Alcatraz [2012] Season 1 Episode 1 Sinhala Subtitles


Alcatraz [2012] Season 1 Episode 1 Sinhala Subtitles
Add to Favorites
Alcatraz [2012] Season 1 Episode 1 Sinhala Subtitles (40 min 00 sec)
10-03-2012 at 07:47 PM
Uploaded by HEDZ

Rating: 5 after 4 votes

ALCATRAZ[ TV]
Favorites: 100 - Views: 31218



Tags:




EPISODE : -

Season 1 Episode 1 -Pilot

CAST:-








ඔන්න යාළුවනේ මමත් තව අළුත් වැඩකට අත ගැහුවා. මෙදාපාර මමත් ඔයාලා වෙනුවෙන් ටීවී සීරීස් එකකට සිංහල උපසිරැසි දෙන්න ඕනේ කියලා හිතලා හොඳ ටීවී සීරීස් එකක් හොයන කොට මේ අවුරුද්දේ ෆොක්ස් රූපවාහිනී නාලිකාව මගින් විකාශනය කල ප්‍රේක්ෂකයන් අතරේ ගොඩක් ජනප්‍රිය වෙච්ච ටීවී සීරීස් එකක් ලැබුණා. ඉතිං ඒක මේ වෙනකොට පලවෙනි සීසන් එකේ සියළුම කොටස් විකාශය වෙලා ඉවරයි. ඒක තමයි Alcatraz (2012) මේක IMDb Rating 7.2/10 අරගෙන තියෙන ජනප්‍රිය රහස් පරීක්ෂක කතාවක්. මේකේ කොටස් 13 ක් විකාශනය වෙලා තියෙනවා. මම හැම සතියෙම බදදා වෙනකොට එක කොටස බැගින් උපසිරැසි ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.හැකි උනොත් සතියකට කොටස් දෙකක් හෝ නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.මේක කරගෙන යන්න අපේ උපසිරැසි කණ්ඩායමේ සාමාජිකයන්ගේ සහයත් ඉදිරියේදී ලබාගන්න මම අදහස් කරනවා.

එහෙනම් කතාව ගැන පොඩ්ඩක් විස්තර කරන්නම් මේකේ අල්කට්රා කියන්නේ 1963 දී විශේෂිත වූ සිරකරුවන් රදවාගෙන හිටිය සිර ගෙයක්. මේක පවත්වාගෙන යන්න වියදම් අධික වීම නිසා 1963 මාර්තු 21 වෙනිදා මේක වහලා දාන්න රජය තීරණය කරනවා. හැබැයි ඒ වෙනකොට මේකේ හිර කාරයෝ 303 ක් ඉන්නවා. මේක වහලා දාන්න අදාල නිළධාරීන් මොවුන්ව දූපතකට යවන්න හිතාගෙන සිරගෙදරට ගිහින් බලනකොට හිරකාරයෝ එක් කෙනෙක් වත් හිරගෙදර නැති බව දැනගන්න ලැබෙනවා. ඉතිං ඔන්න ඔහොමයි කතාව පටන් ගන්නේ. කතාව සේරම කියලා වැඩක් නෑනේ. ආ තව දෙයක් මෙම සිද්ධිය 1963 දී උනාට කතාව දිව යන්නේ වර්තමානයේදී. ඒ කියන්නේ මේ හිරගේ භාරව හිටපු උප බන්ධනාගාර භාරකාරයව මැරීමත් එක්ක. එම මිනිමැරුම හොයාගෙන යනකොට හිතාගන්න බැරි කරුණු අනාවරණය කරගන්නට මේ සම්බන්ධයෙන් පරීක්ෂණය කරන රහස් පරීක්ෂකවරිය වන රෙබෙකා මැඩ්සන්ට අනාවරණය කරගන්න පුළුවන් වෙනවා. ඉතිං ඇය විසින් අනාවරණය කරගන්නේ මොනවද? මේ පරීක්ෂණයට මොකක්ද වෙන්නේ කියලා මේ පළවෙනි දිගහැරුම බාගත කරගෙනම බලන්න කියලා ආරාධනා කරනවා.එහෙනම් ලගදිම මෙහි දෙවැනි කොටස සමගින් හමුවෙමු.

“සැමට සතුටින් පිරි සතියකට ආසිරි”


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
350MB (720P)Torrent file එක මෙතනින් ගන්න.
150MB Direct Links මෙතනින් ගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රිලංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



350MB (720P)Torrent file එක මෙතනින් ගන්න.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කර්තෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..
Submit Comment