Notebook (2019) සිංහල උපසිරැසි සමඟින්


Notebook (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Notebook (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 23 sec)
06-04-2019 at 12:51 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 10 - Views: 16870



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk





ටික දවසකට පස්සේ තවත් හින්දි සිනමා නිර්මාණයක් අරන් එන්නයි සුදානම.. මේ වසරේ (2019) මාර්තු 29 තිරඟත වු මේ චිත්‍ර‍පටියේ අධ්‍යක්ෂණය Nitin Kakkar ගෙනි... Salman Khan ගේ නිශ්පාදන අයතනයෙන් නිශ්පාදනය කරපු මේ චිත්‍ර‍පටිය Zaheer Iqbal හා Pranutan Bahl ගේ රංඟනයෙන් හැඩ වෙනවා.... මේ ප්‍ර‍ධාන නළු නිළි යුවලම සිනමා පවුල් වලින් පැවත එන්නන් වගේම මේ ඔවුන්ගේ පළවෙනි සිනමා නිර්මාණය. මේ දවස් වල බොලිවුඩයේ තරු පවුල් වලින් එක පාරටම සිනමාවට එන නළු නිලියන්ට නම් හොද පිළිගැනිමක් නොලැබන නිසාද මන්දා මේ චිත්‍ර‍පටියක් බොක්ස් ඔෆිස් මට්ටමින් හිට් එකක් වන්නට හැකි උනේ නම් නැහැ.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් එහෙම 2014 තිරඟත වු තායි චිත්‍ර‍පටියක් වන Teacher's Diary චිත්‍ර‍පටියේ ප්‍ර‍ති නිර්මානයක් තමයි මේක... ඉතින් චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත්.. එක බැල්මකින් ඇති වන ආදර කතා ගැන නම් අපි අහලා තියනවා දැකලා තියනවා... එත් ජිවිතේ කවදාවත් නොදැකපු කෙනෙක්ට ආදරය කරන්න පුලුවන්ද කියලා ඇහුවොත් ඒක ටිකක් අමුතු කතාවක් වේවි. කබීර් කියන්නේ හමුදා සේවයෙන් අයින් උන නිලධාරියෙක්. ඔහුට තමන්ගේ මාමාගෙන් ලැබුන ආරාධනාවක් නිසා ඔහු තමන්ගේ පියා ආරම්භ කරපු පාසලේ ඉගැන්විමට යනවා. මේ පාසල තියෙන්නේ නඟරයෙන් බොහෝම ඇත... මේ පාසලේ ළමයින් 7 - 8 ක් විතර තමයි ඉන්නේ. මේ පාසලේ කබීර් එන්න කලින් තව එක් ගුරුවරයෙක් උගන්වලා තියනවා. ඇය තමයි ෆීර්දොස්. කොහොම හරි පාසලේ ගුරු මේසේ තිබ්බේ ලාච්චුවක තිබිලා කබීර්ට සටහන් පොතක් හම්බවෙනවා. ඔහු මේක කියවන්න ගත්තාම දකිනවා මේක කලින් මේ ඉස්කොලේ හිටපු ෆීර්දොස් ටීචර්ගේ සටහන් පොත කියලා. ඉතින් ඔහු මේ සටහන් පොතේ හැම දෙයක්ම කියවන්න පටන් ගන්නවා... ඒ වගේම ඔහු ඇයට හිතින් පෙම් කරන්නත් පටන් ගන්නවා... ඉතින් එතැනින් එහාට මේ ආදර කතාව විදිම ඔබට බාරයි...

මේ චිත්‍ර‍පටියේ තියන ගිය හතරක්ම දැනටමත් මගේ හිතට අල්ලපු ගීත වෙලා නම් අහවරයි... ඔබටත් ඒක එසේම වේවි කියලා මං හිතනවා... එහෙනම් කාලේකට පස්සේ තමයි උපසිරැසියක් අරන් ආවේ...ඉක්මනින්ම නැවත හමුවෙමු.. හැමෝටම සුභ දවසක්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at info@zoom.lk

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment