Gurkha (2019) සිංහල උපසිරැසි සමඟින්


Gurkha (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Gurkha (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 35 sec)
10-21-2019 at 08:55 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 14 - Views: 18799



Tags:


උපසිරැසි ගැන්වීම: තිසර දර්ශන විතාන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





මේ වසරේ නිකුත් උන comedy/thriller ගණයට අයත්වෙන Gurkha නම් දමිල සිනමා පටයටයි අද මම උපසිරසි අරන් ආවේ.5.7ක imdb අගයක් වගේම 88% ගූගල් කැමත්තකුත් හිමිවෙලා තියෙන මේ චිත්‍රපටය පැය 2 විනාඩි 25 පුරාවට හිනාවෙවී එකම හුස්මට බලල දාන්න පුලුවන්. කතාවේ නළු නිළියන් ගැන බලද්දි ඔයාලටම ඒක හිතාගන්න පුලුවන්. ප්‍රධාන චරිතය දමිල සිනමාවේ විකට රජෙක් මෙන් සිටින yogi babu (බහුදූර් බාබු) නිරූපණය කරනවා. ඒ වගේම තවත් දමිල විකට නළුවන් රාශියක් මේ සිත්තම තුලින් දැක බලාගන්න පුලුවන්.ඒ අතරින් Anandaraj,manobala,mayilsamy,charle,ravi maria කියන ශිල්පීන් ප්‍රමුඛත්වයක් අරන් තියෙනවා. යෝගි බාබූ සාමාන්‍යෙන් දමිල සිත්තමක පොඩි කොටසකට තමයි සහභාගී වෙන්නේ. ඒ පොඩි කොටසෙන්ම රසිකයන් කීදෙනෙක්වම හිනස්සන්න එයා සමත්වෙලා තියෙනවද?ඉතින් හිතාගන්නකෝ මේ මුළු චිත්‍රපටය පුරාම ඔහුගේ චරිතය දිව යන කොට ඔයාලව කොච්චර නම් හිනස්සයිද?

කතාව පැත්තත් බැලුවොත් බාබු කියන්නේ ගුර්කා කියන පරම්පරාවකින් එන කෙනෙක් (ගුර්කා කියන්නේ අතීතයේ තමිල්නාඩුවේ ගම් ආරක්ෂාකරන්න හිටපු මිනිස්සු ජාතියක්).එයා එයාගෙ ආච්චි සහ තවත් ගුර්කාවරයෙක් එක්ක තමයි ඉන්නේ.ගුර්කි පරපුරේ අවසන් පුරුක තමයි අපේ බාබු කියන්නේ.එයා අවුරුදු ගානක් තිස්සෙ පොලිස් රස්සාවට යන්න කැමැත්තෙන් හිටිටත් යම් හේතුවක් නිසා එයාට පොලීසියට බැදෙන්නම වෙන්නෙ නෑ. එයා පොලිස් පුහුණුවට ගියත් එයාගෙ ආතල් නිසා එතනින් එලවගන්නවා.ඉතින් පාර අයිනට වෙලා ඉන්න බාබුට සිකුරුටි සර්විස් එකක සේවකයින් අවශ්‍යයි කියල පත්‍රිකාවක් හම්බෙනවා.ඉතින් බාබූ ඒ රස්සාවට ඇතුලත් වෙනවා.ටික දවසක් රස්සාව කරාට පස්සෙ එයාව ඒ තැනින් සාප්පු සංකීර්ණයකට මාරුකරනවා.එතනින් පස්සෙ තමා හොදම වැඩේ වෙන්නේ.ඒ සාප්පු සංකීර්ණය ත්‍රස්තවාදීන් කල්ලියක් යටත් කරගන්නවා.ඒත් බාබු ඒ සංකීර්ණය ඇතුලෙමයි ඉන්නේ.ඒ බවක් ත්‍රස්තවාදීන් දන්නෙත් නෑ..සාප්පුවේ ත්‍රස්තවාදීන් තියාගෙන ඉන්න ප්‍රාණ ඇපකරුවන්ව බේරගන්න බාබු ගහන ආතල් ගේම් තමයි ඊලඟට වෙන්නේ..ඉතින් කතාව කිව්වා ඇති නේ? කතාව බැලුවම ඔයාටම තේරේවි මේක කොච්චර ආතල්ද කියලා.

චිත්‍රපටය බලලම තීරණය කරන්නකෝ කොහොමද ආතල් කියලා..එහෙනම් මං කැපුනා බුදුසරණයි !!!



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තිසර දර්ශන විතාන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment