Zombieland Double Tap (2019) සිංහල උපසිරැසි සමඟින්


Zombieland Double Tap (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Zombieland Double Tap (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 34 sec)
12-24-2019 at 01:26 PM
Uploaded by HEDZ

Rating: 4 after 1 votes

English Movies
Favorites: 11 - Views: 20734



Tags:


උපසිරැසි ගැන්වීම: හිමාෂ් තිලකරත්න


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඔන්න එහං ආයෙමත් ෆිල්ම් එකක් උස්සගෙන ආවා උණු උණුවෙන්ම.. මීට දවස් කිහිපයකට කලින් හොඳ පිටපතක් නිකුත් වුනු Zombieland : Double Tap චිත්‍රපටයයි මේ විදිහට අරගෙන ආවේ.. ඉස්සරෝම කියන්න ඕන ඔයාලා මේ චිත්‍රපටය බලන්න යන්නෙ Zombieland (2009) චිත්‍රපය නොබලා නම් අනිවාර්‍යයෙන්ම ඒක බලලා මේක බල්ල ගන්න.. නැත්තං අහසින් කඩාපාත් වුනා වගේ මේක බලන්න ගියො මේ කතාව තේරෙන්නෙ නැතුව අන්තිමට අපිත් බැනුම් අහනවා ඒක හින්දා මුළින්ම කියන්න ඕන ඒක බලලා ඉන්න මොකද මේ කතාවට පදනම වැටෙන්නෙ ඒකෙන්..

සාමාන්‍යයෙන් චිත්‍රපටයක පලැනි කොටස ඇවිත් දෙවෙනි එක එන්න ගොඩ කාලයක් ගියොත් එහෙම ඒකෙ ඉන්න ප්‍රධාන චරිතවලට රඟපාපු අය පවා වෙනස් වෙනවා.. ඒත් අවුරුදු 10කට පස්සෙත් ඒ එකම හතර දෙනාම මේ චිත්‍රපටයෙනුත් දැකගන්න ලැබීම විශේෂත්වයක්.. ඉතිං ලොකු කතා නැතුව චිත්‍රපය පැත්තට හැරෙමු..

පලවෙනි චිත්‍රපටයෙදි එකට හම්බෙන කොලොම්බස්, ටැලහාසි, විචිටා, ලිට්ල් රොක් එහෙම්මම මෙකෙත් ඉන්නවා.. එයාලා දැන් අවුරුදු 10 වයසට ගිහින්නෙ ඉතිං පලවෙනි චිත්‍රපටයෙදි අවුරුදු 12ක් වුන ලිට්ල් රොක් දැන් ලොකු කෙල්ලෙක්... ඉතිං දැන් එයාට එයාගේ වයසේ තව අය කොල්ලෙක් වගේ වුවමනාවල් එනවනේ.. ඉතිං මෙයාට මේ තුන් දෙනා එක්කම ඉඳලා එපා වෙලා කියලා දැනුන විචිටා සුපුරුදු පරිදි ලියුම් කෑල්ලක් ලියලා නංගිත් එක්ක පැනලා යනවා.. මේ වෙද්දි විචිටායි කොලොම්බසුයි අතර සම්බන්ධයක් වගේ තිබ්බට එහෙමමත් නැද්ද මංදා කියලා හිතෙනවා.. ඉතිං කෙල්ලො දෙන්නා පැනලා ගියාට පස්සෙ ඉතිං කොලොම්බස්ට අලිත් කෙල්ලෙක් හම්බෙනවා.. ඊට පස්සේ අපහු විචිටා එනවා මෙයාලා හිටපු තැනට.. එතකොටයි කොලොම්බසුයි ටැලහාසී දන්නෙ ලිට්ල් රොක් සංගීතකාරයෙක් එක්ක පැනලා ගිහින් කියලා...

ඉතිං මුළු කතාවම කියන්න ඕන නැටි නිසා ඔයාලම මේක අරගෙන බලන්න.. ඕනවට වඩා අප්‍රසන්න දේවල්වලට කැමති නැත්තං බැලුවෙ නෑ කියලා අපේ කිසිම විරුද්ධත්වයක් නෑ.. ඉතිං ආයෙමත් අළුත් චිත්‍රපටයක් අරගෙන හම්බෙන්නම් ඔබ සැමට සුභ දවසක්! තෙරුවන් සරණයි!




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිමාෂ් තිලකරත්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment