90ML (2019) සිංහල උපසිරැසි සමඟින්


90ML (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
90ML (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 53 sec)
04-16-2019 at 01:32 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 48 - Views: 50548



Tags:


උපසිරැසි ගැන්වීම: ඉසුරු දිසානායක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





කට්ටිය බලන් හිටපු තවත් චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ... මේ අවුරුදු කාලේ එක්ක වැඩි පුරම කොල්ලෝ කරන්නේ යාළුවෝ ටික සෙට් වෙලා පොඩි අඩියක් ගහන එකනේ... හැබැයි ඕක කෙල්ලොත් එකතු වෙලා කලොත්... දැන් කාලේ නම් හැබැයි ගැණු පිරිමි බේදයක් කියලා නැහැ කවුරුත් මත් පැන් නම් බොනවා.. එත් තාම ඒක ගොඩක් අහම්බෙන් වෙන සිදුවිමක් තමයි. මේ චිත්‍ර‍පටියත් අරන්න ඒ වගේ කතාවක් ගැන..

තමාරා,කාජල්, පාරූ, සූඟන්‍යා කියන්නේ මහල් නිවාසයක ජිවත් වෙන ගැණු අය හතර දෙනෙක්.. මෙතැනින් සුඟන්‍ය ඇරෙන්න අනික් හැමෝම විවාහ වෙලා තමන්ගේ සැමියන් එක්ක තමයි ඉන්නේ... ඔය අතර තමයි තමන්ගේ මහල් නිවාසේට රිටා කියන ගැණු කෙනාගේ පැමිණිම වෙන්නේ... මේ හතර දෙනාම රිටාව දැක්ක ගමන් කතාවට නම් යන්නේ නැහැ. මොකද කොයිවෙලාවේත් දැක්කොත් සිඟරට් බොනවා වගේම තමන්ගේ පෙම්වතා එක්ක තැනක් නොතැනක් කියලා නැහැ සිප වැලද ගනිමින් හැසිරෙනවා. මේවා අර හතර දෙනාටම අමුතු දෙවල්.. කාමර අස්සේ හැංඟිලා කරන්න ඕනි එවා මේ විදියට එලි පහලියේ කරන කෙනෙක් දැක්කාම කොහොමත් එයා හරි නැති කෙනෙක් කියලානේ හැමෝම හිතන්නේ. කොහොම හරි රිටාම මේ හතර දෙනා එක්ක ටික දවසක් යද්දි කතාවට එකතු වෙනවා. රිටා කියන්නේ බොහෝම විනෝදෙන් ඉන්න කෙනෙක් නිසා ටිකෙන් ටික මේ අයගේ යාළුකම වැඩි වෙන්න ගන්නවා ඒ විතරක් නෙමෙයි අර හතර දෙනාම ටික ටික රිටා වගේ වෙන්න පටන් ගන්නවා... ඒ පස් දෙනාම එකතු වෙලා පොඩි කල්ලියකුත් හදාගන්නවා... කොහොමහරි මේ ගැන මුලින්ම අවුල් යන්නේ තමාරාගේ සැමියා තමයි.. තමන්ගේ බිරිද එක පාරටම කොහේද ආපු කෙල්ලෙක් එක්ක එකතු වෙලා බොන්නත් පටන් අරන් කියලා දැනගත්ත ගමන්ම ඔහු කරන්නේ මේ යාළුකම අතඅරින්න කියන එක. එත් තමාරා සැමියාටත් හොරෙන් මේ කල්ලිය එක්ක එකතු වෙලා පොඩි අඩියක් ගහන ගමන් කතා කර කර ඉදලා විනෝද වෙනවා...ඔහොම විනෝද වෙනවා නම් මැදැ අන්තිමට බිලා කරන විකාර වැඩ තමයි චිත්‍ර‍පටියේ පුරාවටම තියෙන්නේ..

කොහොමත් මේ චිත්‍ර‍පටියත් අරක්කු කාලක් ගැහුවා වගේ ෆුල් ජොලියේ බලන්න පුලුවන්.. ප්‍ර‍ධාන චරිත ලෙස Oviya,Shree Gopika,Monisha Ram,Bommu Lakshmi රංඟනයෙන් දායක වෙනවා... චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය Anita Udeep ගෙනි... එතකොට මේක +16 වැඩි ලොකු ළමයි විතරක් බලන්න කියලාත් මතක් කරනවා එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරනගමන් සමුගන්නවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු දිසානායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment