Pailwaan (2019) සිංහල උපසිරැසි සමඟින්


Pailwaan (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Pailwaan (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
10-29-2019 at 11:05 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 6 - Views: 24385



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






කට්ටිය ගොඩක් ආසාවෙන් බලාගෙන හිටිය චිත්‍ර‍පටියක් තමයි මේ විදියට අරන් එන්නේ... මේක 2019 වසරේ සැප්තැම්බර් මස නිකුත් වුවක්... කන්නඩ චිත්‍ර‍පටියක් වෙන මෙය හින්දි දමිළ හා තෙලෙගු භාෂා ත්‍රිත්වයෙන්ම හඩකවාද තිරඟත වුනා... එහෙම වෙන්න හේතුවක් උනේ මේ චිත්‍ර‍පටියේ මේ සියළුම ශ්‍රේෂ්ත්‍ර‍ වල නළුනිලියන් රංඟනයෙන් දායක විමයි... හින්දි සිනමාවේ දැවැන්ත චරිතයක් වෙන Suniel Shetty පවා මෙහි රංඟනයෙන් දායක වෙනවා. මෙහි අධ්‍යක්ෂණය S. Krishna ගෙනි. මෙහි ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ Sudeep Sanjeev විසින්... තෙලෙගු හා කන්නඩ සිනමා රසිකයන්ට නම් මොහු හුරුපුරුදු නළුවෙක් වෙන්නම ඕනි.. ඊට අමතරව Aakanksha Singh ද ප්‍ර‍ධාන නිලියගේ චරිතයට රංඟනයෙන් දායක වෙනවා...

කතාව ගැන කිව්වොත් සර්කාර් (Suniel Shetty) කියන්නේ දක්ෂ මල්ලවපොර ශීල්පියෙක්... මොහුගේ හිනයක් වෙනවා රටට මල්ලවපොර පැත්තෙන් කීර්තියක් අරන් දෙන්න.. නමුත් ඔහුට ඒක බැරි වෙනවා.. කෙමෙන් කෙමෙන් වයසට යනවාත් එක්කම මොහු කරන්නේ ඒ ගමේ ඉන්න තරුණ අයට මල්ලවපොර උගන්වන එක... මේ අතර දවසක තමයි ක්‍රිෂ්නාව ඔහු දකින්නේ.. සර්කාර්ට ක්‍රිෂ්නාව හමුවෙද්දි ඔහු අවුරුදු 12 - 14 ක තරුණ වයසේ කෙනෙක්. නමුත් ඔහුගේ තියන උනන්දුව දැක්ක නිසාම තමන්ගේ දරුවෙක් වගේ සර්කාර් විසින් ක්‍රිෂ්නාට මල්ලවපොර උගන්වමින් හදාගන්නවා.. අවුරුදු 10 - 15ක් ගෙවිලා යද්දි ක්‍රිෂ්ණා මේ පලාතේ හොදම පොරබදන්නෙක් බවට පත් වෙනවා. සර්කාර්ගේ හැබැකරගන්න බැරි උන හිනේ ක්‍රිෂ්නාගෙන් හැබැකරගන්න ඔහු හින දකිනවා... ක්‍රිෂ්නා පවා මේ හිනයට යන්න සැහෙන මහන්සිවෙලා වැඩ කරනවා... එහෙම වෙලාවක තමයි රුක්මනිව (Aakanksha Singh) ව අහම්බෙන් හමුවෙන්නේ... මේ දෙන්නාගේ අහබු හමුවිම ආදරයක් දක්වා පෙරලෙනවා... ක්‍රිෂ්නා සර්කාර්ගේ හැබැකරගන්න මහන්සිඋන හිනය මේ දෙන්නාගේ හමුවිම නිසා ටිකෙන් ටික ඇත්වෙලා යනවා... එතැනින් එහාට මොනා වේවිද? සර්කාර්ගේ හිනය මේ පාරත් බොදවෙලා යාවිද? ක්‍රිෂ්නා හා රුක්මනිගේ ආදරකතාවට මොනා වේවිද සේරම දැනගන්න මේ චිත්‍ර‍පටිය අරන් බලන්නම වෙනවා...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment