Kanchana 3 (2019) සිංහල උපසිරැසි සමඟින්


Kanchana 3 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kanchana 3 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 43 sec)
05-19-2019 at 05:18 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 17 - Views: 24448



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk






හැමෝම ආශාවෙන් බලපු Kanchana චිත්‍රපටි මාලාවේ අලුත්ම චිත්‍රපටිය තමයි අද ඔන්න අරගෙන ආවේ Kanchana 3. මේක නිකුත් වෙන්නේ 2019 අප්‍රේල් 18දා.. ඉතින් ඔන්න අන්තර්ජාලයට හොද පිටපතක් නිකුත් උන ගමන්ම අපි ඔයාලට අරගෙන ආවා.. පැය 2 යි විනාඩි 44ක් පුරාවට කිසිම කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් කියලා කියන්න ඕනි නෑනේ. Kanchana චිත්‍රපටි මාලාව බලපු හැමෝම ඒක ගැන දන්නවනේ

Kanchana චිත්‍රපටි මාලාව බලපු හැමෝම දන්නවනේ ඉතින් රාගවා කියන්නෙ කොහොම කෙනෙක්ද කියලා.. හොල්මන් වලට බයේ එයා කරන විකාර වැඩ මෙකේදී නම් නවීකරනය වෙලා තියෙනවා. ඒ මොනාද කියල ඉතින් චිත්‍රපටිය අරගෙනම බලන එක තමයි හොදම.... රාගවා එයාගේ සීයගේ විවාහ සංවත්සරෙට සීයාගේ ගමට යනවා. ඉතින් එහේ සීයයි ආච්චියි විතරමත් නෙවෙයි රාගවාගේ නෑනලා 3 දෙනෙක්ම ඉන්නවා. ඉතින් මේ තුන් දෙනා කොහොම හරි බලන්නේ රාගාවගේ කැමැත්ත දිනාගන්න. කොහොම හරි මේ ගෙදරදී තමයි ඔක්කොම වෙනස් වෙන්න පටන් ගන්නේ. මේ පාර රාගාවට මොකද වෙන්නේ... වගේම මේ පාර එයාගේ පිටිපස්සෙන් එන හොල්මන කවුද? ඒ ඇයි කියල දැනගන්න ඉතින් චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා

Kanchana චිත්‍රපටිමාලාවේ, ගැන අලුත්ම තොරතුර තමයි.. Kanchana චිත්‍රපටිය බොලිවුඩයේ නැවත ප්‍රථිනිර්මානය කරනවා Laxmmi Bomb කියල,ඒකත් අධ්‍යක්ෂනය කරන්නේ Raghava Lawrence ම වන අතර Akshay Kumar, Kiara Advani ප්‍රධාන චරිත නිරූපනය කරනවා...හැබැයි මේ ලිපිය ලියන මොහොතේ නම් Raghava Lawrence මේ හින්දි චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණයෙන් ඉවත් වෙලා කියලා තමයි ආරංචිය එන්නේ... ඒ චිත්‍ර‍පටි නිශ්පාදක කණ්ඩායම අතර ඇති වු හිත් අමනාප කමක් නිසා.... ඉතින් එකේ ඉදිරිය කොහොම වේවිද කියලා අපිට අනාගතයේ ආරංචි වේවි... ඒවගේම Kanchana 4 වෙනි කොටසත් ඔයාලට ඉක්මනට බලන්න පුලුවන් වෙයි කියල ආරංචිය මේ චිත්‍රපටිය අවසානයේදීම දැනගන්න පුලුවන් වෙයි.. ඒහෙනම් ඉක්මනටම ආයෙත් හම්බවෙමු


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment