Luka Chuppi (2019) සිංහල උපසිරැසි සමඟින්


Luka Chuppi (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Luka Chuppi (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 03 sec)
06-12-2019 at 12:01 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 22 - Views: 20017



Tags:


උපසිරැසි ගැන්වීම: දර්ශන නිශාන්ත පීරිස්




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න ආපහු තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් ඉක්මනින්ම ආවා... Laxman Utekar විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත කරන්නේ මේ දින වල ගොඩක් ජනප්‍රිය Kartik Aaryan විසින්... මිට අමතරව ප්‍ර‍ධාන නිළිය චරිතයට Kriti Sanon රංඟනයෙන් දායක වෙනවා... මාර්තු මස පළමු වැනිදා ලොව පුරාම තිරඟත කරන්න ආරම්භ කරපු මේ චිත්‍ර‍පටියේ කෝටි 126ක බොක්ස් ඔෆිස් ආදායමක් වාර්තා කරමින් තිරඟතවුනා.

කතාව ගැන කිව්වොතින් එහෙම මේ චිත්‍ර‍පටියට පාධක වෙන්නේ live-in relationship මාතෘකාව.. තේරෙන සිංහලෙන් කිව්වොත් කසාද නොබැද එකට ජිවත්වෙන එක ගැන. අපේ රටේ තාමත් මේක වැඩිතරම් සිදු නොවුනත් ඉන්දියාවේ මේ කාරණාව සැහෙන තරම් සිද්ධ වෙනවා මුම්බායි දිල්ලි ආශ්‍රිත නඟර වල.. ගොඩක් තරුණ ජෝඩු මේ ලෙස ජිවත් වෙන නිසාම ඇතැම් මහල් නිවාස වල නිවෙස් පවා මේ අයට නොදිමට ඒ පලාත් වල මිනිස්සු තිරණය කරලා තියනවා. හැබැයි කොහොම හරි උසාවි තින්දුවක් පවා නිකුත් වෙලා තිබ්බා මේ විදියට ජිවත් වෙන එක වැරැද්දක් නෙමෙයි නිසා කාටවත් එහෙම ජිවත් වෙන අයව විවේචනය කිරිම අඩම්තේට්ටම් කිරිම හෝ කුලි පදනමකින් ගෙවල් වල ඉන්න අයව පලවා හැරිම තහනම් කියලා. ඉතින් අපි චිත්‍ර‍පටියේ කතාව පැත්තට ආවොත් ගුඩ්ඩු ෂුක්ලා කියන්නේ රුපවාහිනි නිවේදකයෙක්.. මොහුගේ හොදම යාළුවා තමයි අබ්බාස් කියන්නේ.. කොහොම හරි තමන් වැඩ කරන රුපවාහිනි නාලිකාවට රශ්මි කියලා ගැණු ළමයෙක් රාජකාරි වලට එනවා. මේ රශ්මි කියන්නේ ඔවුන් ජිවත් වෙන මතුරා පලාතේ ප්‍ර‍ධාන පක්ෂයක මන්ත්‍රිවරයෙක්ගේ දුවෙක්... මේ කියන පක්ෂයේ නම තමයි සංස්කෘතිය රැක ගැනිමේ පක්ෂය. මේ අය කරන්නේ අර කලින් කිව්වා වගේ කසාද නොබැද එකට ජිවත් වෙන ජෝඩු වලට විරුද්ධව වැඩ කරන එක... ඉතින් කොහොම හරි රශ්මි හා ගුඩ්ඩු ටික කාලයක් යද්දි පෙම්වතුන් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි රශ්මිගේ කිමකට දෙන්නා දැන අදුනගන්න කියලා මතුරා පලාතෙන් ටික කාලේකට පිටවෙලා වෙන පලාතකට ගිහින් එකට ජිවත් වෙන්න තිරණය කරනවා.. තමන්ගේ තාත්තා එකට ජිවත් වෙන ජෝඩු වලට විරුද්ධ කාරණාවම ප්‍ර‍ධාන මාතෘකාවක් කරගෙන ඡන්දේ ඉල්ලද්දි එයාගේම දුව කොල්ලෙක් එක්ක කාටත් හොරෙන් එකට ජිවත් වෙනවා වෙන පලාතක... ඉතින් ඔහොම ආදරෙන් ඉන්න ගුඩ්ඩු හා රශ්මිගේ මේ ජිවිතේ හිතුවේ නැති විදියට වෙනස් වෙන්නේ පුංචිම පුංචි සිදුවිමක් නිසා... ඒ සිදුවිම මොකක්ද වගේම එතැනින් එහාට මේ දෙන්නාට මොනාද වෙන්නේ වගේම තමන්ගේ තාත්තා මේක දැනගත්තාම මොනා කරාවිද කියලා මේ චිත්‍ර‍පටිය අරන් බලන්නම වෙනවා.. එහෙනම් හමුවෙමු තවත් චිත්‍ර‍පටියකින් ලඟදිම...




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති සියළුම HD-WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment