Kazhugu 2 (2019) සිංහල උපසිරැසි සමඟින්


Kazhugu 2 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Kazhugu 2 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 12 sec)
09-12-2019 at 02:30 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 11 - Views: 19660



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ මාසයේ නිකුත් වෙච්ච අළුත්ම දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.ගූගල් පරිශීලකයන්ගෙන් 85% කැමත්තක් හිමි වී ඇති මෙම චිත්‍රපටයට 10න් 6ක imdb අගයක් හිමිවෙලා තියෙනවා. 2012 වසරේ නිකුත් වූ kazhugu චිත්‍රපටයේ දෙවනි චිත්‍රපටය තමයි kazhugu 2 ලෙසින් මෙලෙස නිකුත් වෙලා තියෙන්නේ. kazhugu 1 චිත්‍රපටය බැලුවෙ නෑ කියල මේ චිත්‍රපටය බලන අයට ඒකෙන් කිසිම බාධාවක් වෙන්නේ නෑ. Kazhugu 1 චිත්‍රපටයේ වගේම මේ චිත්‍රපටයේත් ප්‍රධාන චරිතයන් නිරූපණය කරන්නේ දමිල සින්මාවෙ විශිෂ්ඨ නළුවෙක් වන Krishna (ජොනී) සහ සුරූපී නිලී Bindu Madavi (මර්ලි) විසිනි.

කතාව පැත්තට හැරුනොත් ජොනී සහ කාලි කියන්නේ ගමක ඉන්න ලෝක හොරු දෙන්නෙක්.දවසක් ඒ දෙන්නව ගමේ මෝලක් කැඩුවා කියල පොලීසියෙන් අරගෙන යනවා.පොලීසියෙන් එයාලව උසාවියට අරගෙන යන අතරතුර ඒ දෙන්නා පොලීසියේ තුවක්කු 2කුත් අරගෙන වාහනෙන් පැන ගන්නවා .ඔය අතරෙදි තමයි චෙන්නයී වල කැලයක ඉන්න රතු බල්ලන් නම් දරුණු සතුන් විශේෂයක් නිසා කැලේ කපන්න යන්න බයේ ඉන්න මිනිස්සුන්ගේ බය නැති කරන්න දඩයක්කාරයොන්ව හොයාගෙන එන ගමේ ව්‍යාපාරිකයෙක්ගේ සේවකයෙක් මේ දෙන්නව දකින්නේ. අතේ තුවක්කුත් තියාගෙන මේ ඉන්නෙ දඩයක්කාරයො 2 තමයි කියල හිතාගෙන එයා මේ දෙන්නව ඒ කැලේට එක්කගෙන යනවා. චිත්‍රපටය ගලාගෙන යන්නේ ඒ කැලේ සිද්දවෙන සිදුවීම් සමගයි. අපේ ජොනීට එයාගෙ මර්ලිව හම්බෙන්නෙත් ඒ කැලේදි තමයි. කැලේ ඇතුලේ නිධානයක් තියෙනවා කියල හොයාගෙන ඒ ගමේ MLA කෙනෙක් ඒ නිධානය අරගන්නවා. ඒක කාලි සහ ජොනි දකිනවා.කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නෙ නෑ වගේ තමයි එයාලත් කැලේකට ගියාට හොරකම නවත්තන්නෙ නෑ. ඒ දෙන්න ඒ නිධානය MLA ගෙන් හොරකම් කරනවා. ඉන්පස්සෙ තමා නියම දේවල් වෙන්නේ.
කතාව මීට වඩා කියන්න යන්නෙ නෑ. චිත්‍රපටය බලන්න කියල හැමෝටම ආරාධනා කරනවා.

මෙම උපසිරසිය ගැන්වීමට මහගු උපකාරයක් දැක්වූ අපේ ලහිරු උදයංග සොයුරාටත් ස්තූතිවන්ත වෙනවා. නැවතත් අළුත්ම අළුත් චිත්‍රපටයක උපසිරසියකින් ඔයාල හමුවට එන්නම්. හැමෝටම බුදුසරණයි!!!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment