Hawaa (2019) සිංහල උපසිරැසි සමඟින්


Hawaa (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Hawaa (2019) සිංහල උපසිරැසි සමඟින් (126 min 58 sec)
09-13-2019 at 01:12 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 12 - Views: 33949



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Crime/thriller/comedy ගණයට අයත් චිත්‍රපටයකට තමයි අද උපසිරසි අරගෙන ආවේ. 2019 අගෝස්තු මස නිකුත් වුන මෙම චිත්‍රපටයට 8.3 ක imdb අගයක් වගේම 78%ක ගූගල් පරිශීලකයන්ගේ කැමත්තක්ද හිමිවෙලා තියෙනවා. මුළු චිත්‍රපටයම රූගත කරල තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකයි. චිත්‍රපටයට රගපෑමෙන් දායක වෙලා තියෙන්නේ තෙලුගු රසිකයින්ට හුරුපුරුදු පිරිසක් නෙවෙයි. තෙලුගු නළු නිළියන්ට අමතරව විදේශීය නළු නිලියන් පිරිසකුත් මෙම චිත්‍රපටයේ දක්නට ලැබෙනවා.

කතාව පැත්තට චුට්ටක් ගියොත් මේක අපරාධ රැසක් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන විහිළුසහගත කතාවක්. චාර්ලි කියන්නේ පොඩි කාලෙදිම අම්ම තාත්තා අක්කා එක්ක ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය කොල්ලෙක්. නමුත් ගිහින් මාස 10කට පස්සෙ එයාගෙ අම්මයි තාත්තයි ඇක්සිඩන්‍ට් එකකින් නැති වෙලා චාර්ලියි අක්කයි තනිවෙනවා.පොඩි කාලෙදිම හැම වැරදි වැඩක්ම චාර්ලි කරන්න පටන් ගන්නවා. ඔය අතරේ චාලිගේ යාළුවෙක් ඉන්නවා මයිකි කියලා. ඒ යාළුවා තමයි ඕස්ට්‍රේලියාවේ ඉන්න සූක්ෂම මැරයෙක් වන බිජිලිබායිගේ සේප්පුව බලාගන්න කෙනා. අශ්ව රේස් එකක තරග පාවාදීමක් ගැන චාර්ලිට ආරංචිවෙලා ඒකට ඔට්ටු දාන්න එයා මයිකිත් එක්ක එකතුවෙලා බිජිලි බායිගේ සල්ලි අරගන්නවා. නමුත් අවාසනාවකට වගේ එයාල ඔට්ටුව පරදිනවා. ඉන් පස්සෙ තමයි කතාව නියමෙටම ගලාගෙන යන්නේ. බිජිලිබායි එයාලව අල්ලගනීවිද කියන ප්‍රශ්නය ඔයාලටම ඉතුරුකරන්නම්.. ඔය එක කතාවක් විතරයි. නමුත් මේ චිත්‍රපටයේ තවත් අපූරු කතා ටිකක් තියෙනවා. ඒ කතා ටිකත් බලන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

අවසාන වශයෙන් ඔයාලට චිත්‍රපටය බලන්න කියල ආරාධනාකරමින් මම අදට සමුගන්නවා හැමෝටම බුදුසරණයි!!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment