Good Newwz (2019) සිංහල උපසිරැසි සමඟින්


Good Newwz (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Good Newwz (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 54 sec)
02-29-2020 at 08:44 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 9 - Views: 12112



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






රාජ් මෙහෙතා අධ්‍යක්ෂණය කළ Good Newwz චිත්‍රපටය සුපිරි බොලිවුඩ් නළු ආක්ෂේ කුමාර් සමගින් සුරූපී කරීනා කපූර් ප්‍රධාන රංගනයෙනුත් නවක සහ ප්‍රතිභාපූර්ණ නළු නිළි දෙපළක්වන කියාරා ආද්වානි සහ දිල්ජිත් දෝසන්ජ් සහාය රංගනයෙනුත් දායක වන අපූරු චිත්‍රපටයක්. IMDB දර්ශකයේ 7.4/10කට හිමිකම් කියන ගුඩ් නිවුස් චිත්‍රපටය කොමඩි, ඩ්‍රාමා කියන ශානරයන්ට අයත්. ඒතරාස්, අජ්නබී, කම්බක්ත් ඉෂක් වගේ අතිෂය ජනප්‍රිය චිත්‍රපට කිහිපයකදීම ආක්ෂේ, කරීනා අපූරු සුසංයෝගය අපිට දැකගන්නට ලැබුනා. රිදී තිරය මත මෙවරත් ඔවුන්ගේ ගැලපීම එදා වගේමයි. ඒ වගේම කියාරා, දිල්ජිත් දෙදෙනාගෙනුත් ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ රංගන දායකත්වයක් චිත්‍රපටයට ලැබී තිබෙනවා. ඉල ඇදෙනකම් හිනාවෙන්න පුලුවන් තැන් වගේම ඇසෙන් කඳුළක් වැටෙන තරමට සංවේදී වෙන තැනුත් ඔබට මේ චිත්‍රපටය නරඹද්දි හමුවේවි.

වරුන් බත්‍රා සහ දීප්ති බත්‍රා මැදිවියට එළඹෙමින් සිටින විවාහක යුවළක්. විවාහවී වසර ගණනාවක් ගත වුනත් ඔවුන් දරුඵල ලැබීමට වාසනාවන්ත වෙන්නේ නැහැ. ස්වාභාවික දරු උපතක් සඳහා හැකි උපරිමයෙන් උත්සාහ කරන බත්‍රා යුවළ අවසානයේදී කෘතීමව දරුඵල ලබාගැනීමේ අදහසින් ඒ සඳහාම විශේෂඥ සේවයක් සපයන රෝහලක් වෙත යොමු වෙනවා. (එතනදී වෙන්නේ පිරිමියාගෙන් ලබාගන්නා ශුක්‍රානු කෘතීමව කාන්තාවගේ ඩිම්බ සමග මුහු කර ඇයව ගැබ්ගැනීමට සැළස්වීම වගේ දෙයක්) ඉතින් වරුන් සහ දීප්ති යුවළට තිබෙන දරුඵල නොමැතිවීම කියන ගැටළුවම තිබෙන තවත් යුවළක් තමයි හනී සහ මොනිකා. ඔවුනුත් දරුඵල ලබා ගැනීම වෙනුවෙන් එන්නේ වරුන් සහ දීප්ති යන රෝහලටමයි. හොඳම වැඩේ ඒක නෙවෙයි දරුඵල නොමැතිවීම වගේම තවත් සමානකමක් මේ යුවළ දෙක අතරේ තියෙනවා. ඒ සමානකම නිසාම මේ රෝහලේදී ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න මේ යුවළ දෙකට සිද්ද වෙනවා. ඒ ගැන දැනගන්නට නම් ඔබට ගුඩ් නිවුස් බලන්නම වෙනවා. ආරම්භයේ පටන් හිනාවෙන්වම ගෙවෙන පැය දෙක අවසාන භාගයේදී ඔබටත් නොදැනීම සංවේදී වන ආකාරය ඔබටත් විඳගන්නට පුලුවන් වේවි. නරඹන්න Good Newwz



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment