Lisaa (2019) සිංහල උපසිරැසි සමඟින්


Lisaa (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Lisaa (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 02 sec)
08-02-2019 at 09:23 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 6 - Views: 18211



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔයාල හැමෝම නිකුත් වෙනකම්ම බලාගෙන හිටපු ඒ දමිල 3D චිත්‍රපටයට තමයි අද උපසිරසි අරගෙන ආවේ.චිත්‍රපටයේ නම තමයි lisaa 2019.මෙම වසරේ අගෝස්තු 2 වන දින තමයි මෙම චිත්‍රපටයේ හොද කොපියක් නිකුත් උනේ.නමුත් මෙම කොපියත් proper hdrip එකක් වුවත් ඊට ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් උනේ නෑ. ඉතින් අපේ සයිට් එකේ ලහිරු උදයංග සහෝදරයාගේ පූර්ණ උපකාරීත්වයත් සමග මෙම චිත්‍රපටයට අසා ලිවීමක් ලෙස උපසිරසි නිර්මාණය කරා. 3.8 imdb අගයක් හිමි කරගැනීමට සමත් වූ මෙම චිත්‍රපටයට 76%ක ගූගල් පරිශීලකයන්ගේද කැමැත්ත හිමි වී තියෙනවා.

Raju Vishwanath විසින් අධ්‍යක්ශිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ දමිල සිනමාවේ අපි හැමෝම ආදරය කරන සුරූපී නිලී Anjali [ලීසා] විසිනි. ඒ වගේම දමිල සිනමාවෙ විකට නළුවකු වන yogi babu වගේම වැඩිම තෙලුගු චිත්‍රපට ප්‍රමාණයක රගපෑ අපි හැමෝම කැමති විකට නළු Brahmanandam ද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ. drama/thriller/horror ගණයට අයත් මෙම චිත්‍රපටය මුල සිටම කිසිම කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් කියල 100% මට විශ්වාසයි.

කතාව පැත්තට හැරුනොත් මෙම කතාව ගලායන්නේ ලීසා කියන මිණිපිරිය විසින් තමා කවදාවත් දැකල නැති තම ආච්චිවයි සීයවයි බලන්න යන ගමනකිනි. ඇත්තටම ඒ ගෙදර ගොඩාක් භයානක පාළු ගෙදරක්. කතාවේ 90% පමණ දේවල් සිදුවෙන්නේ ඒ ගෙදර ඇතුලේ තමයි. ලීසාගේ ආච්චියි සීයයි ගොඩාක් අමුතු වගේම ගොඩාක් භයානක දෙදෙනෙකි. ඒ ගෙදරදි ලීසාට ගොඩාක් භයානක දේවල් අත් විදින්න සිද්ද වෙනවා. ඒ මොනවද කියල දැනගන්න නම් ඔයාලට චිත්‍රපටය බලන්න වෙනවා ඉතින් ලීසාගේ සීයා ගොඩාක් මිනීමරපු කෙනෙක්, ඒක පිටුපසත් ලොකූ කතාවක් තියෙනවා. ඒ කතාවත් ඔයාලට චිත්‍රපටය බලනකොට දැනගන්න පුලුවන්

මේක දමිල චිත්‍රපට ප්‍රේක්ෂකයින්ට නම් වෙනස්ම වෙනස් අත්දැකීමක් වෙනවා නිසැකවම. මෙම චිත්‍රපටයෙන් ඔයාලට වැදගත් ආදර්ශයක් ලබාදෙනවා. ඒ තමයි කවදාවත් ඔයාලව හදපු වඩපු අම්මව තාත්තව වයසට ගියාට පස්සෙ තනිකරන්නෙපා එයාලාගේ දේපළ ආදිය අරන් එයාලව වැඩිහිටි නිවාස වලට ගිහින් දාන්නෙපා කියන එක. හොද දෙමව්පියන්ගේ හැදිච්ච දරුවෙක් නම් කවදාවත් කිසිම විටෙක එහෙම දෙයක් කරන්න එපා කියල ඔයාල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා.

අවසාන වශයෙන් චිත්‍රපටය නරඹන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන්, උපසිරැසිය සදහා සහය දුන් ලහිරු උදයංග සහෝදරයාට ස්තූතිවන්ත වෙමින් මම සමුගන්නවා. බුදුසරණයි !!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment