Mirage (2018) සිංහල උපසිරැසි සමඟින්


Mirage (2018) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Mirage (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 02 sec)
04-13-2019 at 08:51 AM
Uploaded by HEDZ

Rating: 1 after 1 votes

Various Movies
Favorites: 33 - Views: 28495



Tags:


උපසිරැසි ගැන්වීම: ගයාන් බුද්ධික ගමගේ




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]




ඔබ ත්‍රිලර් චිත්‍රපටවලට ප්‍රිය කරන සිනමා රසිකයෙකු නම් ස්පාඥ චිත්‍රපට (Spanish) නරඹා නොතිබෙන්න කිසිසේත්ම විදියක් නැහැ. ලෝකයේ හොඳම ත්‍රිලර් චිත්‍රපට නිර්මාණය වෙන්නේ ස්පාඥයේ කිවුවාත් වැරදි නැහැ. ඒ තරම්ම ඔවුන් ඒ Genre ඒක ඇතුලේ විශිෂ්ඨයෝ. The Hidden Face (2011), Wild Tales (2014), Julia's Eyes (2010), The Body (2012), The Invisible Guest (2016), The Orphanage (2007) වගේ අති විශිෂ්ඨ සිණමා නිර්මාණ ගොන්නට අලුතෙන්ම එකතු වෙන් චිත්‍රපටය තමයි Mirage කියන්නේ. (ඔරිජිනල් ටයිට්ල් එක Durante la tormenta) මේකත් Netflixලාගේ වැඩක්. Netflix චිත්‍රපටවල තිබෙන ගුණාත්මකබව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ.

The Invisible Guest (2016), The Body (2012) චිත්‍රපට ද්විත්වයේම අධ්‍යක්ෂකවරයා වුනු Oriol Paulo තමයි මෙම චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. Adriana Ugarte, Chino Darín, Javier Gutiérrez ප්‍රමුඛ රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටයේ IMDB දර්ශක අගය 7.5/10ක්. පැය 2ක ධාවන කාලයකින් යුක්ත මේ චිත්‍රපටිය එක තත්පරයක්වත් ඇස ඉවතට නොගෙන නියපොතු හප හපා උපරිම කුතුහලයකින් නරඹන්න පුලුවන් චිත්‍රපටියක් බවට බොහොම වගකීමෙන් කියනවා.

චිත්‍රපටය ගැන නම් පොඩි විස්තරයක්වත් නොකියා හිටියා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද ඒ තරම්ම කුතුහලයක් මේ පැය දෙක ඇතුලේ තියෙනවා. ඒක නිසා චිත්‍රපටය ගැන දශමෙක දෙයක් නොදැන චිත්‍රපටය නරඹනවා නම් හොඳයි කියන එකයි මගේ අදහස. දළ අදහසක් ගන්න අවශ්‍ය අයට විතරක් පොඩි හැඳින්වීමක් කරන්නම්.

12 හැවිරිදි නිකෝ ලසාර්තේ අසල්වැසි නිවසේ සිදුවන මිනීමරුමක් සියසින් දකිනවා. එම සිදුවීමෙන් බියට පත්වන දිව යන නිකෝ මාර්ගයේ ගමන් ගනිමින් තිබෙන මෝටර් රථයක හැපී මිය යනවා. මෙම සිදුවීම වෙන්නේ 1989 නොවැම්බර් 9 වෙනිදා රාත්‍රියේ.

හරියටම ඊට වසර 25කට පසුව ඒ කියන්නේ 2014 නොවැම්බර් 9 වෙනිදා වේරා රෝයි සහ ඩේවිඩ් ඔර්ටිස් කියන තරුණ යුවල තමන්ගේ සුරතල් දියණියත් එක්ක නිකෝ ලසාර්තේ පදිංචිව සිටි නිවසේ පදිංචියට එනවා. එදින රාත්‍රියේ එම නිවසේ තිබී හමුවෙනවා පරණ රූපවාහිනියක් සහ කැමරාවක් සහ වීඩීයෝ පට ගණනාවක්. එම වීඩියෝපටවල තිබෙන්නේ පුංචි නිකෝගෙ ගීත ගායනා. ඔවුන් එයින් කිහිපයක් නරඹලා නින්දට යනවා.

හැබැයි හදිසියේම රාත්‍රියේ අවධි වෙන ‍වේරා දකිනවා කැමරාවේ කිසිදු වීඩියෝ පටයක් නැතිව රූපවාහිනියේ විකාශනය වෙන වසර 25ක් පැරණි වීඩියෝවක්. ‍ වසර 25කටත් වඩා පැරණි මෙම රූපවාහිනියේ වර්තමානයේ පවතින කිසිදු නාලිකාවක් නරඹන්න හැකියාවකුත් නැහැ. මේකෙන් පුදුම වෙච්චි වේරා පුදුමයෙනුත් පුදුමයට පත්වෙලා ගල්ගැහෙන මට්ටමේ සිදුවීමක් තමයි ඊළඟට වෙන්නේ. වසර 25කට කලින් මිය ගියපු නිකෝ සජීවීව වේරා එක්ක කතා බහ කරන්න ගන්නවා රූපවාහිනිය හරහා.... එතින්න එහාට වේරාගෙ ජීවිතේ වෙනස් වෙන විදිය කිවුවොත් ඔබේ කුතුහලය නැති වෙනවා. අනිවාර්යෙන්ම චිත්‍රපටිය නරඹන්න. ඔබත් පුදුමයෙන් පුදුමයට පත්වෙනු නිසැකයි.

උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සියලුම දෙනාට සාමය, සතුට, සෞභාග්‍ය සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! තවත් උපසිරැසියක් එක්ක ආපහු මුණගැහෙමු. ජය!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගයාන් බුද්ධික ගමගේ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment