Dhrusti (2019) සිංහල උපසිරැසි සමඟින්


Dhrusti (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dhrusti (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 24 sec)
08-01-2019 at 07:52 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 7 - Views: 18022



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





දීර්ඝ කාලයකට පස්සෙ ඔන්න මම ආයෙමත් චිත්‍රපටයකට උපසිරසියක් අරගෙන ඔයාල හමුවට ආවා. අද මම අරගෙන ආවෙ 2019 වසරේ ජූලි මස නිකුත් වූ Crime/thriller/drama ගණයට අයත් තෙලුගු චිත්‍රපටයක්..මේක සිනමා ශාලාවල තිරඟත වුන චිත්‍ර‍පටියක් නම් නෙමෙයි... නෙට්ෆිලික්ස් වගේම ඉන්දියාවේ පවතින ZEE MOVIES වෙනුවෙන් නිර්මාණය කරපු චිත්‍ර‍පටියක්..

Rahul Raveendran හා pawani gangireddy මෙහි ප්‍රධාන චරිතයන් නිරූපනය කරනවා.ram abbaraju විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙනවා. කතාව පැත්තට හැරුනොත් මුල ඉදලම නරඹන්නන්ව කුතුහලයකට පත්කිරීමට චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. කතාව පටන් ගන්නේම ශේකර් කියල කෙනෙක්ගේ මරණයකින්. ඒකට සැක පිට අපේ කතාවෙ වීරයාව (මෝහන්ව) පොලීසියෙන් අත්තඩංගුවට අරන් ප්‍රශ්න කරනවා. නමුත් ඔහු ඉතා අහිංසක ඡායාරූප ශිල්පියෙක් කියල පසුව පොලීසියට තේරෙනවා. එහෙනම් ඇත්තටම මෙයාව කවුද මැරුවේ? මොකටද මරුවේ? මේ ප්‍රශ්න වලට උත්‍තර දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මරණයකින්ම පටන් ගන්න මෙම චිත්‍රපටයේ අවසානයේදී දරුණුම ගණයේ අපරාධ රැසක සුලමුල සොයාගැනීමට හැකිවෙනවා. අපේ වීරයට එයාගේ වීරවරියව හම්බෙන්නෙත් එක ආතල් වැඩක් නිසා. එහෙනම් ඒ සියල්ලම දැනගන්න ඔයාලට චිත්‍රපටය නරඹන්න කියල ආරාධනා කරනවා. ආරම්භයේ සිටම කිසිම කම්මැලිකමක් නැතුව ඔයාලට චිත්‍රපටය බලන්න පුලුවන්. මෙහි විශේශත්වය වන්නේ කිසිම ගීතයක් මෙහි අඩංගු නොවීමයි. එහෙනම් ඔයාලට චිත්‍රපටය බලන්න කියන ගමන්ම මම සමුගන්නවා.. බුදුසරණයි !!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment