් පටන් ගන්නවා... කොහොම හරි නන්ජමාරිට ගීතාව හොයාගන්න පුලුවන් වේවිද? ගීතා පැනලා ගිය බහිරවා කියන තරුණයා ඇයව කොයි විදියට බේරගනිවිද කියලා චිත්‍ර‍පටිය නැරබුවොත් දැනගන්න පුලුවන්. හොද ඇක්ෂන් චිත්‍ර‍පටියක් හොයනවා නම් මේක ඒකට කියාපු විසදුම කියන ගමන් මං සමුගන්නවා.. ඔබට සුභ දවසක්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment