Blank (2019) සිංහල උපසිරැසි සමඟින්


Blank (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Blank (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 19 sec)
09-03-2019 at 12:51 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Hindi Movies
Favorites: 5 - Views: 22921



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






අද අරන් එන්නේ ක්‍රියාදාම චිත්‍ර‍පටි වලට ඇල්මක් දක්වන හැමෝටම බලන්න වටිනම චිත්‍ර‍පටියක්.. Behzad Khambata විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටියේ ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ 90 දශකයේ හින්දි සිනමාවට නැතිවම බැරි උන ක්‍රියාදාම නළුවෙක් වෙන Sunny Deol විසින්. මිට අමතරව Karan Kapadia,Karanvir Sharma හා Ishita Dutta මෙහි සෙසු චරිත වලට රංඟනයෙන් දායක වෙනවා.... කලින්ම මං කිව්වානේ මේක ක්‍රියාදාම චිත්‍ර‍පටියක් කියලා... එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම් කෝ.. එස් එස් දේවාන් (Sunny Deol) කියන්නේ ත්‍ර‍ස්තමර්ධන හමුදාවේ වැඩ කරන පරික්ෂකවරයෙක්.. ඔවුන්ට දවසක් රෝහලකින් ඇමතුමක් එනවා අනතුරකට මුණ පාලා ආව පුද්ගලයෙක් ගැන... පුදුමය දනවන කාරණාව කියන්නේ මේ පුද්ගලයාගේ ශරිරයටම හයි කරලා බොම්බයක් තියනවා... ඒක ඔහුගේ හද ගැස්ම එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. නිකමට හරි මේ පුද්ගලයා මිය ගියොත් මේ බොම්බය පුපුරවනවා... මේ පුද්ගලයාගේ නම තමයි හනිෆ්... මොවුන් ඉන්දියාවේ බොම්බ මාලාවක් සිදුකරන්න තමයි ඇවිල්ලා තියෙන්නේ.. හැබැයි මේ අනතුරත් එක්කම හනිෆ්ගේ මතකය නැති වෙනවා. ඔහු දන්නේ නැහැ ඔහු මොකකට ඉන්දියාවට ආවාද වගේම මේ බොම්බය ඇයි ඔහුගේ හයි කරලා තියෙන්නේ වත් කියලා... ඉතින් මේ හනිෆ් කියන්නේ ඇවිදින බොම්බයක් නිසා ඔහුට විරුද්ධව මේ දේවාන් මොනා කරාවිද.. එතකොට මොහු වගේම තව බොම්බ පුපුරගන්න ආව පුද්ගලයින්ව කොටු කරගන්න මේ අයට හැකිවේවිද? ඒක බලන්න පුලුවන් වෙන්නේ චිත්‍ර‍පටිය නැරඔුවොත් තමයි..


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment