Dora And The Lost City Of Gold (2019) සිංහල උපසිරැසි සමඟින්


Dora And The Lost City Of Gold (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dora And The Lost City Of Gold (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 12 sec)
11-12-2019 at 08:23 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 26 - Views: 16156



Tags:


උපසිරැසි ගැන්වීම: නූවන් සමීර




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඉතින් කොහොමද අපේ උපසිරැසි බලන යාලුවෝ ටික එහෙම.කාලෙකින් ආව නිසා මම කවුද කියන්න දන්නෙත් නැතුව ඇති. අවුරුද්දකට විතර පස්සේ තමයි මේ උපසිරැසියක් අරගෙන එන්නේ. ඇනිමේෂන් බලන යාලුවෝ නම් මාව හොදට දන්නවා ඇති. මට බනිනවත් ඇති මොකද පහුවෙච්ච වැඩ ගොඩක් තියේ ඉවරකරල දෙන්න. කරදර ජරමර ඔක්කොම අස්සේ ආපහු නිකමට හිතුනා සබ් වැඩේට බහින්න.කාලයක් මගේ විනෝදාංශය උනේ සබ් කරන එක තමයි.ඒත් මේ රස්සාවයි ප්‍රශ්නයි අරව මේවා එකතු උනාම එකට ඔලුව නිදහස් කරගන්න බැරි උනා.සොරි වෙන්න ඔනේ මගේ පරණ වැඩ ටික එනකන් බලන් හිටපු හැමෝටම, ඒ ටිකත් ඉවර කරල දෙන්න හිතාගෙනම තමා ආපහු වැඩේට බැස්සේ. ඉතින් ඔන්න කාලෙකින් තමයි මම ඉංග්‍රීසී චිත්‍රපටයකට උපසිරැසි ගේන්නේ.මතක හැටියටනම් පලවෙනි එකද කොහෙද. මේකත් live action පැත්තට ආවට මේකෙ ඇනිමේෂන් එකනම් ගොඩක් ප්‍රසිද්ධයි. පොඩි ලමයි නම් බලලා නැතිවෙන්න විදියක් ඇත්තෙම නෑ. ඩෝරා කිව්වම ඉතින් ආයේ අහන්න දෙයක් නෑ. ඉතින් මේ nickelodeon කියන ඇනිමේෂන් රූපවාහිනී නාලීකාවක විකාශය උන කතාමාලාවක් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. Dora and the Lost City of Gold චිත්‍රපටය තමයි ඔන්න අද උපසිරැසි ගෙනත් තියෙන්නේ. imdb 6/10 වගේ අගයක් අරගෙන තියෙනවා වගේම ලමා වැඩිහිටි කාටත් ආසාවෙන් බලන්න පුළුවන් කතාවක් කියල මට සහතිකවම කියන්න පුලුවන්. ඉතින් අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමු.

ඩෝරා කියන්නේ කැලේ ජීවත් වෙන ගෑනු ලමයෙක්.අම්මා තාත්තා දෙන්නම ගවේෂකයන් නිසා ජීවිතේ ගෙවෙන්නේම කැලේ අලුත් දේවල් ගවේෂණය කරන ගමන්. ඉතින් ඒ අස්සේ මේ ඩෝරාගේ අම්මයි තාත්තයි හොයාගන්නවා පැරණි ඉන්කාවරුන් හැදුවයි කියන රත්‍රන් පිරුණු සැගවුණු නගරයක් ගැන. ඉතින් ඒ ගැන හොයන්න ඩෝරාගේ දෙමව්පියන් යන්න හදනවා වගේම ඩෝරාව නගරයේ මිනිස්සුන්ට
හුරුකරන්න හිතාගෙන ඇයව නගරයට යවනවා. ඇයගේ නෑදෑ වෙන සහෝදරයෙක් ලගට.ඩියේගෝ කියන්නෙ ඒ සහෝදරයා තමයි. ඩෝරාට මිනිස්සු එක්ක ගැවසිලා නැති නුහුරු ගතිය නිසා කරදර ගොඩකට මූණ දෙන්න වෙනවා.ඒ අතරේම නැති උන නගරය හොයන්න ගිය ඩෝරාගේ දෙමව්පියන්ගෙනුත් ඇමතුමක් නැතුව අතුරුදහන් වෙන්න ගන්නවා.ඒ අතරතුරේ තමයි ඩෝරාට මුණගැහෙන්නේ සැමී සහ රැන්ඩි කියන යාලුවෝ දෙන්නත්. ඉතින් මෙහෙම ඉන්නකොට පාසලෙන් එක්ක ගිය ක්ෂේත්‍ර චාරිකාවක වෙච්ච කලබලයක් නිසා ඩෝරා ඩියේගෝ රැන්ඩි සහ සැමී හතර දෙනාම පැහැරගෙන යනවා. ඇත්තටම ඒ පැහැරගෙන යන්නේ නිධන් හොරු කට්ටියක්.ඔවුන්ට ඔනේ මේ සැගවුණු නගරයේ තියෙන නිධානය හොරකම් කරන්න. ඉතින් ඩෝරා සහ එයාගේ යාලුවෝ තුන්දෙනා එකතුවෙලා ඩෝරාගේ දෙමව්පියන් හොයාගනීවිද.? ඔවුන් මේ නැති උන නගරය හොයාගනීවිද? ඒක ඉතින් බලලම තමයි දැනගන්න වෙන්නේ. මේක ක්‍රියාදාම ගවේෂණයන් සියල්ල පිරුණු ලස්සන කතාවක්.
එහෙනම් මගේ කතාව මීට වඩා දුර ගෙනියන්න අදහසක් නෑ.ඒ වගේම කියන්නම් මගෙන් මග හැරුණු Trollhunters තුන්වෙනි කතාමාලාව ඉක්මනටම ගේන්න තමයි බලපොරොත්තු වෙන්නේ.ඒක ගැන බලන් හිටපු මගේ රසිකයෝ හැමෝටම තමයි ඒ ආරංචිය කිව්වේ.එහෙනම් මේ වගේ තවත් ලස්සන වැඩකින් නැවත හමුවෙන තුරු. කමෙන්ට් එකක් එහෙම හලාගෙන යන්න කම්මැලි වෙන්න එපා. අපිට ඉතුරුවෙන්නේ ඔයාලගේ හොද නරක ප්‍රතිචාර තමයි. හැමෝටම ජය... !



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment