Dhillukku Dhuddu 2 (2019) සිංහල උපසිරැසි සමඟින්


Dhillukku Dhuddu 2 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dhillukku Dhuddu 2 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
03-04-2019 at 02:41 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 58 - Views: 30523



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2016 නිකුත් වු Dhilluku Dhuddu චිත්‍ර‍පටිමාලාවේ දෙවැන්න ලෙස තමයි මේක තිරඟත වෙන්නේ. මේකෙත් ඔයා මුලින් චිත්‍ර‍පටිය බැලුවේ නැහැ කියලා කිසිම ගැටළුවක් නැහැ. පළමු චිත්‍ර‍පටියේ කතාවට මේක සම්බන්ධයක් ඇත්තේම නැහැ. වෙනස්ම කතාවක් තමයි මේකේ තියෙන්නේ.... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස අපි කවුරුත් දන්න Santhanam රංඟනයෙන් හැඩවෙනවා. කාලයක් චිත්‍ර‍පටි වල කොමඩි චරිත විතරක් කරපු සන්තානම් දැන් වෙද්දි චිත්‍ර‍පටි වල ප්‍ර‍ධාන චරිත විතරක් කරන්න පටන් අරන් තියනවා. ඒ වගේම ඒ චිත්‍ර‍පටිත් සැහෙන ජනප්‍රිය වෙලාත් තියනවා. මේ චිත්‍ර‍පටියේ අනිකුත් චරිත ලෙස Shritha Sivadas,Deepti හා Rajendran රංඟනයෙන් දායක වෙනවා... මේක නිකුත් උනේ පෙබරවාරි 7 වැනිදා. මෙහි නිශ්පාදන පිරිවැය දැරුවෙත් සන්තානම්ම තමයි... කතාව ගැන කිව්වොත් එහෙම විජේ (සන්තානම්) කියන්නේ ඉතින් පොඩි අඩියක් එහෙම ගහලා ඒ පැත්තේ විනෝදයෙන් ඉන්න කෙනෙක්... කොහොම හරි විජේට ඒ පැත්තේ ඉන්න මායා කියලා ගැණු ළමයෙක්ට හිත යනවා. වැඩිය කල්පනා කර කර ඉන්නේ නැතුව විජේ ගිහින් කෙලින්ම මායාට තමන් ඇයට ආදරය කරනවා කියලා කියනවා.. නමුත් මායා කියන ගැණු ළමයාට පොඩි බන්ධනයක් කරලා තියනවා ඇයට කවුරු හරි පිරිමි ළමයෙක් ආදරය කරන්න ආවොත් හොල්මනක් ඇවිත් මේ ආදරෙයි කියන කොල්ලාගෙන් පලිගන්නවා. ඉතින් විජේ ගිහින් මායාට ආදරෙයි කිව්වාම විජේගේ පස්සෙනුත් මේ හොල්මන එන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් හොල්මනකට බයේ තමන්ගේ ආදරේ දාලා දුවන්න නම් විජේ කැමැති වෙන්නේ නැහැ. ඉතින් මේ කලබගැනිය තමයි චිත්‍ර‍පටියේ තියෙන්නේ.. මේ හොල්මන එක්ක විජේට හැප්පිලා මායාට තියන මේ බන්ධනයෙන් නිදහස් කරගන්න පුලුවන් වේවිද කියලා චිත්‍ර‍පටිය බලලාම දැනගන්න පුලුවන් වේවි. එහෙනම් තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවෙනකම් සුභ දවසක්


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment