Chhapaak (2020) සිංහල උපසිරැසි සමඟින්


Chhapaak (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
Chhapaak (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-09-2020 at 09:29 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Hindi Movies
Favorites: 4 - Views: 10948



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






තරුණියන් ඇසිඩ් ප්‍රහාරයන්ට ලක්වීම ලොව පුරාම මේ වනවිට සැළකිය යුතු මට්ටමේ ඛේදවාචකයක් බවට පත්ව අවසන්. ආසියානු කළාපයේ බංගලාදේශයට පසුව වැඩිම ඇසිඩ් ප්‍රහාරයන් ගණනක් වාර්තාවන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාව මෙම සමාජීය ප්‍රශ්නය ගැන දැන් දැන් සිනමා නිර්මාණ ඔස්සේ වැඩි වැඩියෙන් කතා කරන්න පටන් අරගෙන තිබෙන බවක් පේනවා. එය ඉතාම හොඳ නැඹුරුවක්. ආසන්නතම උදාහරණය ලෙස 'උයාරේ' මලයාලම් චිත්‍රපටය හරහා අතිශය බැරෑරම්ව සහ 'බිගිල්' චිත්‍රපටයේ අතුරු කතාවක් හරහාත් මේ අති අමානුෂික සමාජීය කාරණය ගැන සංවේදීව කතා කර තිබුනා. ලොව පුරා ඇසිඩ් ප්‍රහාරයන්ට ලක්වන්නන්ගෙන් 80%ක්ම කාන්තාවන් බවයි වාර්තා වන්නේ. එවන් පසුබිමක මේඝ්නා ගුල්සාර් 'Chhapaak' නිර්මාණය කරන්නේ මේ සමාජ අසාධාරණයේ වින්දිත පාර්ෂවය වෙනුවෙන් නොබියව නැගී සිටි 'ලක්ෂ්මී අගර්වාල්'ගේ සැබෑ කතාව ලෝකයාට කියන්න.

මේ වනවිට 29 හැවිරිදි වියේ සිටින ‘ලක්ෂ්මී අගර්වාල්‘ 2005 වසරේදී 15 හැවිරිදි වියේ සිටියදී දරුණු ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව තිබුනේ 32 හැවිරිදි පුද්ගලයෙකුගේ ආදරය ප්‍රතික්ෂේප කිරීමේ වරදටයි. සුරූපී මුහුණ විරූපී වීමෙන් බරපතල මානසික කඩාවැටීම් වලට ලක්වූ සහ සමාජයෙන් වහන්ව සිටින්නට උත්සාහ කළ ලක්ෂ්මී අවසනදී තීරණය කරනවා තමන්ට අත්වූ ඉරණම තවත් ඉන්දියානු තරුණියකට අත්වන්නට ඉඩ නොදී සිටිය යුතු බවට. එතැන් පටන් ඇසිඩ් ප්‍රහාරයන්ට විරුද්ධව ප්‍රසිද්ධියේ හඬ නැගූ ඇය ශ්‍රේෂ්ධිකරණය හමුවට යමින් ඇසිඩ් විකිනීම නියාමනය කළයුතු බවට ඉන්දියානු රජයට පවා බලපෑම් කරනු ලැබුවා. මේ වනවිටත් Stop Sale Acid නම් ව්‍යාපෘතිය හරහා හිතුමතේ ඇසිඩ් විකිනීමට විරුද්ධව සටන් වදින ඇය ඇසිඩ් ප්‍රහාරයන්ට ලක්වූවන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ශ්‍රේෂ්ඨ සමාජ සේවිකාවකි.

‘ලක්ෂ්මී අගර්වාල්ගේ‘ චරිතය වෙනුවෙන් දීපිකා හොඳම තෝරාගැනීම බව කිව යුතුමයි. පූර්ව ප්‍රචාරකපටය හරහා එය වඩ වඩාත් තහවුරු වුනා. තවමත් ක්ෂේත්‍රෙය් ස්ථාවරත්වයක් සොයමින් සිටින ‘වික්‍රාන්ත් මැසේ‘ හටත් මෙය තීරණාත්මක සිනමා නිර්මාණයක් වනු ඇති. ‘තල්වාර්‘ සහ ‘රාසි‘ චිත්‍රපට හරහා බොලිවුඩ් ප්‍රේක්ශකාගාරය තමන් වෙත නතුකරගත් මේඝ්නා ගුල්සාර්ගේ අධ්‍යක්ෂණයක් නිසාවෙන්ම 2020 වසරේදී නරඹන්නට ලැබෙන Chhapaak චිත්‍රපටය ඔබත් නරඔන්න.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment