Rambo Last Blood (2019) සිංහල උපසිරැසි සමඟින්


Rambo Last Blood (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Rambo Last Blood (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 34 sec)
12-08-2019 at 09:01 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 15 - Views: 16861



Tags:


උපසිරැසි ගැන්වීම: ගිහාන් උදාර


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





සෑහෙන කාලෙකින් මේ පැත්තට ආවා ෆිලුමක් අරගෙන. 'Rambo' මම හිතන්නේ මේ නම කියවෙද්දී අපි හැමෝම දන්නවා කවුද මේ කියලා. මොකද මේ නම ඒ තරම් සුප්‍රසිද්ධ නමක්. අපි හැමෝගෙම පොඩි කාලේ වීරයෙක් තමයි මේ රම්බෝ කියන්නේ මොකද අපි ඒ තරම් ආසාවෙන් තමයි මේ රම්බෝ ෆිල්ම්ස් බැලුවේ.. කට්ටියට මතකනම් 1982 Rambo First blood නමින් මුල්ම චිත්‍රපටියට එළිදකිනවා. ඒම චිත්‍රපටිය ඉතාමත් සාර්ථක ලෙස මුලු ලෝකයේම සිනමාලෝලින්ගේ සිත් ආක්‍රමණය කරන්න පටන් ගන්නවා. එතැන් පටන් Rambo First blood part 2 චිත්‍රපටිය 1985 වසරේදිත්, Rambo 3 චිත්‍රපටිය 1988 වසරේදිත්, Rambo නමින් 2008 වසරේදිත් චිත්‍රපටියක් නිකුත් වෙනවා.මෙම අතිසාර්ථක Rambo යන ගමනේදි 2019 එනම් මේ වසරේදිත් ලෝක සිනමාලෝලීන්ගේ පිපාසය සන්සිදවීමට Rambo Last blood නමින් චිත්‍රපටියක් සැප්තැම්බර් 18 වෙනිදා නිකුත් වෙනවා.

මේම නවතම රම්බෝ චිත්‍රපටියත් ක්‍රියාදාම වලින් අනූන ච්ත්‍රපටියක් බව කිව යුතුමයි.Rambo Last blood (මා සිතන පරිදිනම් මෙය මෙම Rambo චිත්‍රපටි මාලාවේ අවසානය විය යුතුයි.) සැප්තැම්බර් 18 වෙනිදා නිකුත්වුන චිත්‍රපටිය ඇමරිකානු ඩොලර් 80වකට වැඩි බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නවා ඇමරිකානු ඩොලර් 50ක නිෂ්පාදන පිරිවැයක් දැරීමෙන්. IMDB 6.5 අගයක් ගන්නත් සමත් වී තිබෙනවා.

නලු නිලි කැල ගැන කතා කලොත් අපි කවුරුත් දන්නා පරිදි Rambo ලෙස සුප්‍රකට රංගධර Sylvester Stallone අතිදක්ෂ රංගනයක යෙදෙනවා. දැන් ඉතිං එයාට වයසයිනේ සෑහෙන්න 😁😁 තවත් සුපිරි තරු කීපයක්ම මේ චිත්‍රපටිය සදහා ඔවුන්ගේ රංගන හැකියාව ලබාදී තිබෙනවා. මෙවර මෙහි අධ්‍යක්ෂණය කරනු ලබන්නේ Adrian Grunberg විසින්. කතාව ගැන කියනවනම් කලින් රම්බෝ ෆිල්ම් වල වගේම පලිගැනීම තමයි මේ කතාවෙත් ගලායාම වෙන්නේ. ජෝන් රම්බෝ තමන්ගේ සැදෑසමය නිදහසේ පාඩුවේ ගත කරමින් සිටින විට අනපේක්ෂිත මුහුණ දෙන්නට සිදුවන සිදුවීමක් නිසා ඔහුව නැවතත් අර පරණ රම්බෝ නම් වීරයා බවට පත්වෙනවා.මෙච්චරයි කතාව ගැන කියන්නේ වැඩිය කියන්න හොද නෑ එතකොට කතාවම මම කිව්වා වෙන නිසා.😁😁

ආහ් තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේක අපේ ප්‍රමෝද මාමා භාරගත්තු ෆිලුමක්. එයා වෙනත් ෆිලුමක සබක් කරන නිසා මට මේක අපේ දර්ශන සීයා දුන්නා සබ් එක කරලා දෙන්න කියලා. මම හිතනවා මම උපසිරැසි ගැන්වීම සාර්ථකව කරා කියලා. ඒවගේම කියන්න ඕනි ඔයාලට ඉදිරියේදි ලබාදෙන්න සූදානමින් Tv series එකකුත් මේ දිනවල උපසිරැසි ගන්වමින් ඉන්නේ. එහෙනම් ඉතිං ෆිලුම බලන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. ගිහින් එන්නම්, ජයවේවා!!.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any English Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ගිහාන් උදාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment