1917 (2019) සිංහල උපසිරැසි සමඟින්


1917 (2019) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
1917 (2019) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-16-2020 at 12:18 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

English Movies
Favorites: 4 - Views: 16927



Tags:


උපසිරැසි ගැන්වීම: ලහීරු උදයංග




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]






නැරඹූ චිත්‍රපට මතක අතරේ War film එකක් කිව්වම මුලින්ම ඔලුවට එන්නෙ Saving Private Ryan. Continues shot film එකක් කිව්වම මුලින්ම ඔලුවට එන්නෙ Birdman. දැන් ඒ දෙකම වෙනුවෙන් 1917 කියල කියන්න පුලුවන්. War film එකක් continues shot එකකින් පෙන්නන එක කොහෙත්ම ලෙහෙසි පහසු වැඩක් නෙමේ. අනික සමස්ත චිත්‍රපටයම continues shot 2 කින් පමණක් සමන්විත වීම කොහෙත්ම සිදු කළ හැක්කක් නොවේ. විවේකයට පෙර සහ පසු කියන පැයකට ආසන්න කොටස් දෙකක් එකම දර්ශනයකින් පෙන්වන හැටි පුදුමාකාර තාක්ෂණික ප්‍රයෝගයක්. එක පෙළට දිගහැරෙන අතිශය දීර්ඝ රූප රාමුවක් අදෘශ්‍යමාන සංස්කරණයන් අඩංගු කරවමිනුයි මේ සිනමා ප්‍රාතිහාර්යය සිදුකර තිබෙන්නේ. විශේෂයෙන්ම යුධ චිත්‍රපටයක් වැනි උද්වේගකාරී දර්ශනයන් එකම රූපරාමුවකට නතු කිරීමෙන් අපූර්ව තාත්ත්වික බවක් දකින්නට හැකියි. ඇත්තටම කොහොමද මෙහෙම නොනවත්වාම රූගත කළේ කියන විශ්මය පැන නඟිනවා. ඒ ඇතුළට ප්‍රයෝගයක් ඇතුළත් කර තිබුනත් සමස්ත චිත්‍රපටය තුළම දකින්නට ලැබෙන ඒ එකම ගුණාංගය මඟින් නැරඹූ සුවිශේෂී චිත්‍රපට අත්දැකීමක් බවට අනිවාර්යයෙන්ම පත්වෙනවා.

ඒ වගේම කතන්දරයත් විශිෂ්ට නිමාවකින් යුක්තයි. ප්‍රථම ලෝක යුධ සමයේදී බ්‍රිතාන්‍ය සොල්දාදුවන් දෙදෙනෙකු මත පැවරුණු අතිශය අන්තරායකාරී මෙහෙයුමක්. ඇවිළෙන සංග්‍රාම භූමි මැදින් දිවි පරදුවට තබා කෙරෙන වීර චාරිකාවක්. තම සහෝදරය සෙඹළ ජීවිත 1600 කගේ වගකීම කර මත පැටවුණු අවස්ථාවක්. තවත් අතකින් මේ දීර්ඝ චාරිකාව Lord of the Rings හි මායා මුදුව විනාශ කරනට යෙදුනු චාරිකාව හා සමානයි. පොළවට පස්වූ ශරීර සුන්බුන් සහ මළ සිරුරු මැදින් ගමන් ගන්නා මුල්ම කොටස තුළ දැනුනා හොරර් ගතියකුත්. ඉන්පසුව සටන් බිම තුළත් දනවන සංත්‍රාසය අතිප්‍රභල එකක්. පසුබිම් සංගීතයෙන් ලබා දෙන ජවසම්පන්න බව තවත් පසෙකින් කතන්දරයෙහි තීව්‍රතාවය වැඩි කරන්නක්. යුද්ධයේ භයංකර බව වගේම සංවේදී අවස්ථාවනුත් සමබරව ඇතුළත් කර තිබීම තවත් කැපීපෙනෙන ලක්ෂණයක්.

ඒ අනුව අධ්‍යක්ෂ Sam Mendes ගේ දැවැන්ත සිනමා නිර්මාණ අතරේ කොහොමත් 1917 ට ලැබෙන්නේ සුවිශේෂී අනන්‍යතාවයක්. One continues shot කියන දේත් එක්කම මෑතකදී චිත්‍රපටයකින් දුටු දැවැන්තම පසුතළ නිර්මාණයන් සහ ඒ වෙනුවෙන් සූක්ෂමව ඇතුළත් කර තිබුනු දෘශ්‍ය ප්‍රයෝගයන් සියල්ලක්ම ඉහළම ගුණාත්මක බවකින් යුක්තයි. මේ සිනමා පටය ඔබට අමතක නොවන සිනමා අත්දැකීමක් බවට පත්කරවනු සහතිකයි



සිනමාවේදින් ෆේස්බුක් ගෘපය වෙනුවෙන්
Luckshman Aranwala විසින් පල කල ලිපියකින් උපුටාගන්න ලදි.


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ BluRay පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Movies torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment