JERSEY (2019) සිංහල උපසිරැසි සමඟින්


JERSEY (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
JERSEY (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
06-17-2019 at 11:18 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 13 - Views: 19345



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor



Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






අද නම් ඉතින් අරගෙන ආවේ ඔයාල හැමෝම මග බලාගෙන හිටපු Nani එක්ක Shraddha Srinath ප්‍රධාන චරිත නිරූපනය කරන Jersey තමයි අද මේ විදියට ඔයාලට අරගෙන එන්නේ,Imdb 9.0 වගේ විශාල අගයක් ලබා ගන්න සමත්වෙල තියෙනවා මේ චිත්‍රපටිය. sports drama වර්ගයට අයත් වෙන මේ චිත්‍රපටිය ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් වැලදගත්තා කියන්න පුලුවන්

කතාව ගැන කිව්වොත්,අර්ජුන් (Nani )අවුරුදු 36ක් වෙන යම් කිසි හේතුවක් නිසා රස්සාවෙනුත් තහනම් වෙලා දැන් මොකුත් නොකර ඉන්න කෙනෙක්. ඉතින් මෙයා මෙහෙම හිටියට මීට අවුරුදු 10කට කලින් හොද ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඉතින් යම් කිසි හේතුවක් නිසා මෙයා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නවා. ඒ හේතුව චිත්‍රපටිය බලලම දැනගන්න එක තමයි හොද,මේ කොහොම උනත් මෙයා මොනා කරත් මෙයාගෙ සහයට හිටියේ මෙයගේ බිරිද සාරා (Shraddha Srinath) විතරයි. මෙයාලට පුතෙක් ඉන්නවා එයාගේ නම නානි,ඉතින් අර්ජුන් එයාගේ පුතාට ගොඩක් ආදරේ කරන කෙනෙක්.. මෙහෙම ඉන්න අතරේ පුතගේ උපන්දිනේට අර්ජුන්ගෙන් එය ජර්සියක් ඉල්ලනවා. ඉතින් රස්සවක් නොකර අර්ජුන් ඒකට සල්ලි හොයාගන්න කොච්චර උත්සහ කරත් හොයාගන්න බැරිවෙනවා. එතකොටයි එයාට තේරුම් යන්නෙ එයා ඇත්තටම කවුද කියලා. ඉතින් ඒකෙන් පස්සේ එයා තීරනය කරනවා ආයෙත් ක්‍රිකට් ක්‍රීඩාවට එන්න. ඉතින් දැන් ඉන්නෙ ඉස්සර හිටපු අර්ජුන් නෙවෙයි අවුරුදු 36ක කෙනෙක්.. මේක හරිනම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්න වයස. එහෙනම් ඔයාලට බාරයි අර්ජුන්ගේ ජීවිතේට ඉස්සරට මොනාද වෙන්නේ කියලා අරගෙන බලන එක...


ඒ එක්කම මේ උපසිරැසියත් එක්ක මගේ උපසිරැසි ගමනේ 100 වැනි කඩඉම පසුකරනු ලබනවා... Akhil (2016) චිත්‍ර‍පටියෙන් 2017 ජනවාරි මස 15 වැනිදා ආරම්භ කරපු ගමන් මග තමයි මේ විදියට 100 වැනි උපසිරැසිය සම්පුර්ණ කරන්නේ... මේ උපසිරැසි 100 ඇතුලත
දමිළ චිත්‍ර‍පටි - 32ක් තෙලෙඟු චිත්‍ර‍පටි - 35ක් හින්දි චිත්‍ර‍පටි - 18ක් ඉංග්‍රිසි චිත්‍ර‍පටි - 7 මලයාලම් චිත්‍ර‍පටි - 1 කන්නඩ හා බෙංගාලි චිත්‍ර‍පටි 7 ක්
ඔයාලා වෙනුවෙන් ලබා දිලා තියනවා. හැමභාෂාවකම වගේ චිත්‍ර‍පටි මං ඉතින් ඔයාලාට ගෙනල්ලා දිලා තියනවා... එහෙනම් වැඩි කතාවක් තවත් ඕනි නැහැ...මේ චිත්‍ර‍පටිය අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් මමත් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Hindi Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment