Hero (2019) සිංහල උපසිරැසි සමඟින්


Hero (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Hero (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 14 sec)
01-21-2020 at 08:56 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 23 - Views: 24589



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







පොඩි කාලේදී ළමයෙක්ගෙන් ඔයා ලොකු උනාම කවුද වෙන්නේ කියලා ඇහුවාම?
මම දොස්තර කෙනෙක් වෙලා ජීවිත බේරගන්න ඕනි
පොලිස් නිලධාරියෙක් වෙලා ගම රැකගන්නවා
හමුදා නිලධාරියෙක් වෙලා රට රැකගන්නවා
කියල සුපිරි වීරයෙක් වගේ කතා කරනවා
ඒත් ඒ ළමයගෙන්ම ඉගෙනීම ඉවර උනාට පස්සේ ගිහින් කවුද වෙන්නේ කියලා ඇහුවාම
මාසෙට හොද ලොකු පඩියක්
බැංකුවේ ලොකු ගානක් ඉතුරු කරගන්න ඕනි
හොද ගෙයක් කියලා ගොඩක් ආත්මාර්ථකාමි විදියට කතා කරනව
සුපිරි වීරයෙක් වගේ කතා කරපු එයාව ආත්මාර්ථකාමියෙක් කරේ කවුද?

ඇත්තටම එහෙම සුපිරි වීරයෙක් වගේ කතා කරපු එයාව ආත්මාර්ථකාමියෙක් කරේ කවුද ඒ ළමයව ආත්මාර්ථකාමියෙක් කෙරෙව්වේ කවුද? ඒකට උත්තරේ දැනගන්න ඕනිනම් බලන්න වෙනවා Hero...
ඔන්න ඉතින් 2019 තමන් රගපාපු ගොඩක්ම චිත්‍රපටි අසාර්ථක වෙද්දි 2019 වර්ෂනය අවසානයෙ Sivakarthikeyan සුපිරි චිත්‍රපටියක් අපිට අරගෙන එනවා ඒක තමයි Hero...හීරෝ කියන්නේ අපිට ලොකු කතාවක් කියන්න හදන චිත්‍රපටියක්. අපේ රටේ උනත් ගොඩක් නව නිපැයුම් බිහිවෙනවා කියලා දැනගන්න ලැබුනත් ඒවා වැඩිය ඉස්සරාට යන්නෙ නෑ මොකද ඒවට අත හිත දෙන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැති නිසා ඉතින් හීරෝ චිත්‍රපටියෙනුත් ඔයාලට ඒ සමාන කතාවක් බලාගන්න පුලුවන්...

කතාව ගැන ටිකක් කිව්වොත්..ශක්තිවේල ් නැත්නම් ශක්ති (Sivakarthikeyan) කියන්නේ හොර සහතික හදන වගේම සල්ලි අරගෙන හොද හොද කොලෙජ් වලට ළමයින් ඇතුල් කරන කෙනෙක්.. ඉතින් මෙයා හිතාගෙන ඉන්නේ මෙයා කරන්නේ නැති බැරි අයට හොදක් කියලා ඒ කොහොම උනත් මෙයා ඔක්කොම කරන්නෙ සල්ලි වලට. මෙයාගේ ඉන්න පලාතෙම තමයි ජීවත් වෙන්නෙ මදී කියල ගැහැණු ළමයෙක් ශක්ති එයාට සලකන්නෙ එයාගේම නංගි කෙනෙක් විදියට. ඔහොම ඉන්න ශක්ති දවසක් ප්‍රදර්ශනයකට යනවා එහෙදී තමයි ශක්තිට මීරා (Kalyani Priyadarshan) හම්බවෙන්නේ. මීරා ශක්තිගේ ජීවිතේට සම්බන්ධ වෙන හැටිත් බලන්නම වටිනවා. ඉතින් මදී කැමතියි තවත් ඉහලටම ඉගෙන ගන්න ඒත් එයලට සල්ලි නැති නිසා ඒ අදහස අයින් කරගන්නවා කොහොම හරි මේ කාරණෙ දැනගන්න මීරා ශක්තිට කියනවා පුලුවන්නම් කාටවත් සල්ලි දෙන්නෙ නැතිව වංචා කරන්නෙ නැතිව මදිව හොද කොලේජ් එකකට දාන්න කියලා එතනින් තමයි ශක්තිට මොකද වෙන්නේ කියලා ඔයාලට බලන්න ආරාධනා කරනවා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment