Thumbaa (2019) සිංහල උපසිරැසි සමඟින්


Thumbaa (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Thumbaa (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 00 sec)
07-21-2019 at 08:23 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 12 - Views: 25258



Tags:


උපසිරැසි ගැන්වීම: ඉසුරු දිසානායක




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





අද අරන් ආව චිත්‍ර‍පටිය fantasy adventure comedy ඝණයට අයත් වෙන චිත්‍ර‍පටියක්... මේක එක අතකින් බැලුවොත් ළමා චිත්‍ර‍පටියක් ලෙසටත් අරගන්න පුලුවන් .. මොකද පොඩ්ඩන්ටයි ලොක්කන්ටයි හිනා වේවි බලන්න පුලුවන් චිත්‍ර‍පටියක් කියලාත් මේක කියන්න පුලුවන්. Harish Ram L. H. විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත ලෙස Darshan,KPY Dheena,
හා Keerthi Pandian රංඟනයෙන් දායක වෙනවා. මෙහි සංඟිත අධ්‍යක්ෂනය Anirudh Ravichander ගෙනි...

කතාව ගැන කිව්වොත් එහෙම.. හරි හා උමාපති කියන්නේ මිතුරන් තිදෙනෙක්. උමාපති කියන්නේ චිත්‍ර‍ ශිල්පියෙක් .. එතකොට හරි කියන්නේ එදා වේල හොයාගන්න එක එක රැකියා කරන කෙනෙක්. එකම රැකියාවේ හරීට වැඩි කල් ඉන්න ලැබෙන්නේ නැහැ එයා කරන වැඩ නිසාම. කොහොම හරි උමාපතිට වැඩක් ලැබෙනවා කැලේක තියන වනජිවි පාක් එකක කොටියෙක්ගේ ස්මාරකයක් හා බිත්තියක චිත්‍ර‍ වඟයක් අදින්න. හැබැයි මේ වනජිවි උද්‍යානයේ කොටියෙක් නිදහසේ සැරිසරනවා කියලා ආරාංචියක් මේ කාලේ පැතිරෙනවා. මේ නිසා උමාපතිට චිත්‍ර‍අදින්න උදව් කරනන්ම් කිව්ව යාළුවා එන්නේ නැති වෙනවා. මේක දැනගත්ත හරි උමාපතිගෙන් ඉල්ලිමක් කරනවා ඔහු එන්නම් කියලා. නමුත් උමාපති දන්නවා හරි කියන්නේ වැඩක් කරන්න ගියොත් අනාගන්න කෙනෙක් කියලා. කොහොම හරි අන්තිමට වෙන විකල්පයක් නැති නිසා උමාපති හරී වත් එක්කගෙන මේ කැලේට යනවා. කැලේදි මේ දෙන්නාට සිද්ධවෙන කතාව නම් බලන එකම තමයි වටින්නේ. ඒ වගේම මේ කැලේට වර්ෂා කියන ගැණු ළමයාත් එනවා මේ කැලේ ඉන්න කොටියාගේ පින්තුර ටිකක් ගන්න. කොහොම හරි අහම්බෙන් වගේ මේ තුන්දෙනා එකිනෙකාට හම්බ වෙනවා.. ඉතින් මේ කැලේ ඉන්න කොටියාගෙන් බේරිලා උමාපතිට වැඩේ කරගන්න පුලුවන් වේවිද කියලා චිත්‍ර‍පටිය අරන්ම බැලුවොත් බලාගන්න පුලුවන්. ඒ වගේම තව කල්ලියක් මේ කැලේ ඉන්නවා මේ කොටියාව අල්ලගන්න ඇවිල්ලා. ඉතින් මේ සිදුවිම් හැම එකම බලන්න මේ චිත්‍ර‍පටිය අරන් බලන්න පුලුවන්. ඒ වගේම දමිළ සිනමාවේ අපි කවුරුත් හඳුනන ජනප්‍රියම නළුවෙක් මෙහි අරාධිත රංඟනයකින් දායක වෙන්නත් ඉන්නවා. එහෙනම් අරන් බලන්න.... මං සමුගන්නවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු දිසානායක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment