7 (2019) සිංහල උපසිරැසි සමඟින්


7 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
7 (2019) සිංහල උපසිරැසි සමඟින් (10 min 59 sec)
08-02-2019 at 09:51 AM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 5 - Views: 19321



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් තවත් සුපිරිම උපරිම කුතුහලයෙන් බලන්න පුලුවන් Thriller චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ... අවසානය වෙනකම්ම මොකක්ද වෙන්නේ කියලා හිතාගන්න බැරි වෙන විදියේ චිත්‍රපටියක් තමයි මේකත්. අපිට නොහිතන අවසානයක් දැකගන්න පුලුවන්. 6.4 ක Imdb අගයක් අරගන්න සමත් වෙල තියෙන මේ චිත්‍රපටිය තමයි 7 (Seven) න්. මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ කරන්නෙ 2019 ජූනි 5 ස් වෙනිදා. වැඩි කල් යන්න කලින්ම හොද පිටපත් අන්තර්ජාලයට නිකුත් උන වගේම පරක්කු නොකරම ඔයාලට සිංහල උපැසිරසත් අපි අරගෙන ආවා

Dhuruvangal Pathinaaru,Oru Mugathirai වගේ සුපිරි චිත්‍රපටි වලින් අපි අතරට ආපු Rahman ප්‍රධාන චරිත නිරූපනය කරන මෙහි Regina Cassandra,Nandita Swetha අපිට දැකගන්න පුලුවන්. චිත්‍රපටිය පටන් ගන්න තැන ඉදන්ම කිසිම කම්මැලි කමක් නැතිව නරබන්න පුලුවන් චිත්‍රපටියක් තමයි මේක ඉතින් එහෙනම් පොඩ්ඩක් කතාව ගැනත් කියන්නම්කෝ...

රම්‍යා (Nandita Swetha) හදිසියේම මහ රෑ පොලිසියට එන්නේ තමන්ගෙ සැමියා කර්තික් දින දෙකක් තිස්සේ අතුරුදහන් කියලා පැමිණිලි කරන්න. ඒත් එයා පොලිසියට ආවට පස්සෙ තමයි දැනගන්නේ එයාට කලිනුත් වෙන කාන්තාවක් තමන්ගේ සැමියා අතුරුදහන් වෙලා කියල පැමිණිලි කරල තියෙනවා කියලා. පොලිසියෙන් එයාගේ ෆොටෝ එක පෙන්නුවාමයි තේරුම් ගන්නෙ කලින් කාන්තාවත් පැමිනිලි කරලා තියෙන්නේ රම්‍යාගේ සැමියා අතුරුදහන් වෙලා කියලමයි කියලා. ඒත් රම්‍යාගේ සැමියම තමයි එයාගෙත් සැමියා. ඉතින් ඔහොම පරීක්ෂන වෙන අතරේ අල්ලපු නගරේ පොලිසියෙන් තොරතුරක් ලැබෙනවා මෙයාල ඉන්න පොලිස් ස්ථානයට තමන්ගේ සැමියා අතුරුදහන් කියලා තවත් කාන්තාවක් ඇවිත් පැමිණිලි කරලා කියලා. විස්තර හොයල බලන කොට ඒත් රම්‍යාගේම සැමියා තමයි. දැන් කාන්තාවන් තුන් දෙනෙක් පැමිනිලි කරලා ඒත් ඔක්කොම පැමිණිලි කරලා තියෙන්නේ කාර්තික් තමන්ගේ සැමියා එයා අතුරුදහන් කියලා

ඉතින් මේ පටලැවිල්ල මොකක්ද? ඇත්තටම කාර්තික් මේ කාන්තවන් තුන් දෙනාම රවට්ටලද? එතකොට දැන් කර්තික් කොහෙද? එයාට මොකද වෙලා තියෙන්නෙ?

කතාවේ මුල් ටික විතරයි මම කිව්වේ එත් අතුරුදහන් වීමේ කතාවක් නෙවෙයි චිත්‍රපටියේ තියෙන්නේ අපි හිතන්නෙවත් නැති විදියට කතාව වෙනස් වෙනවා. ඉතින් අරගෙන බැලුවට පාඩු වෙන්නෙ නැති චිත්‍රපටියක් තමයි මේක.... ඉතින් ආරාධනා කරනවා ඔක්කොමලට මෙ චිත්‍රපටිය අරගෙන බලන්න කියලා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment