AK Ayyappanum Koshiyum (2020) සිංහල උපසිරැසි සමඟින්


AK Ayyappanum Koshiyum (2020) සිංහල උපසිරැසි සමඟින්
Add to Favorites
AK Ayyappanum Koshiyum (2020) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
03-31-2020 at 01:46 PM
Uploaded by HEDZ

Rating: 0 after 0 votes

Tamil Movies
Favorites: 8 - Views: 19135



Tags:


උපසිරැසි ගැන්වීම: සමීර කරුණාසේන




  1. Most Popular Subtitles of this Contributor


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ටික කාලේකට පස්සේ නැවතත් අරන් ආවේ මැතකදි නිකුත් උන අලුත්ම මලයාලම් චිත්‍ර‍පටියක් සමඟින් මේ වසරේ පෙබරවාරි 20 වැනිදා නිකුත් උන මේ චිත්‍ර‍පටිය K R Sachidanandan ගේ අධ්‍යක්ෂණයක්... මෙහි Prithviraj Sukumaran සමගින් Biju Menon කියන මලයාලම් සිනමාවෙ සිටින දක්ශ නළුවන් දෙදෙනෙකු තමයි මෙහි ප්‍රධාන චරිත දෙක වන Koshy සහ Ayyappan චරිත දෙක කරට කර ගැටෙමින් ඉදිරිපත් කරන්නේ..

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් චිත්‍රපටය මුලින්ම පටන් ගන්නේ රාත්‍රීයේ ඌටි වල මාර්ගයක ගමන් කරන Koshy Kurien (Prithviraj) ගේ වාහනය ට්‍රැෆික් පොලිස් කණ්ඩායමක් මගින් නතරකරන සිදුවීම සමගිනුයි. එහිදි Koshy ගේ වාහනයෙ තිබිල නීති විරෝධී මධ්‍යසාර බෝතල් ප්‍රමාණයක් හොයාගන්නවා.. එ්ත් සමග ඇතිවන කතාබහත් එක්ක බීමතින් සිටින Koshy මේ පොලිස් නිළධාරින් සමග ගැටුමක් ඇති කරගන්නවා.. එහිදි එම ස්ථානයේ සිටි උප පොලිස් පරීක්ෂක Ayyappan (Biju Menon) ඉදිරියට ඇවිත් Koshy ට පහරදීල ඔහුව පොලිස් ස්ථානයට රැගෙන යනවා... ඉතින් Koshy කියන්නෙ හමුදාවෙ හිටපු ඉහල නිළධාරියෙක් වගේම ලොකු ලොකු ඉහල පෙලේ සම්බන්ධතා තියෙන ටිකක් දරුණු කෙනෙක්.... ඉතින් මේ පිලිබදව ඔහුගෙ ජංගම දුරකථන පරික්ෂා කරන පොලිස් නිළධාරින්ට තේරුම් යනවා. ඉතින් Ayyappan නීතියට වැඩ කරන හොඳ පොලිස් නිළධාරියෙක් ඔහු ඉහළ නිළධාරියව දැනුවත් කරලා මේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය ගැන Koshy ට හොදින් කරුණු පැහැදිලි කරල දෙන්න යනවා. එහිදි ඇතිවන මානසික පීඩන තත්වයත් එක්ක Koshy මත්පැන් ටිකක් ඉල්ලනවා බොන්න. ඉතින් Ayyappan විසින් ඔවුන් අල්ලපු මත්පැන් බෝතල් වලින් එකක් අරගෙන කඩල පොරට මත්පැන් ටිකක් දෙනව. ඉතින් මේක Koshy තමන්ගේ ෆොන් එකෙන් වීඩියෝ කරනවා. පසුව Koshy ව සති දෙකකට පමණ සිර ගතකරන ගතකරනව. පසුව පොර එලියට ආපු ගමන් අර වීඩියෝ එක තුලින් උප පොලිස් පරීක්ෂක Ayyappan ගෙන් පළිගැනීමේ මෙහෙයුම ආරම්භ කරනවා. ඉතින් චිත්‍රපටය තුල ඉදිරියට Koshy සහ Ayyappan අතර යන ලොකු ගැටුම තමයි තියෙන්නේ... ඒ ගැටුම කොයි කොයි පැත්තට යාවිද කියලා ඔයාලට චිත්‍ර‍පටිය අරන් බලන්නම වෙනවා...



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]

Due to copyright issues, we do not provide any Movies torrent links.
පිටපත් අයිතින් හා නීති රෙඟුලාසි නිසා මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් පිටපත් අප නිකුත් කර නැත. ඔබට මේ චිත්‍ර‍පටිය පහත බැනර් එකේ දක්වා ඇති වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැකිය



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සමීර කරුණාසේන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Submit Comment