Polaroid (2019) සිංහල උපසිරැසි සමඟින්


Polaroid (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Polaroid (2019) සිංහල උපසිරැසි සමඟින් (128 min 56 sec)
05-27-2019 at 08:34 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 10 - Views: 17185



Tags:


උපසිරැසි ගැන්වීම: පසන් තාරුක




  1. Most Popular Subtitles of this Contributor


    He is a newbie!! Encourage him to add more subtitles!!!

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





මේක හොරර් වර්ඟිකරණයට අදාලවෙන ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Lars Klevberg විසින්. මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ මේ නමින්ම 2015 දි නිකුත් වන ජර්මානු කෙටි චිත්‍ර‍පටික්... මෙහි රඟපාන නළු නිලියන් නම් සේරම අපිට නම් දැකලා පුරුදු බව ටිකක් අඩුයි...කොහොම හරි හොල්මන් චිත්‍ර‍පටියක් නිසා එහෙම උනාම චිත්‍ර‍පටිය දැනෙන ප්‍ර‍මාණයත් වැඩියි. IMDB වර්ඟිකරණයේ 5.2 අඟයක් ගත්ත මේ චිත්‍ර‍පටිය තිරඟ උනේ ජනවාරි 10 වැනිදායි.

කතාව ගැන කිව්වොත් බර්ඩ් ෆිචර් කියන්නේ කැම්පස් එකේ ටිකක් කොන් වෙලා වගේ ඉන්න ගැණූ ළමයෙක්... ඇයගේ විනෝදාංශය තමයි ඡයාරූපකරණය.. ඇයගේ හොදම යාළුවා තමයි කෝනර්. ෆීචර් පාට් ටයිම් ජොබ් එකක් විදියට ඇන්ටික් බඩු කඩේක රාජකාරි කරනවා... ඇය රාජකාරි කරන කඩේ වැඩකරන කෙනෙක් තමයි ටයිලර් කියන්නේ... ටයිලර් දවසක් ෆිචර්ට පරණ කැමරාවක් ගෙනල්ලා දෙනවා. ඒක දැක්ක ගමන් ඇය ගොඩක් ආස වෙනවා. හම්බුන කැමරාවෙන් කරන පළවෙනි වැඩේ තමයි ටයිලර් ගේ පින්තුරයක් ගන්න. කොහොම හරි මේ කැමරාව හම්බවෙන දවසේ රෑ තමන්ගේ යාළුවෙක්ගේ ගෙදර සාදයකට ඇය යනවා. ඉතින් ගිහිනුත් හැමෝගේම ඡයාරුප ගන්නවා ඇය මේ කැමරාවෙන්.. කොහොම හරි ෆිචර්ට ආරංචි වෙනවා ටයිලර් මිය ගිහින් කියලා... ඔහුගේ මරණය අභිරහසක් වෙනවා. ඊට පස්සේ ඇයගේ තවත් යාළුවෙක් වෙන කේසිත් මිය යනවා එදිනම. ෆීචර්ට වෙන පොඩි සිදුවිමක් එක්කම සැකයක් එනවා තමන් මේ කැමරාවෙන් ගන්න පින්තුර නිසාද මේ අය මරුනුවට පත්වෙන්නේ කියලා.. හැබැයි සේරම වැටහෙද්දි ඇය තමන්ගේ යාළුවන්ගේ සේරම පින්තුර මේ කැමරාවෙන් අරන් ඉවරයි.. එතැනින් එහාට කතාවේ මොනා වේවිද? ඔවුන්ට මේකෙන් ගැලවෙන්න පුලුවන් වේවිද? ඒක දැනගන්න නම් චිත්‍ර‍පටිය අරන් බලන්නම වෙනවා.



Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ පසන් තාරුක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment