Jackpot (2019) සිංහල උපසිරැසි සමඟින්


Jackpot (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Jackpot (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 27 sec)
09-07-2019 at 12:31 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 5 - Views: 20128



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






එකෝමත් එක කාලෙක එකෝමත් එක ගමක ලිදක් හාරගෙන ඉන්න පුද්ගලයෙක්ට අමුතු භාජනයක් හම්බවෙනවා.. ඉතින් මෙයා මේක හොදට හෝදලා එහෙම කරල ඒකට කිරි පුරෝල පැත්තකින් තියල තියෙනවා. එත් ටික වෙලාවකට පස්සෙ මෙයා දකිනවා ඒ භාජනේ පෙරලිලා කිරි ටික ඔක්කොම අපතේ යනව කියලා.. එත් පුදුමේ කියන්නේ කොච්චර කිරි අපතේ ගියත් අර භාජනේන් තාම කිරි එනවා. එතකොටයි මෙයාට තේරුම් යන්නෙ ඒ භාජනේ නිකන්ම භාජනයක් නෙවෙයි මාය බදුනක් කියලා... ඒක නිසා මෙයා ගමේම ඉන්න පෝසතෙක් වෙනවා. එත් දවසක් හොරු කට්ටියක් ඇවිල්ල මේ භාජනේ හොරකම් කරනවා...

ඊට පස්සේ 1999 අවුරුද්ද එක දවසක...පොඩි ළමයෙක් ගේ මැද පැලයක් හිටෝලා ඒක දිහා බලාගෙන ඉන්නවා. මොකද සාස්තර කාරයෙක් කියලා තියෙනවා මේකට හොදට සාත්තු කරොත් දවස් තුනක් ඇතුලත සල්ලි හැදෙනවා කියලා.. ඒක එහෙම වෙන අතරේ ඒ ගමේ ලොකුම සල්ලි කාරයෙක් වෙන සෝමසුන්දරම් කියන කෙනෙක් කඩයක් ගාව තනියම ඉදගෙන ඉන්නවා. ඒ අතර එතන ඉන්න සාස්තර කාරයෙක් මොකක්ද පුහුණු වෙනවා දැකල මෙයා කියනව එයාව අරගන්න කියල එයාගේ පුහුණුවට කියලා...

ඊට පස්සේ 2019 අවුරුද්ද එතැනින් තමයි කතාව පටන් ගන්නේ. අක්ශු (Jyothika ) කියන්නේ හැමොටම වංචා කරල සල්ලි හොයාගන්න කෙනෙක්. එයාගේ සහායකය තමයි එයාගේ අම්මා ඒ තමයි මාෂා (Revathi ) ඉතින් මේ දෙන්නගෙ වැඩ මෙහෙම යන අතරේ දැනගන්න ලැබෙනවා අර ඒ කාලේ හම්බවුන භාජනය ගැන. ඉතින් මෙයාල ඒක ගන්න කරන වැඩ ටික නම් බලන්නම වටිනවා... එහෙම ඒ කතාව වෙන අතරේ රාගුල් කියල තරුණ කොල්ලෙක් සාස්තර කාරයෙක්ට හොදටම බනිනවා. ඒ මොකද කියල චිත්‍රපටිය අරගෙනම බලන්නකො. ඉතින් ඒ බැනිල්ලෙන් එයාට හොදක්නම් වෙන්නේ නෑ... මොකද සාස්තර කාරය ශාප කරනව තව විනාඩි දෙකක් ඇතුලත රාගුල් එයාව හොයාගෙන එයි කියලා.

ඉතින් ඇත්තටම රාගුල්ට මොකක්ද කරපු ශාපය?
අර සල්ලි වැවෙනකම් බලන් හිටපු ළමයට මොකද උනේ?
ඒ වගේම සෝමසුන්දරම් අරගෙන කරපු අතහදාබැලීමට මොකද උනේ?
මේ ඔක්කොම දැනගන්න චිත්‍රපටිය අන්තිම වෙනකම්ම බලන්න වෙනවා

Kaatrin Mozhi,Raatchasi වගේ ලගදී ගොඩක් චිත්‍රපටි වලින් දැකගන්න ලැබුනු Jyothika ගේ අලුත්ම චිත්‍රපටිය Jackpot (මායා බදුන) තමයි අද අරගෙන ආවේ මෙහෙම.. සැකයක්නම් නෑ බලන්න ගත්තු වෙලේ ඉදන් හිනාවෙලා බලන්න පුලුවන් කියලනම් කියන්න පුලුවන්. ඒ විතරක්ම නෙවෙයි හොද ක්‍රියාදාම ටිකකුත් බලාගන්න පුලුවන්,Imdb 6.3 ක අගයක් ගන්න පුලුවන් උන මේ චිත්‍රපටියේ Jyothika එක්ක Revathi ප්‍රධාන චරිත නිරූපනය කරනවා. ඒ වගේම Yogi Babu,Anandaraj,Rajendran වගේම තවත් නළු නිලියෝ රැසක් දායක වෙනවා..ඉතින් හිනාවෙන්න ආස අය අරගෙනම බලන්න ඕනි චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්






*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment