Dear Comrade (2019) සිංහල උපසිරැසි සමඟින්


Dear Comrade (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dear Comrade (2019) සිංහල උපසිරැසි සමඟින් (4 min 41 sec)
08-30-2019 at 08:30 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

Tamil Movies
Favorites: 6 - Views: 23659



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






කොම්රේද් කියන්නේ මොකක්ද?
ඔයාගෙ අයිතිය වෙනුවෙන් සටන් කරන්න ඕනි
ඒ වෙනුවෙන්ඔ යා ධේර්‍යයෙන් බය නැතිව කතා කරන්න ඔනි
ඒක වෙනුවෙන්,
මොන අමරුකමක් ආවත් ඒකට එරෙහි වෙන්න ඔනි
ඒක හැබෑ කරගන්න
ඔයා ගමන් කරන සංචාරයේ ඔයාට උදව් කරන කෙනෙයි කොම්රේද් කියන්නේ..

ඉතින් කොහොමද කට්ටිය.. ඔන්න අද ආවේ තෙලෙගු සිනමාවෙන් ලස්සන චිත්‍රපටියක් අරගෙන. මතකයිනේ අපේ Geetha Govindam ජෝඩුව...මැඩම්... මැඩම් .. කියාගෙන පස්සෙන් ගියේ ගීතාගේ. තෙලෙගු සිනමාවට ආදරේ කරන අයනම් නොබලපු චිත්‍රපටියක් වෙන්නනම් බෑ Geetha Govindam. මොකද ඒක ඒ තරම්ම රසික රසිකාවියන්ගේ සිත් ඇද බැද ගත්තා. විශේෂයෙන්මම ඒකේ රගාපාපු විජයි සහා ගිතා යන චරිත ගොඩක්ම රසිකයන් අතර ජනප්‍රිය උනා. ඉතින් ඔයා Geetha Govindam බලල නැත්නම් ඒකත් අරගෙන බලන්න කියල ඉල්ලනවා. මොකද ඔයාට හොද තෙලෙගු චිත්‍රපටියක් මගැරිලා නිසා.

ඉතින් වැඩි විස්තර ඕනි නෑනේ ඔන්න ඉතින් අද අද අරගෙන ආවේ Geetha Govindam ගොඩක්ම ජනප්‍රිය උන යුවල Vijay Devarakonda සහ Rashmika Mandanna රගපාන අලුත්ම චිත්‍රපටිය Dear Comrade.මේක නිකුත් වෙන්නෙ 2019 ජූලි 29,ඔන්න ඉතින් චිත්‍රපටිය ආපු සැනින්ම අපි සිoහල උපැසිරැසිත් අරගෙනම ආව,Imdb 7.1 ක අගයක් ලබාගන්න සමත් උන මේ චිත්‍රපටිය දැනගන්න ලැබෙන විදියටනම් හින්දියෙනුත් නැවත නිර්මාණය කරන්න යනව කරන් ජෝහර්,එහෙම උනොත් Vijay Devarakonda චිත්‍රපටියක් හින්දියෙන් නිර්මාණය වෙන දෙවනි වතාවට වෙනවා,මොකද දැනටමත් Arjun Reddi හින්දියට නිර්මාණය උනා Kabir Singh නමින්,එහෙම උනොත් ඊලග අවුරුද්දෙ ඒකත් බලන්න පුලුවන් වෙයි,

එහෙනම් Dear Comrade කතාව ගැන ටිකක් කියන්නම්.. චේතන්‍යා නැත්නම් බොබී (Vijay Devarakonda) කියන්නේ කොලේජ් එකේ ශිෂ්‍යය එකමතුවේ නායකයා කොලෙජ් එකේ කාට හරි ප්‍රශ්නයක් උනොත් අනිවාර්යයෙන්ම මෙයා තමයි උදව් කරන්නේ.. බොබී කියන්නෙ කාටවත් බය නැති හැමවෙලෙම රණ්ඩුවට යන කෙනෙක්. බොබී එහෙම උනාට අපර්ණා දේවි (Rashmika Mandanna )කියන්නෙ රන්ඩු වලට කැමති නැති කිසිම ප්‍රශ්නයක් දාගන්න කැමති නැති ගොඩක් බය ගැහැණු ළමයෙක්,ඉතින් අපර්ණාගේ ජීවිතේට බොබී ආවම තමයි සියල්ලම වෙනස් වෙන්න පටන් ගන්නේ... මේ දෙන්නා හම්බවෙන්නෙත් ලස්සන විදියකට.. ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකෝ. ඉතින් වැඩිය කතාව ගැන මොකුත් කියන්නෙ නෑ. අපර්ණා දේවිගේ චරිතෙන් සියළුම ගැහැණු ළමයින්ට හොද ආදර්ශයක් ගන්න පුලුවන් වෙයි. එහෙනම් ඉතින් ඔයාටත් මෙහෙම කොම්රේද් කෙනෙක් ඉන්නවද නැත්නම් එහෙම කොම්රේද් කෙනෙක් හිටියා නම් හොදයිද කියල අරගෙනම බලන්නකෝ!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment