The Curse Of La Llorona (2019) සිංහල උපසිරැසි සමඟින්


The Curse Of La Llorona (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
The Curse Of La Llorona (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 59 sec)
07-23-2019 at 11:22 AM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

English Movies
Favorites: 11 - Views: 17224



Tags:


උපසිරැසි ගැන්වීම: චානක ජයරත්න




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





නැවතත් ඉතින් අරන් ආවේ කවුරුත් කුතුහලයෙන් බලන් ඉදපු Horrorඝනයට අයත් අලුත් චිත්‍රපටයක් තමයි.චිත්‍රපටය නිකුත් වුනේ නම් April මාසයේ ඉතින් අපි කවුරුත් දන්නවා චිත්‍රපටය නිකුත් වේලා ටික කාලයක් ගියහම තමා අපිට එකේ හොද පිටපතක් ලැබෙන්නෙ කියලා. චිත්‍රපටය බලන්න තිබ්බ අසාවම නිසා කලින්ම සබ් කරලා තමා තිබුනේ. ඔන්න දැන් රිලීස් වුන ගමන්ම ෆිල්ම් ඒක ඔයාලට බලන්න ගේනවා.ඔයගොල්ලො හැමොටම ඉතින් මතක් වෙන්නේ Horror කිව්වොත් The conjuring ෆිල්ම් ඒකනෙ,ඒ කතා මාලාවෙම ඇනබෙල් චිත්‍රපට ටිකත් බලලා ඇතිනේ. ඉතින් මේ ෆිල්ම් ඒකත් ඒකට පොඩි සම්බන්ධයක් තියෙනවා. ෆිල්ම් එකේ විස්තර ටිකක් කියනවනම් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Michael Chaves, රචනා කරලා තියෙන්නේ Mikki Daughtry සහ Tobias Iaconis විසින්.ප්‍රධාන රංගන දායකත්වය සපයන ලාලොරොනගෙ චරිතය නිරූපණය කරන්නේ Marisol Ramirez ... scooby doo බලලා තියෙනවා නම් වෙල්මාගෙ චරිතය කරන Linda Cardellin නුත් මේ චිත්‍රපටයට ලොකු දායකත්වයක් දෙනවා,තව සෙසු චරිත හැටියට Raymond Cruz,Tony Amendola,Patricia Velasquez, Irene Keng..etc ළමා චරිත වලට Roman Christou, Jaynee-Lynne Kinchen,Oliver Alexander,Aiden Lewandowski යන අයත් දායකත්වය සපයා තිබෙනවා.

හරි එහෙනම් පොඩ්ඩක් කතාව ගැන කියන්නම් 16 වන් ශතවර්ෂයෙ මෙක්සිකොවේ එක්තරා ප්‍රදේශයක රූමත් කාන්තාවක් ජීවත් වුනා. මෙයාගේ නම තමා ලාලොරොනා. ඉතින් එයාට හදිසියේම ගමට පැමිණෙන පොහොසත් කඩවසම් තරුණයකු මුණ ගැසෙනවා,දෙන්නා හැදින ගෙන වැඩි දවසක් යන්න කලින් කසාද බැදලා ඊට පස්සෙ ළමයින් දෙන්නෙකුත් ලැබෙනවා,ඉතින් ඔහොම ටික කලක් ගෙවෙද්දි ඇයට දැනගන්න ලැබෙනවා ඇයගේ සැමියා වෙනත් ගැහැණු කෙනෙක් සමග සම්බන්ධකමක් ඇති කරගෙන කියලා. ඉතින් ඒකට පළිගන්න කියලා හිතාගෙන ඇය තමන්ගේම දරුවෝ දෙන්නා දියේ ගිල්ලවලා මරලා දානවා,දුක දරා ගන්න බැරිවුන ඇයත් පසුව එම වතුරටම පැනලා දිවි නසාගන්නවා. කෙන්තියෙන් වෛරයෙන් හා දරු දුකෙන් මැරුණු ඇය ඉපදෙන්නෙ දරුණු යක්ශනියක් වෙලා,එතනින් පස්සෙ ඇය තමන්ගේ දරුවො හොය හොය, ලමයි මරලා තමන් ලගට ගන්නවා.ඉතින් ඔය කතාව පාදක කරගෙන තමා ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ,19 වන ශතවර්ශයෙ තාත්තත් නැතුව ජීවත් වෙන පුංචි පවුලකට තමා මේ ලාලොරොනගෙ ශාපයට මුහුන දෙන්න වෙන්නෙ.ඉතින් මේ අම්මා වැඩ කරන්නෙ ළමයින්ගෙ සුබසාධනය සදහා සේවා සපයන ස්ථානයක,එයාට භාර දෙන ළමයින් දෙදෙනෙක් තමා කලින්ම ලලොරොනා මරා දමන්නේ, එතනින් පස්සේ තමා මේ ආත්මේ ඇයගේ ළමයින් පස්සෙ වැටෙන්නේ.ඉතින් එහෙනම් ෆිල්ම් එක බලන්නකො අන්තිමට මොකද වෙන්නෙ කියලා දැන ගන්න.එහෙනම් නවතිනවා යලිත් දවසක හමුවෙමු.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චානක ජයරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment