Burn Out (2017) සිංහල උපසිරැසි සමඟින්


Burn Out (2017) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Burn Out (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 42 sec)
05-14-2019 at 10:31 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Various Movies
Favorites: 8 - Views: 20812



Tags:


උපසිරැසි ගැන්වීම: චානක ජයරත්න




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





සුභ දවසක් හැමොටම!ඔන්න ඉතින් නැවතත් ඔයාලට ප්‍රංශයේ තිරගත් වු චිත්‍රපටයක් අරන් අවා. චිත්‍රපටය BURN OUT. මේක නිකුත්වුනෙ 2017 වර්ෂයේ අග භාගයේදි.. පොඩ්ඩක් චිත්‍රපටය පරණ වුනත් ඔයගොල්ලො දන්නවා action,thriller ඝනයට වර්ගීකරණය කරලා තියනවා නම් කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලා.. තවත් දෙයක් නම්, නෙට්ෆිල්ක්ස් ආයතනයෙන් තමා චිත්‍රපටය නිපදවා තියෙන්නෙ. IMDB 6.1 අගයක් ලබාගෙන තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය හා රචනා කර තිබෙන්නෙ Yann Gozlan විසිනි. François Civil, Olivier Rabourdin,Manon Azem චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය සපයනවා

චිත්‍රපටය ගැන ටිකක් කියනවා නම් ටොනි කියන්නේ අපේ භාෂාවෙන් කියනවනම් බයික් පිස්සෙක්. ඔහුගේ ලොකුම ආශාව කවදහරි බයික් චැම්පියන් කෙනෙක් වෙන්න. බයික් පිස්සුව නිසා ඔහුගේ බිරිඳත් පුතත් ඔහුගෙන් වෙන්වෙලා තමයි ඉන්නේ.. දවසක ඔහුට දැනගන්න ලැබෙනවා බිරිඳ මත්ද්‍රව්‍ය විකුණන හොර කණ්ඩායමක් එක්ක සම්බන්දයි කියලා.. ඒ මදිවට ඇය අතින් ලොකු මුදල් වංචාවකුත් වෙලා, ඊට පස්සෙ ඉතින් මේ හැමදෙයකට කරගහන්න වෙන්නෙ ටොනිට. ටොනී මෙහෙම කරන්නේ තමන්ගේ දරුවා ගැන හිතලා... මොකද බිරිද තමන්ගේ වෙන් වෙලා හිටියාත් ඇයව තමන්ගේ දරුවාට උවමනා කරන නිසා... කොහොම හරි මේ ඔහුගේ කලින් බිරිඳ වංචා කළ මුදලට සරිලන්න මේ මත්ද්‍ර‍ව්‍ය කල්ලිය විසින් ටොනිගේ දක්ෂතාවය උපයෝගී කරගෙන සියලු හොර වැඩ ටික කරගන්නවා.. එත් ඉතින් ඒක දිගටමනම් කරගෙන යන්න වෙන්නේ නැහැ.. එතැනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්නම් චිත්‍රපටය බලන්න වෙනවා. එහෙනම් හැම දෙනාටම චිත්‍රපටය බලන්න කියලා අරාධනා කරන්නවා නැවතත් හොඳ චිත්‍රපටයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චානක ජයරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment