Ala Vaikunthapurramuloo (2020) සිංහල උපසිරැසි සමගින්


Ala Vaikunthapurramuloo (2020) සිංහල උපසිරැසි සමගින්
Add to Favorites
Ala Vaikunthapurramuloo (2020) සිංහල උපසිරැසි සමගින් (125 min 56 sec)
02-27-2020 at 06:06 PM
Uploaded by HEDZ

Rating: 5 after 1 votes

Tamil Movies
Favorites: 18 - Views: 32326



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]







Imdb 7.4 ක් සහ ගූගල් පරිශීලකයන්ගෙන් 89%ක්ම කැමැත්ත අරගත්තු 2020 වසරේ ආරම්භයේම තෙලෙගු සිනමාවේ සුපිරි නළුවෙක් වෙන Allu Arjun අපිට වයිකුන්තාපුරම්ලෝ වලින් හොයාගන්න පුලුවන් වෙනවා අවුරුද්දකට විතර පස්සේ. ඒ මොකද Allu Arjun අවුරුද්දක විතර විරාමයකින් පස්සේ තමයි චිත්‍රපටියක් අරගෙන ආවේ. ඉතින් ඒක එසේ මෙසේ නෙවෙයි සුපිරි හිටි එකක් තමයි. කොහොම හරි Allu Arjun ගේ චිත්‍රපටියත් එක්කම තරගයට හිටියේ තෙලෙගු සිනමාවේ තවත් සුපිරි තරුවක් වෙන Mahesh Babu.. ඒ මොකද Mahesh Babu ගේ sarileru neekevvaru චිත්‍රපටියත් තිරගත උනේ මේ එක්කමයි කොහොම හරි මේ චිත්‍රපටි දෙකම සුපිරි හිට් දෙකක් උනා කියන්න පුලුවන්. Mahesh Babu ගේ ෆිල්ම් එක මුලින්ම හොද පිටපතක් එයි කියලා තමයි ඔක්කොමලා හිතාගෙන හිටියේ ඒත් SUN NXT ලා Allu Arjun ගේ රසිකයන්ව පුදුම කරමින් කලින්ම මේ චිත්‍රපටිය අන්තර්ජාලයට නිකුත් කරනවා.. (ඔවුන්ගේ ඇප් එකෙන් ගෙවලා නරඔන්න නැතුව ටොරන්ට් නෙමෙයි SUN NXT ආයතන ටොරන්ට් වලට සම්පුර්න විරුද්ධයි වගේම ඔවුන් ප්‍ර‍සිද්ධ දමිළ ටොරන්ට් දෙන සයිට් පවා වහන්න කටයුතු කරලා තියනවා.) කොහොම හරි මේ චිත්‍රපටිය තමයි Ala Vaikunthapurramuloo ඒ කියන්නේ අර තියෙන්නෙ වයිකුන්තාපුරම්ලෝ කියන එක...

ඉතින් Ala Vaikunthapurramuloo හි Allu Arjun ,Pooja Hegde,Tabu,Jayaram ,Nivetha Pethuraj වගේ ගොඩක් නළු නිලියෝ අපිට දැකගන්න පුලුවන්.

වැඩි කතාවක් නැතිව කතාව ගැන කියන්නම්කෝ... වාල්මිකි (Murali Sharma) කියන්නේ රාජ් ගාව වැඩ කරන ගනකාධිකාරයෙක්, ඉතින් වාල්මිකී කියන්නෙ මධ්‍යමපාන්තික කෙනෙක්. ඉතින් රාජ්ගේ බෑනා තමයි රාම්චන්ද්‍ර.. රාම්චන්ද්‍ර ඉන්න ගෙදර හදුන්වන්නෙ වයිකුන්තාපුරම්ලෝ කියලා... වාල්මිකිට රාම්චන්ද්‍ර ගැන ඉරිසියාවක් තියෙනවා ඒක තමයි රාම්චන්ද්‍ර වාල්මිකී එක්ක එකම තනතුරේ ඉදන් සමාගමේ අයිතිකාරයගේ හිත දිනාගෙන ඔහුගේ දුවව බැදල මෙහෙම එක පාරටම පෝසත් වෙලා ඉන්න එකට. ඉතින් දවසක් මෙ දෙන්නගෙම බිරිදට ළමයි හම්බවෙන්න ඉස්පිරිතාලෙට ඇතුලත් කරනවා. එතනදී තමයි වාල්මිකී රාම්චන්දරගෙන් පලිගන්න හිතාගෙන ලමයි දෙන්නව මාරු කරන්නේ.. එතනින් එහාට වෙන කතාව බලන්න ඔයාලට බාරයි ඒහෙනම්....

ඒවගේම මේ චිත්‍රපටියේ ලස්සන සිංදු ගොඩක් තියෙනව.. ඒවගෙන් ගොඩක්ම ජනප්‍රිය උනා BUTTA BOMMA (සින්ඩ්‍රරෙල්ලා) සිංදුව. ටික් ටොක් වල එහෙම ඔය සිංදුව ලංකාවේ පවා සැහෙන ජනප්‍රිය උනා.. ඉතින් ඒ සිංදුව එක්කම මේ චිත්‍රපටියේ තියෙන හැම සිංදුවක්ම ඔයාලට සිංහල උපැසිරැසි එක්කම නරඔන්න පුලුවන්. එහෙනම් තෙලෙගු සිනමාවේ stylish star අල්ලු අර්ජුන් එක්ක යමු අපිත් වයිකුන්තාපුරම්ලෝ වල මොනාද වෙන්නෙ බලන්න...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment