Dabangg 3 (2019) සිංහල උපසිරැසි සමඟින්


Dabangg 3 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Dabangg 3 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
02-15-2020 at 07:26 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 8 - Views: 30622



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






ඔන්න ඉතින් අද අරගෙන ආවේ 2019 දෙසැම්බර් 20 නිකුත් උන සල්මාන් ඛාන්ගේ Dabangg 3 චිත්‍රපටිය.. කොහොම හරි Dabangg 3 ගැන ලොකු බලාපොරොත්තුවක් චිත්‍රපටි රසිකයන් තියාගෙන හිටියට ඒ ඔක්කොම අනිත් පැත්ත පෙරලුනා කියලා නම් කියන්න පුලුවන්. මේ චිත්‍රපටිය සල්මාන් ඛාන්ගේ රසිකයන් වෙනුවෙන්ම විතරක් නිර්මාණය කරා වගේ තමයි හිතන්න පුලුවන්කො වෙන්නේ.. කොහොම හරි ඉතින් ඔන්න චුල්බුල් පාන්ඩේව ආයෙත් ඔයාලට දකින්න හම්බවෙලා තියෙනවා. ඉතින් සල්මාන් ඛාන් එක්ක සුපුරුදු පරිදි සොනාක්ෂි සිංහාත් අපිට දැකගන්න පුලුවන්. ඊට අමතරව සුදීප්,සයිජී මන්ජේකර් ඇතුලු නළු නිලියන් රැසක් අපිට දැකගන්න පුලුවන්. Dabangg 3 චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 යි විනාඩි 40ක් තිබුනා උනත් ඔයාලට දැන් බලන්න හම්බවෙන පිටපතේ පැය 2යි විනාඩි 28යි තියෙන්නේ.... අනවශ්‍යය කියලා හිතෙන කොටස් ටිකක් අයින් කරල තියෙනවා. ඒකෙන් චිත්‍රපටිය නැරඹීමටනම් කිසිම බාධාවක් වෙන්නේ නැ..

හරි එහෙනම් කතා ගැන ටිකක් කියන්නම්.. Dabangg 3 චිත්‍රපටිය ගෙතෙන්නෙ Dabangg 1 සහා Dabangg 2 චිත්‍රපටිවල කලින් අතීතේ උන සිද්ධියක් එක්ක. ඉතින් චුල්බුල් පාන්ඩේ (සල්මන් ඛාන්) කියන්නෙ අවංක පොලිස් නිලධාරියෙක්නේ. ඉතින් දවසක් මෙය ඉන්න පලාතේ ගෑණු ලමයි වගයක්ව පැහැරගෙන යන්න කිසියම් පිරිසක් උත්සහ කරනවා. ඒක ආරංචිවෙන චුල්බුල් ගිහින් ඒ ළමයින්ව බේරගන්නවා. ඊට පස්සෙ පැහැරගන්න ආපු ඒ පිරිසව අත් අඩංගුවට අරගෙන හිරේට දානවා ඉතින් එහෙම උනාට එයාට නිදහසේ ඉන්න ලැබෙන්නේ නෑ... ඒ පලාතේ ඉන්න මැරයක් වෙන බාලි සිං ගෙන් (සුදීප්) චුල්බුල්ට තර්ජනයක් එනවා ඒ අල්ලගත්තු අයව නිදහස් කරන්න කියලා ඉතින් මේ බාලි සිංව දැක්ක ගමන් තමයි චුල්බුල්ට මතක් වෙන්නෙ මේ එයා කලින් මරපු මනුස්සයා නේද කියලා.. එත් මෙයා ජීවත් වෙන්නේ කොහොමද කියනඑක ප්‍රශ්නයක්... ඇත්තටම කොහොමද එයා ජීවතුන් අතර ඉන්නේ... එතකොට චුල්බුල් බාලි සිංව මරන්න හේතුව උනේ මොකක්ද? එහෙනම් අරගෙන බලන්න Dabangg 3



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment