Tera Intezaar (2017) සිංහල උපසිරැසි සමඟින්


Tera Intezaar (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Tera Intezaar (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 27 sec)
03-07-2019 at 08:32 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 52 - Views: 47653



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2017 වසරේ දෙසැම්බර් මස තිරඟත වුන චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් එන්නේ. මේක තමයි සනි ලියෝනි මැත කාලයේ රඟපාපු අවසන් චිත්‍ර‍පටිය.. තවත් ඇය රඟපාන චිත්‍ර‍පටි කිහිපයක් නිකුත් වෙන්න තියනවා කියලා සටහන් කරලා තිබුනාත් එවා ගැන තාමත් හරි හමන් නිල නිවේදනයක් නැහැ. ඉතින් මේ ආපු සනි ලියෝනිගේ චිත්‍ර‍පටිය ගොඩක් අය සබ් එක දෙන්නේ නැත්ද කියලා අහලා තිබ්බා. අපේ සනි ලියෝනිගේ සේරම චිත්‍ර‍පටි කලින් කලේ ප්‍රමෝද් කියලා මතක ඇති නේ. එත් ඉතින් දැන් සනි ලියෝන්ව අමතක වෙන්න කෙනෙක් හම්බුන නිසාදෝ මේ චිත්‍ර‍පටිය කරන එක පස්සට දා දා හිටියා. ඉතින් තවත් පරක්කු කරන්නේ නැතුව මම මේක කරලා ඔයාලා වෙනුවෙන් අරන් ආවා....

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් කලින් කිව්වා වගේම මේකේ ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙන්නේ Sunny Leone හා Arbaaz Khan විසින්. මේ දෙන්නා ගැනම හින්දි සිනමාවේ රසිකයන්ට අමුතුවෙන්ම කියන්න උවමනා නැහැ නේ... මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Raajeev Walia විසින්... චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත්... රෝනක් (Sunny Leone) හා වීර් සිං (Arbaaz Khan) කියන්නේ පෙම්වතුන් දෙන්නෙක්... විර්ගේ විනෝදංශය තමයි චිත්‍ර‍ අදින එක. මේ චිත්‍ර‍ නිසාම තමයි විර්ට රෝනක්වත් හමුවෙන්නේ... නමුත් එක දිනක් රෝනක් බලද්දි විර් අතුරුදහන් වෙලා තියනවා... ඒ විතරක් නෙමෙයි විර් එක්ක මේ අයත් එක්ක ටිකක් සතුරන් වගේ හිටිය හතර දෙනෙකුත් අතුරුදහන් වෙලා. රෝනක් හොයන්න පුලුවන් හැම තැනකම විර්ව හොයනවා. නමුත් කිසිම හොඩුවාවක් හොයාගන්න ඇයට නොහැකි වෙනවා.. රෝනක්ට ටික ටික තේරුම් යනවා මොකක් හරි ලොකු සිදුවිමක් සිදුවෙලා තියනවා කියලා.. ඒ විතරක් නෙමෙයි මේ හැමදේටම විර්ගේ චිත්‍ර‍ත් හේතුවක් කියලා ඇයට තේරුම් යනවා.. එතැනින් එහාට මොනා වේවිද කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය බලන්නම වෙනවා.... මේ චිත්‍ර‍පටිය ඔබ සනි ලියෝනිගේ රසිකයෙක් විතරක් නම් බලන්න කියලා නිර්දේශ කරනවා... මොකද ලොකු කතාවක් චිත්‍ර‍පටියේ කියන්න හැදුවාත් අධ්‍යක්ෂණය හා කතාව ගලා යාම නම් ටිකක් මදි වගේ හොදටම තේරෙනවා... සනි ලියෝනිගේ රසිකයෙක් නම් ඉතින් චිත්‍ර‍පටිය මොක උනත් අවුලක් නැහැ නේ .. කොහොම හරි ලස්සන ගීත කිහිපයකුත් අන්තර් ගත වෙනවා මේ චිත්‍ර‍පටියේ.. එහෙනම් කැමැති අයට බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ඔබට සුභ දවසක්!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment